Sandwich toaster එකෙන් කේක් හදමු

අවන් එකක් නැහැ කියල ගෙදරදි කේක් හදාගන්න බැහැ කියල හිතන්න එපා. ගෙදර Sandwich toaster එකක් හරි Waffle iron එකක් හරි තියනව නම් පහසුවෙන්ම මෙන්න මේ විදිහට කේක් හදාගන්න පුළුවන්.

ඕන කරන දේවල් :

  • සීනි මේස හැඳි 2
  • බටර් මේස හැඳි 2
  • පාන්පිටි මේස හැඳි 2
  • බිත්තර 1
  • බේකිං පවුඩර් තේ හැඳි  ½
  • කිරි සහ වැනිලා (ගෙදර තිබෙනවා නම්)

හදාගන්නෙ මෙන්න මෙහෙමයි 

පළමුව සීනි සහ බටර් ගසාගන්න. ඊළඟට බිත්තර එකතුකරගන්න. කිරි සහ වැනිලාත් එකතුකරගන්න. පිටි සහ බේකිං පවුඩර් එකට හලාගෙන හැන්දකින් මිශ්‍රණයට එකතුකරගන්න. සාමාන්‍යයෙන් ටෝස්ට් කරන විදියට ටෝස්ටරය රතවෙන්න තබා බටර් ටිකක් ආලේපකර හදාගත් මිහ්‍රණය එකතුකර ටෝස්ට්කරගන්න.

* චොක්ලට් චිප්ස්, ප්ලම්ස් වගේ දේවල් එකතුකරගෙන රස වැඩි කරගන්න පුළුවන්.

*ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි, අන්නාසි වගේ පලතුරක් සිනි ටිකක් දාල ස්ටූකරල අරගෙන කේක් සැන්ඩ්විච් කරගන්න පුළුවන්.

*උණුකරගත් චොක්ලට් හෝ ජෑම් යොදාගෙන කේක් ටික ග්ලේස් කරගන්න හෝ සැන්ඩ්විච් කරගන්න පුළුවන්.

තේ වෙලාවට හදිසියෙන්ම ගෙදරට ආපු අමුත්තන් පුදුම කරන්න වගේම පලතුරු ටිකක් එක්ක උදෑසන ආහාරයට එක්කරගන්න පුළුවන්. ගෙදරදි පොඩිත්තො එක්ක විනෝදෙට හදන්නත් හොඳ කෑමක්.

– කල්හාරි –

Related Articles

Don't Miss


Latest Articles