පොඩිත්තන්ට රස කෑම..

එක ම ආහාර රටාව පොඩි පැටවුන්ගේ ආහාර රුචිකත්වය ට කරන්නේ ඉතාමත් ම ඒ නරක බලපෑමක්.
ඉතින් අප නිරන්තරයෙන්ම ඔබට ගෙනෙන මේ කෑම එකතුව කෑම කන්නේ නැති පොඩ්ඩක් අල්ලගන්න රසවත් මන්තරයක් වේවි .
පාසලට, පෙරපාසල පාසලට වගේම කෑම නොකන ඕනෑම වෙලාවක අපේ අඩවියට ඇවිත් මේ කෑම වට්ටෝරුවකින් එකක් අත්හදා බලන්නට ඔබට හැකියාව තියෙනවා

බනානා මිශ්‍ර ප්ලම් පුඩින්

අවශ්‍ය දේවල්

  • වැනිලා wafers biscuit ග්‍රෑම් 150
  • ඇඹුල් කෙසෙල් ගෙඩි පහක්
  • මිදි ග්‍රෑම් සීයක්
  • ටින් කිරි ටින් එකක්
  • ක්‍රීම් චීස් ග්‍රෑම් සීයක්
  • සීනි මේස හැඳි තුනක්
  • වතුර කෝප්ප එකක්
  • ජෙලටීන් ග්‍රෑම් එකක්
  • බිත්තර තුනක්

සාදන ක්‍රමය

පුඩින් බෝල් එකක් ගෙන එහි වටේට සහ අඩියට බිස්කට් අතුරා ගන්න.ජෙලටින් ටික උණු වතුර කෝප්ප භාගයකට දියකරගන්න. ඉන්පසු ලිප තැබිය හැකි භාජනයක් ගෙන එයට කිරිඑක දමා වතුර කෝප්පය සහ බිත්තර කහමද එකතු කර හොඳින් උණු කර ගන්න .මිශ්‍රණය උතුරන විට ලිපෙන් ඉවත් කරගන්න ඉතාමත් හොඳින් හොඳින් නිවෙන්නට හරින්න . ඉන් පසු බිත්තර සුදු මද හොදින් බීට් කර නිවාගත් කිරි මිශ්‍රනයට දමා කලවම් කරන්න .දැන් ක්‍රීම් චීස් රැගෙන එය මදක් බීට් කර එයටම එකතු කරන්න .මිදි  සහ කපාගත් කෙසෙල් ද එක් කර හොඳින් කලවම් කර සාදාගත් පුඩින් බෝල් එකකට දමා ශීතකරණයේ තබා සෙට් වීමට හරින්න. අවශ්‍ය විට පිලිගන්වන්න.

Related Articles

Don't Miss


Latest Articles