මී කිරි කියන්නේ ඉතාමත්ම සුලබ ගුණදායක ආහාරයක්. මී කිරි මිශ්‍ර කර හදන මේ ආහාරය ඔබේ කෑම මේසයට පෝෂණය සමග නව පෙනුමක්, සතුටක් රැගෙන එයි කියලා අප සිතනවා.
අවශ්‍ය ද්‍රව්‍ය:
- තීරු කපාගත් කැරට් ග්‍රෑම් 100
- තීරු කපාගත් වම්බටු ග්‍රෑම් 100
- තීරු කපාගත් අල ග්‍රෑම් 100
- තීරු කපාගත් බෝංචි ග්‍රෑම් 100
- මී කිරි අඬු කෝප්ප 1
- කොත්තමල්ලි කොළ මේස හැඳි 1
- සූදුරු කුඩු තේ හැඳි ¼
- සූදුරු ඇට තේ හැඳි 1
- දෙහි ගෙඩියක ඇඹුල්
- ලුණු ස්වල්පයක්
- බිත්තර 2
- පාන්පිටි ස්වල්පයක්
සාදන ක්‍රමය:
පළමුව මී කිරිවලට කොත්තමල්ලි කොළ, සූදුරු, දෙහි ඇඹුල්, ලුණු, මිශ්‍ර කර පසෙකින් තබන්න. කපාගත් එළවලු වලට පාන්පිටි ස්වල්පයක් දමා මිශ්‍ර කර පසෙකින් තබන්න. බිත්තර 2 හොඳින් ගසා එයට පාන්පිටි ටිකක්, පොල්කිරි ස්වල්පයක් සූදුරු ඇට තේ හැඳි 1 එකතු කර බැටරය සාදන්න. කපාගත් එළවලු මෙහි දවටා ගැඹුරු තෙලේ රන්වන් පාටට බදින්න. බැදගත් එළවලු දීසියක අතුරා මීකිරි මිශ්‍රණය උඩින් දමන්න.
– චම්මි –