සිහිනය යථාර්ථයක් බවට පත් කරගත් මලීෂා කර්වා

මුම්බායි හි ධාරාවි ගම්මානයේ ජීවත් වන 15 හැවිරිදි දැරියක් වන මලීෂා කර්වා ගැන ඔබ අසා තියෙනවද? ඇය  සම සම්බන්ධ සුඛෝපභෝගී සන්නාමයක් වන Forest Essentials හි නිරූපිකාව බවට පත්ව තියෙනවා. Forest Essentials විසින් ඇයව මේ වසරේ මාර්තු මාසයේදී ඔවුන්ගේ නව ‘යුවති’ ලෙස ලොවට හඳුන්වා දුන්නා. 

මෙය මලීෂාගේ පුද්ගලික ජයග්‍රහණයකින් ඔබ්බට ගිය එකක්. මේ සන්නාමය මඟින් අඩු වරප්‍රසාද ලත් දරුවන් අධ්‍යාපනය තුළින් සවිබල ගැන්වීමට උත්සාහ කරනවා..ඒ වගේම ඔවුන්ගේ සිහින යථාර්ථයක් බවට පරිවර්තනය කිරීමට ඔවුන්ට උපකාර කරනවා. මෑතකදී, Forest Essentials විසින් මලීෂා ඇගේ ප්‍රචාරක ඡායාරූප සහිත වෙළඳසැලකට යන ආකාරය පිළිබඳ ක්ලිප් එකක් පළ කළා. ඇයගේ අතිශය සතුටුදායක ප්‍රතිචාරය මිනිසුන්ගේ හදවතට කතා කරන්නට සමත් වුණා.

සමාගම ඒ වීඩීයෝවට ඉහළින් උද්ධෘතයයක් යොදා තිබුණා.

“ඇගේ මුහුණ පිරිසිදු ප්‍රීතියෙන් ආලෝකමත් වෙලා. ඇය ඉදිරියෙහි ඇගේ සිහින දැකීම සැබෑ වී අවසන්.මලීෂාගේ කතාව සිහින සැබෑ වන බවට සුන්දර මතක් කිරීමක්.”

අප්‍රේල් 4 වෙනිදා බෙදාගත් දින සිට, වීඩියෝව නැරඹීම් මිලියන 6.2 කට වඩා නරඹා ඇති අතර නැරඹුම්වාර තවමත් ගණන් කරමින් පවතිනවා. බොහෝ දෙනෙක් වීඩියෝවේ අදහස් දැක්වීම් අංශයට පවා පැමිණ ඔවුන්ගේ අදහස් පළ කලා.

“ඇයට බැබළීමට මෙම අවස්ථාව ලබා දීම ගැන ඔබට ස්තූතියි.”

“සැබෑ ස්වභාවික සුන්දරත්වයක් ඇති කෙනෙකු මෙයට තෝරා ගත්තාට ස්තූතියි.”

“ඇගේ සිහින ඔබේ සිහිනය ලෙස ගෙන ඇයව ඔබේ පියාපත් යටට ගෙන ඇයව ඉහළට පියාසර කරවීම ගැන ප්‍රසංසා කරනවා”

වැනි අදහස් එහි පළවී තිබුණා.

ඔවුන්ගේ නව ව්‍යාපාරයේ නිරූපිකාව ලෙස ඇයව හඳුන්වා දීමෙන් පසු, Forest Essentials සන්නාමය ඇයව සම්මුඛ සාකච්ඡාවකට ලක් කළා. එහිදී ඇය ප්‍රශ්න 13 කට පිළිතුරු ලබා දුන්නා. ප්‍රියංකා චොප්රා ඇගේ ආභාසය බව මලීෂා හෙළි කළා. Nora Fatehi ගේ නර්තන කුසලතා සඳහා ඇයගේ කැමැත්ත ද පළ කළා. ඇය නර්තනයක් පවා ප්‍රදර්ශනය කළ අතර ඇගේ ප්‍රියතම ගීතය ගායනා කළා.

සුපිරි නිරූපිකාවක් වීමට අපේක්ෂා කරන මලීෂා කර්වා, ඇයගේ ඉන්ස්ටග්‍රෑම් සහෘදයන් ලක්ෂ 2.3 ක් සමඟ නිරන්තරයෙන් ඇගේ ජීවිතය බෙදා ගන්නවා. ඇය බොහෝ විට ඇගේ පළ කිරීම් සමඟ #theprincessfromtheslum යන හැෂ් ටැග් එක භාවිතා කරනවා.

ඇය පැල්පත් නිවැසි දැරියක්. එහි ජීවත් වීම වේදනාවක් හෝ ලැජ්ජාවක්දැයි අසන අය ඕනෑ තරම්.

“ඒ ප්‍රශ්නය මාව කලබලයට පත් කරනවා.මම මගේ ගෙදරට ආදරෙයි. මං ජීවත් වෙන්නේ එතැන.”

ඇය ඉහළ සන්නාම තානාපතිනියක වන්නට පෙර ඇයට කන්නට දෙයක්වත් හරියට තිබී නැහැ.

නමුත් ජීවිතය පුදුමාකාර එකක්. පැල්පතෙන් උපන් කුමරිය නිරූපණ ක්ෂේත්‍රයේ බොහෝ දුරක් ඇවිද යාම සහතිකයි.

Related Articles

Don't Miss


Latest Articles