සිරුරේ බර වේගයෙන් අඩුකරන ලොව පුරා ජනප්‍රිය Intermittent Fasting ඔබටත් ගැලපෙනවා ද?

කෙට්ටු වෙන්න නානාප්‍රකාර දේවල් අත්හදා බලන ඔබ intermittent fasting ගැන අහලා ඇති නේද? එයින් අදහස් වන්නේ වරින් වර නිරාහාරව සිටීම යන්නයි. ඒ කියන්නේ දවසේ යම්කිසි කාල සීමාවක් ආහාර අරගෙන ඉතුරු කාල සීමාවේ ආහාර නොගෙන සිටීමයි.

මේ ක්‍රමය දැනට ලෝකයේ ජනප්‍රිය බර අඩු කිරීමේ ක්‍රමයක්.ඒ විතරක් නෙවෙයි මේ ක්‍රමය අපේ සිරුරේ පරිවෘත්තීය සෞඛ්‍ය වැඩි දියුණු කරන්න, දීර්ඝායුෂ ලබා ගන්න සහ රෝගවලින් ආරක්ෂා වෙන්න හේතුවක් බව පැවසිය යුතුම වෙනවා.

Fasting කළ හැකි ක්‍රම.

ඔබ නිරාහාරව ඉන්න කාලය තෝරා ගන්න ඕනෑ. මෙය ක්‍රම කිහිපයකට කරන්න පුලුවන්.

16/8 ක්‍රමය. – The 16/8 method

දිනකට පැය දහසයක් නිරාහාරව සිටීමේ ක්‍රමයයි.

මෙය කරන්නට වඩාත් සුදුසු වන්නේ ඔබ හවස හතරට ආහාර ගෙන පැය දහසයක් නිරාහාරව සිටීමෙන් පසු පසුවදා උදේ අටට උදෑසන ආහරය ගැනීමෙන්. පහත වගුවෙන් ඔබට ඒ ගැන සම්පූර්ණ අදහසක් ගන්න පුලුවන්.

ඒ වගේම ආහාර නොගත්තාට ඔබට කෝපි එකක් , තේ එකක් බොන්න පුලුවන්.

Eat Stop Eat method

සතියට දින දෙකක් තෝරා ගත් පැය විසිහතරක්ම නිරාහාරව ඉන්න. නමුත් සතියේ ඉතිරි දිනවල සාමාන්‍ය පරිදි ආහාර ලබා ගන්න.

5:2 ක්‍රමය The 5:2 Diet

මේ ක්‍රමයෙන් සිදු වෙන්නේ ඔබ සතියට දින පහක් සාමාන්‍ය පරිදි ආහාර ලබා ගැනීම සහ තෝරා ගත් දවස් දෙකක් කැලරි 500-600 අතර ආහාර ලබා ගැනීමයි.

දවසක් ඇර දවසක් නිරාහාරව සිටීමAlternate Day fasting

සතියේ දින තුනක් ඔබට නිරාහාරව ඉන්නට සිදු වෙනවා.  සම්පූර්ණයෙන්ම නිරාහාරව සිටීම හෝ අඩු කැලරි ආහාර ලබා ගැනීම තෝරා ගන්න. ඉතිරි දින හතර සාමාන්‍ය පරිදි ආහාර ගන්න පුලුවන්.

මේ වඩාත් ප්‍රචලිත ක්‍රම ලෙස හඳුන්වන්න පුලුවන්.

මේ කරුණු ගැන සැලකිලිමත් වීම වැදගත් 

  • Intermittent Fasting ලෝකය පුරා ප්‍රචලිත ක්‍රමයක් වූ පමණින් එය ඔබට 100% ගැලපෙන බව කියන්න බැහැ. 
  • ඔබ යම් රෝගයක් සහිත කෙනෙක් නම් උදාහරණයක් ලෙස ගෑස්ට්‍රික් රෝගයෙන් ඔබ පීඩාවට පත්වෙන අයෙක් නම් මේ ක්‍රමය ආරම්භ කිරීමට පෙර අනිවාර්යයෙන් වෛද්‍ය  උපදෙස් ගත යුතුමයි.
  • ඒ වගේම ඔබ ගර්භනී නම්,කිරිදෙන මවක් නම් මෙය ඔබට ගැළපෙන්නේ නැහැ.
  • ඒ වගේම සමහර කාන්තාවන්ගේ හෝමෝන් වෙනස්කම් නිසා මෙය ඔබට ඵල රහිත වෙන්නත් පුලුවන්. එවැනි අවස්ථාවල පෝෂණවේදී උපදෙස් අනිවාර්යයෙන් ලබා ගන්න.
  • වැදගත්ම කාරණය තමයි ඔබ මේ ක්‍රමයට හුරු වූ පසු ආහාර ගන්නා අවස්ථාවන්වලදී Junk foods ආහාරයට ගන්නම එපා. 
  • පෝෂ්‍යදායක එළවලු, පළතුරු සහ ඇට වර්ග ආහාරයට ගන්න. නැත්නම් මෙය කිරීමේ තේරුමක් නැහැ. නිතරම ආහාරවල කැලරි ගැන සැලකිලිමත් වීමත් වැදගත්. ආහාර ගන්න කාලය තුල ලබා ගන්නා කැලරි ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න.
  • විශේෂයෙන් තන්තුමය ආහාර, ප්‍රෝටීන් සහිත ආහාර ලබා ගැනීම ඉතාම වැදගත්.
  • මේ ක්‍රමය කරද්දී ඔබේ බර යම් කලකදී අඩු නොවී තිබිය හැකියි .එවැනි අවස්ථාවලදී කුමන කරුණක් නිසා බර වෙනස් නොවේදැයි සැලකිලිමත් වීම වැදගත්.

කෙට්ටු වීම උන්මාදයක් කරගෙන ඔබට හානිදායක කිසිවකට යොමු වන්න එපා. ඔබේ සිරුර එය ප්‍රතික්ෂේප කරනවා නම් අවදානමක් ගැනීම කිසිසේත් නොකළ යුතු බව තරයේ මතක තබා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles