සහකරු සමග සරාගී ආදරණීය ලිංගික අත්දැකීමක් සඳහා කළ යුතු ම දේවල්

මේ කාර්‍යබහුල ජීවන රටාවත් එක්ක ගොඩක් වෙලාවට අපි ඉන්නේ මානසික පීඩනයකින්. සෙක්ස් කියන්නෙ ඒ පීඩනය අඩුකරන මාර්ගයක්. Sexually spice up වෙන්න හැමෝම recommend කරන දෙයක් තමයි පොඩ්ඩක් එළියට යන්න. ගිහින් හොටෙල් එකක නවතින්න කියන එක. ඒත් ඔයාට ඒකට මුදල් හරස් වෙනවා නම්, අද අපි කියලා දෙන්න යන්නේ ඒක පහසුවෙන් කරගන්න පුළුවන් රහසක්. හැමදාම ඔයයි එයයි ලිංගික ව එකතු වෙන පරිසරය ටිකක් සෙක්සි රොමෑන්ටික් විදියට හදා ගන්න හැටියි අද කියන්න යන්නේ.

මේකට පොඩි කාලයක් ශ්‍රමයක් ඕනෙ වෙනවා. ඒත් ප්‍රථිඵල නම් විස්මිත බව කියන්න පුළුවන්.කොහොමද මෙහෙම කරන්නේ?

මුලින් ම කාමරේ අස් කරන්න.

හැඩිවෙලා තියෙනවා නම් කාමරය අස් කරන්න. අනවශ්‍ය දේවල් ඉවත් කරන්න. ඔයාට ලොකු ඉඩක් නැත්නම් තියෙන දේවල් කාමරයේ තියන්න ම ඕනෙ නම් ඒවා පිළිවෙලකට අසුරන්න. දූවිලි ඇති තැන් සේරම පිහිදලා පිරිසිදු කරන්න. රෙදි පිරිසිදු කරන්න.කොට්ට මෙට්ට අව්වට දාන්න. දාලා තිබුණ පරණ බෙඩ්ශීට්ස් වෙනුවට හෝදලා අව්වේ වේලපු සුවඳ හමන බෙඩ්ශීට් එකක් දාන්න. කොට්ට උරත් මාරු කරන්න.

ආලෝකය ගැන සැලකිලිමත් වෙන්න.

ඔයා තමයි ඔයාගෙයි එයාගෙයි කැමැත්ත දන්නේ. සමහර විට ඔයාලා ආසා තද ආලෝකයක් හෝ මොකක් හරි වර්ණයක ආලෝකයක් නම් ඒ පාට බල්බ් එකක් දාගන්න. නැත්නම් ඉටිපන්දම් කීපයක්, ඒවා පත්තු කරන්න ලස්සන ඉටිපන්දම් රඳවනයක්, ගිනිපෙට්ටියක් හෝ ලයිටරයක් ලෑස්ති කරලා ම තියාගන්න. අන්තිම මොහොතේ ගිනිපෙට්ටියක් හොයන්න දුවන්න තියාගන්න එපා.

කාමරේ සුවඳවත් කරන්න.

නිදන කාමරෙන් හොඳ සුවඳක් එනකොට ඔයාගෙ මානසික සුවය ඉහළ යනවා. ලිංගික හැඟීම් වැඩිවෙනවා. ඉතින් මේ සුවඳත් ඔයා ආස විදියට හදාගන්න. ස්වභාවික සුවඳවල්වලට ආසයි නම් මල් පොකුරක් ගෙනත් තියාගන්න. එහෙම නෙවෙයි නම් air freshner එකක්, aroma diffuser එකක් පාවිච්චි කරලා අවශ්‍ය සුවඳ ලබා ගන්න. හැමවෙලේම ඔයාලා දෙන්නගෙම කැමැත්ත බලලයි මේක කරන්න ඕනෙ. නැත්නම් ඔයාට සුවඳ දේ එයාට ඔලුව කැක්කුම එනවා නම් ඔයාලගෙ දවස අපරාදෙ වෙනවානෙ.

පෞද්ගලික පිරිසිදුකම ගැනත් සැලකිලිමත් වෙන්න.

වෙනදට වඩා ටිකක් වැඩිපුර පිරිසුදු වෙන්න. බොඩි ස්ක්‍රබ් එකක් එහෙම කරාට කමක් නෑ. ඒ වගේ ම අපේ සෙක්සි lingerie ආටිකල් එකත් කියවලා බලන්න.

ඔන්න දැන් පරිසරය සකසලා ඉවරයි. දැන් තියෙන්නේ සරාගී රැයක උණුසුම විඳින්න විතරයි. ඉතින් අපෙන් සුබ පැතුම්

Related Articles

Don't Miss


Latest Articles