ලිංගික ජීවිතේ සතුට වැඩි කරන සරාගී යට ඇඳුම් ගැන දැන ගනිමු

ඔයාගෙ ලිංගික ජීවිතේ රස තව ටිකක් වැඩිකරන්න පුළුවන් රහසක් තමයි අද මම ඔයාලට කියන්නේ. ඒ තමයි සරාගී යට ඇඳුම් ඇඳීම. යට ඇඳුම් කිව්වට මේ අපි කතා කරන්නේ underwear ගැන නෙවෙයි. Lingerie ගැනයි.

මොකක්ද underwear එකකයි lingerie එකකයි වෙනස?

Lingerie සියල්ල Underwear වන නමුත්, underwear සියල්ල lingerie නොවෙයි. තේරුණේ නෑ නේද? Underwear එකක් කියන්නේ අපි අපේ ශරීර අවයවයක් පහසුවෙන් තියාගන්න, රඳවා තියාගන්න උඩින් අඳින ඇඳුමට යටින් අඳින ඇඳුමක්. එය සුවපහසු වීම තමයි වඩා වැදගත් වන්නේ. ඒක ලස්සනද කැතද කියලා බලනවට වඩා ඇන්දට පස්සෙ පහසුව කොයි වගේ ද කියලා තමයි සාමාන්‍යයෙන් හිතන්නේ. Lingerie මීට වඩා වෙනස්. Lingerie කියන්නෙත් යට ඇඳුම් තමයි. නමුත් සුවපහසුවට ඔබ්බෙන් ගිය සෞන්දර්යාත්මක වටිනාකමක් මේ lingerie වලට තිබෙනවා. ගැහැණියකගේ සරාගීබවත්, අනුරාගීබවත් වැඩිකරන්නට lingerie වලට හැකියාව ලැබෙන්නේ මේ සුන්දර බව නිසාමයි. මේවා යට ඇඳුම් ලෙස වගේම රාත්‍රී නිදන ඇඳුම් විදිහටත් ඩිසයින් කරලා තියෙනවා.

සරාගීබව වැඩිවෙන්නට lingerie වල ඇති සුවිශේෂීතා

  • සෞන්දර්යාත්මක විදිහට නාරි ලාලිත්‍යය ඉස්මතු වෙන්න නිර්මාණය කර තිබීම.
  • ලේස් රෙදි යොදා ගැනීම
  • රතු, කලු වැනි සරාගී යැයි සම්මත වර්ණ වැඩි වශයෙන් යොදා ගැනීම.
  • අවස්ථානුකූල ව ලෙදර්වලින් නිර්මාණය කිරීම.
  • සැටින් රෙදි භාවිතා කිරීම

ජනප්‍රිය lingerie කීපයක් බලමු ද?

Barbie doll lingerie

Lingerie අතර ඉතා ජනප්‍රිය විලාසිතාවක් තමයි මේ. සැටින් රෙදි වලින් සහ ලේස් විලාසිතාවන්ගෙන් නිම වූ සරාගී ඇඳුම් විශේෂයක්. එයා ඔයාගෙ ස්ත්‍රීබවට, ඔයාගෙ ගෑණුකමට, ඔයාගෙ feminine energy එකට ගොඩක් ආසයිනම් ඔයා මේක ඇන්දොත් එයාට ඉන්න තැනත් අමතක වෙයි ඔන්න.

Classy Satin night dress

ඔයාව සන්සුන්, නමුත් සරාගීව දකින්න කැමති එයාව පුදුම කරන්න ඔයාට මේ ඇඳුම පාවිච්චි කරන්න පුළුවන්. ලේස්වලින් නිමවුණ බ්‍රා එකක් පෑන්ටි එකක් එක්ක ඇඳල ම බලන්න.

Corset

වික්ටෝරියානු කාලෙ ඉඳන් ම ස්ත්‍රී ලාලිත්‍යය වැඩි කරලා පෙන්වන්න භාවිතා කරපු ඇඳුමක් තමයි මේ. මේ වන විට මේක විලාසිතාවන්ගෙන් පිරිලා විවිධ වර්ගයේ ඒවා මිලට ගන්න පුළුවන්. ලේස් වලින් නිමවුණ ලස්සන corset එකක් අඳින්න උත්සාහ කරලා බලන්න. මේක ඇඟට තද වෙන නිසා බඩ ටිකක් වැඩි වුණත් පේන්නෙ නම් නෑ.

Role play lingerie

මේක නම් ටිකක් සංකීර්ණ මාතෘකාවක්. ඔයාල දෙන්නා ටිකක් වෙනස් එහෙම නැත්නම් මොකක් හරි Role play sex activity එකක් කරන්න බලන් ඉන්නවා නම් මේ ඇඳුම් ඔයාටමයි.

Leather lingerie

ලෙදර් වලින් හදන මේ lingerie භාවිතා කරන්නේ BDSM වගේ sexual acts වලට. එයා BDSM වලට ආසාවෙන් ඉන්න කෙනෙක් නම්, ඔයාට මේකක් ඇඳලා එයාව පුදුමයට පත් කරන්න පුළුවන්.

ලංකාව වගේ දරුවොත් එක්ක නිදාගන්න, මහගෙවල් වල ඉන්න බිරින්දෑවරුන්ට මේ ඇඳුම් අඳින්න අපහසුවෙන්න පුළුවන්. ඇත්තටම මේවා අඳින්න ඕනෙමයි කියලා නැහැ. ඔයාගෙ පාට්නර් එක්ක කතා කරන්න. එයාගෙ ආසාවල් ඔයාගෙ ආසාවල් හඳුන ගන්න. ඔයාලා කැමතියි නම්, දරුවො නැති දවසක, ගෙදර කට්ටිය නැති දවසක උත්සාහ කරලා බලන්න. ඔයාගෙ ජීවිතේ නොහිතන වෙනසක් වේවි.

Related Articles

Don't Miss


Latest Articles