උදෑසන ලිංගික එක්වීම්වලින් ලැබෙන ඔබ නොසිතන වාසි

ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක් ජොබ් එකක් කරලා එක්කෙනෙක් ගෙදර ඉන්නවා නම් ගොඩක් වෙලාවට ජොබ් එක කරන කෙනා රෑට සෙක්ස් කරන්න අකමැති වෙන්න පුලුවන්. සමහර විට දවසම මහන්සි වෙලා ඇවිත් ඇත්තට ම අපහසු වෙන්න පුලුවන්. ඒ වගේ ම දරුවො බලාගෙන ගෙදරට වෙලා ඉන්න වයිෆ්ටත් මේ ප්‍රශ්නෙම තියෙන්න පුලුවන්. මොකද දරුවො බලමින් ගෙදර වැඩ ටිකත් කරනවා කියන්නෙ ම ජොබ් එකක් තරම් ම මහන්සි දෙයක් නිසා. ඉතින් ඔයාලගෙ ලිංගික ජීවිතේ මහන්සි නිසා මග ඇරෙන්න දෙනවද? සෙක්ස් කියන්නෙ රෑට විතරක් කරන දෙයක් නෙවෙයිනෙ. අන්න ඒ නිසයි අද ඔයා එක්ක මේ morning sex එහෙම නැත්නම් උදෑසන ලිංගික එකතුවීම් ගැන කතා කරන්න හිතුවෙ. මේ මගින් ඔයාලා දෙන්නගෙ ආදරේ වැඩි වෙනවා විතරක් නෙවෙයි, සෞඛ්‍යමය වාසි ගොඩක් ලැබෙනවා. අපි ඒ ගැන කතා කරමු. 

මානසික ආතතිය නැති වෙනවා. 

පවුලක ඉන්නකොට, ජොබ් එකක්  කරනකොට වගේ ම ආර්ථික ප්‍රශ්න වගේ එක එක දේවල් නිසා මානසික ආතතිය ඇති වෙන එක සාමාන්‍යයෙන් සිදු වෙන දෙයක්. උදේට සෙක්ස් කරන්න ගත්තට පස්සෙ ඔයාගෙ මානසික ආතතිය අඩු වෙනවා. ඔයාගෙ ආතතියට බලපාන හෝමෝන අඩු වෙලා සතුටු හෝමෝන නිදහස් වෙනවා. උදේ ම සතුටු හෝමෝන එක්ක දවස පටන් ගත්තාට පස්සෙ ඔයාගෙ දවස ම ප්‍රබෝධමත් ව සතුටින්, ආතතියකින් තොර ව ගත කරන්න ඔයාට පුලුවන්.

උදේට ඇති වෙන කම්මැලිකම නැතිවෙනවා.

සාමාන්‍යයෙන් නින්දකින් අවදි වුණාට පස්සෙ අපිට උදේ වැඩටික කරගන්න හරි ම කම්මැලිකමක් දැනෙනවා. ඒත් ඔයා මේ morning sex වලට පුරුදු වුණාට පස්සෙ ඔයාට උදේට ඇහැරෙන්න හොඳ හේතුවක් තියෙනවා. ඒ ගැම්මෙන් ම දවසේ අනිත් වැඩ ටික සතුටින් ම ප්‍රබෝධමත් ව පටන් ගන්න ඔයාට හැකියාව ලැබෙනවා. 

ව්‍යායාම් කරන්න වෙලාවක් නැති ඔයාට මේක අමතර චාන්ස් එකක්.

උදේට ව්‍යායාම් කරලා දවස පටන් ගන්න තියෙනවා නම් කොච්චර දෙයක් ද ? ඒත් විවිධ හේතු නිසා ඔයාට උදේට ව්‍යායාම් කරන්න බැරි වෙන්න පුලුවන්. තරමක වෙලාවක් අරන් සෙක්ස් කරනකොට ඔයා ඇඟ වෙහෙසවලා වැඩ කරනවා. ඔයා නොදැනුවත් ව ම උදේට ඔයාගෙ ඇඟට ව්‍යායාම් ටිකකුත් ලැබිලා. ව්‍යායාම් කරා වගේ ම ප්‍රබෝධමත් ව දවස පටන් ගන්න උදේට සෙක්ස් කරන ඔයාට පුලුවන්කම ලැබෙනවා. 

ඔයාගෙ මූඩ් එක ෆික්ස් වෙලා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා.

ඔයා උදේ ම සෙක්ස් කරනකොට endorphins ඔයාගෙ ශරීරයට මුදා හරිනවා. ඔයා සුරතාන්තයක් ලබනකොට ඔයාට සතුට ලැබීමෙන් තමයි මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. ඉතින් මේ සතුටු හෝමෝන නිසා ඔයාගෙ දවස උදේ ඉඳන් ම සතුටු මූඩ් එකකින් පටන් අරගෙන පවත්වාගෙන යන්න ඔයාට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔයාගෙ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරමින් අහිතකර බැක්ටීරියා සමග සටන් කරන්න ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නත් උදේ කාලයේ සෙක්ස් කිරීම තුලින් හැකියාව තියෙනවා. 

ඔයාගෙ තරුණ පෙනුම රැක දෙනවා.

ඔයා සෙක්ස් කරනකොට ඔයාගෙ ඇඟෙන් සතුටු හෝමෝන ගොඩාක් නිකුත් වෙනවා. ඔක්සිටොක්සින්, බීටා එන්ඩොර්ෆින් වගේ හෝමෝන උදේ ම ශරීරයට නිකුත් වෙන්න ගත්තා ම ඔයාගෙ තරුණ පෙනුමට ඒක සෘජුව ම බලපානවා. සතියට තුන් වතාවක්වත් ලිංගික ක්‍රියාකාරකම් කරන යුවළකගේ තරුණ පෙනුම ඉහළ බවයි අධ්‍යන වලින් කියවෙන්නේ.

කාලය ගැන ගැටලුවක් ඇතිවෙන්නේ නෑ. 

දවසම වැඩ කරලා හරි ම මහන්සියෙන් දවසේ වැඩ නිමා කරලා  ඇඳට ආවා ම ගොඩක් දෙනාට නින්ද යනවා. එහෙම නැත්නම් සෙක්ස් කළත් හරි ම මහන්සියෙන් ඉක්මනින් ඉවර කරන්නයි බලන්නේ. නමුත් ඔයා මහන්සියෙන් ඇඳට ඇවිත් ඉක්මනින් නිදාගෙන උදේට සෙක්ස් කරන්න ගත්තා ම ඔයාට හොඳ නින්දකුත් ලැබිලා නිසා කාලය අරගෙන නිදහසේ ලිංගික එකතු වීම් කරන්නට පුලුවන්. කාලය වැඩි වෙන්න වෙන්න ආදරේ වැඩි වෙන බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේද? 

උදෑසන කාලයට ගැළපෙන sex position ගැන අපි ඊළඟ ලිපියෙන් කතා කරමු.

ReplyForward

Related Articles

Don't Miss


Latest Articles