ප්‍රෙග්නන්ට් නොවී සෙක්ස් කරන්නෙ කොහොමද?


සෙක්ස්(sex) කරන්න ගොඩක් අය ආසයි. හැබැයි සෙක්ස් කරනකොට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි එයා ප්‍රෙග්නන්ට්(pregnant) වෙන්න පුළුවන්කම. ලංකාවෙ තාම ගබ්සාව නීතිගත නැති හින්දා අනවශ්‍ය වෙලාවක දරුවෙක් පිළිසිඳුණොත් සෙක්ස්(sex) කිරිල්ලයි ළමයි හැදිල්ලයි දෙකම එපා වෙන්න පුළුවන්. ප්‍රෙග්නන්ට් නොවී සෙක්ස්(sex) කරන්නේ කොහොමද කියලා බලමු ද?

ප්‍රෙග්නන්ට් වෙන්නෙ කොහොමද ?

මුලින් ම ඔයා දැනගන ඉන්න ඕනෙ ප්‍රෙග්නන්ට් වෙන්නෙ කොහොමද කියන එක. සාමාන්‍යයෙන්, නීරෝගී කාන්තාවකගේ සරු කාලය ඇතුළතදි ඒ කියන්නෙ එයාගෙ ඩිම්බකෝෂවලින් ඩිම්බ නිකුත් වෙන කාලයේදී එයා සරු ශුක්‍රාණු සහිත පිරිමියෙක් එක්ක සෙක්ස් කළොත් එයා ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන් හැකියාව ඉතා ම ඉහළයි. හැබැයි මෙහෙමයි! ඔය සරු කාලය කියන එක එක එක කාන්තාවගෙන් කාන්තාවටත්, සමහර වෙලාවට එක ම කාන්තාවගේ ඔසප් චක්‍රයෙන් චක්‍රයට පවා වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒකයි දොස්තර මහත්තුරු කියන්නෙ 100% ගැබ් ගැනීම් වළක්වන එක ම උපත් පාලන ක්‍රමය සෙක්ස්(sex) නොකර ඉන්න එක විතරයි කියලා.

ප්‍රෙග්නන්ට් නොවී සෙක්ස් කරන්නෙ කොහොමද?

මෙතනදි අපි භාවිතයේ පහසුවට සෙක්ස් කරනවා කියලා කිව්වට, ඇත්තට ම සෙක්ස් කරනවා කියන්නෙ එයාගෙ ලිංගික අවයවයට ඔයාගෙ ලිංගික අවයවය ඇතුල් කරාට පස්සෙ ඉඳන් සුරතාන්තය දක්වා තියෙන පොඩි වෙලාව විතරක් නෙවෙයි. ඒක ඊට වඩා සංකීර්ණ කාරණාවක්. ඔයා ඉන්නෙ ආදර සම්බන්ධයක නම්, ඔයා කතා කරන හිනා වෙන විදියෙන් පවා එයාගෙ ලිංගික හැඟීම් උද්දීපනය වෙනවා. හරි අපි මාතෘකාවට එමු.

හොඳ උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.

හොඳ උපත් පාලන ක්‍රමයක් ඔයාලා දෙන්නා භාවිතා කරනවා නම් ප්‍රෙග්නන්ට් වීමේ හැකියාව හරි අඩුයි. තේරුණා නේද? ප්‍රෙග්නන්ට් වෙන්නෙ නෑ නෙවෙයි. ප්‍රෙග්නන්ට් වීමේ හැකියාව අඩුයි. ඉතින් ඔයාලට ගැළපෙන ම උපත් පාලන ක්‍රමය මොකක්ද කියලා වෛද්‍යවරයෙක් එක්ක කතා කරලා තෝරගන්න එක තමයි සුදුසු ම. පෞද්ගලික වෛද්‍යවරුන් විතරක් නෙවෙයි ඕනෑම රජයේ රෝහලකට ගියත් ඔයාට මේ වැඩේ ගැන හොඳට ම දැනුවත් වෙන්නත් අවශ්‍ය දේවල් ලබා ගන්නත් පුළුවන්.

රේන්කෝට් දානවද වැස්සෙ තෙමෙනවද?

කොන්ඩම් කියන්නෙ හැම අතින් ම වාසිදායක උපත් පාලන ක්‍රමයක්. හෝමෝන ඇඟ ඇතුළට එන්නෙත් නෑ. නිවැරදි ව භාවිතා කළොත් බබා හම්බවීමේ හැකියාව ඉතා ම අඩුයි. ඒ නිසා “අනේ එයා කොන්ඩම් දාන්න කැමති නෑනෙ” වගේ කතා නොකියා වගකීමක් ඇති වැඩිහිටියන් විදියට, සෙක්ස් කිරීමේ අරමුණ දරුවො හැදීම නෙවෙයි නම් අවම වශයෙන් කොන්ඩම් භාවිතා කරන්න. ඔයා කොල්ලෙක් වුණත් කෙල්ලෙක් වුණත් අවුරුදු 18 වැඩි ලිංගික ව සක්‍රීය ජීවියෙක් නම් කොන්ඩම් පැකට් එකක් ළඟ තියාගන්න එක වරදක් නෙවෙයි.

කොටුවට ටිකට් අරන් මරදානෙන් බහිනවද?

Pull out මෙතඩ් කියන්නෙ හරි ම ජනප්‍රිය උපත් පාලන ක්‍රමයක්. ඔයාට ශුක්‍රාණු පිට වෙන්න ඔන්න මෙන්න තියලා vagina එකෙන් ඔයාගෙ ලිංගික අවයවය එළියට අරන් එළියෙදි ශුක්‍රාණු පිට කරනවට තමයි මෙහෙම කියන්නේ. හැබැයි මේක හරි ම අනතුරුදායක වගේ ම වගකීම් රහිත උපත් පාලන ක්‍රමයක්. Precum එහෙම නැත්නම් ඔයා ලිංගික උත්තේජනය වෙනකොට ඔයාගෙ ශිෂ්ණයෙන් නිකුත් වෙන වතුර පාට තරලයේ පියවි ඇසට නොපෙනෙන ශුකාණු තියෙන්න පුළුවන්. ඒ නිසා නොදැනුවත්ව ම ශුක්‍රාණු පිට වෙලා තියෙන්න පුළුවන්. එයාගෙත් ඩිම්බහරණය(ovulation) කාලසීමාව නම් අනිවාර්යයෙන් බබා හම්බ වෙනවාමයි! යන්න කලින් එළියට ගන්න එක අසාර්ථක ක්‍රමයක් වෙන්නේ එහෙමයි.

සෙක්ස් කරනවා කියන්නේ ඇතුළට දාන එක විතරක් නෙවෙයි!

ඇතුළට දැම්මාම ප්‍රෙග්නන්ට් වෙනවා නම් නොදා ඉන්න බැරි ද? පුළුවන්. මුඛ සංසර්ගය(oral sex), ගුද සංසර්ගය(anal sex) තියෙන්නේ ඒකට තමයි. හැබැයි ඒවා වුණත්, පටන් ගත්ත වෙලාවේ ඉඳලා යෝනි මාර්ග සංසර්ගයේ යෙදිලා ශුක්‍රාණු පිටවෙන්න විතරක් වෙන පාරක් හොයාගන්න ගියොත් වැඩේ කොට උඩ! මතකනෙ. Precum වල ශුක්‍රාණු තියෙනවා!

ඔන්න දැන් ඔයා ප්‍රෙග්නන්ට් නොවී සෙක්ස් කරන්න පුළුවන් විදි ගොඩක් ගැන දන්නවා. මෙච්චර ලේසි විදි තියෙන කොට අනවශ්‍ය අවදානමක් අරන් එයාගෙ ජීවිතේත් ඔයාගෙ ජීවිතේත් මොනවත් නොදන්න කිරිසප්පයෙකුගෙ ජීවිතේත් අවුල් කරගන්නේ නැතුව වගකීම් සහගත ලිංගික ජීවියෙක් විදියට ජීවත් වෙමු.

Related Articles

Don't Miss


Latest Articles