ගැබ් ගැනීමකින් තොරව උපරිම ලිංගික තෘප්තියක් ලබා දෙන ක්‍රම

ලිංගික එකතු වීමකදි ඕනෙ වෙන ප්‍රධාන ම දෙයක් තමයි මනස සැහැල්ලුවෙන් තිබීම. ඉතින් ඔයා ලිංගික ව එකතු වෙන කොට ඔයා ප්‍රෙග්නන්ට් වෙයි ද කියලා හිත හිත නම් එකතු වෙන්න වෙන්නේ, ඔයාගෙ මානසික නිදහස ඈතින් ඈතට යන්න පුලුවන්. ඔයා නොදැනුවත්ව ම ඔයාගෙ ඇඟෙන් ලිංගික ව එකතු වෙන්න විරෝධයක් ඇවිත් ඒක නිසා ම ඔයාට ලිංගික එකතුවීම් හරියාකාරව සිදු කරගන්න බැරි වෙන්නත් පුලුවන්. එක්කෝ සුරතාන්තයට පත් නොවෙන්න වුණත් පුලුවන්. මේ තත්ත්වය ගැහැණු පිරිමි දෙපාර්ශවයට ම පොදුයි. ඉතින් අපි අද මේ ලිපියෙන් කතා කරන්න යන්නේ ගැබ් ගැනීමකින් තොරව ලිංගික තෘප්තිය උපරිමයෙන් ලබාගන්න පුලුවන් විදි ගැනයි. 

ගැළපෙන උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීම.

මතක තියාගන්න ඕනෙ පළවෙනි දේ තමයි 100%ක් ගැබ් ගැනීමෙන් වළකන කිසිම උපත් පාලන ක්‍රමයක් නෑ කියන එක. හැම උපත් පාලන ක්‍රමයක්ම සාර්ථක වෙන්න තියෙන්නේ සම්භාවිතාවක් විතරයි. වරදින්න තියෙන අවස්ථාව බොහොම වැඩීයි. වෛද්‍යවරු කියන්නෙ එහෙම නම් කරන්න තියෙන්නෙ සෙක්ස් නොකර ඉන්න එක කියලායි. ඒත් ඒක අපේ ප්‍රශ්නෙට විසඳුමක් නෙවෙයි නිසා අපි බලන්න ඕනෙ මොකක්ද ගැළපෙන ම උපත් පාලන ක්‍රමය කියලා.

Pull out method, කොටුවට ටිකට් අරන් මරදානෙන් බහින විදිහ එහෙම නැත්නම් ශුක්‍රාණු පිට වෙන්න එන කොට පුරුෂ ලිංගික අවයවය එළියට ගන්න එක හරි ම ජනප්‍රිය ක්‍රමයක්. නමුත් විශේෂඥයන් කිසිවිටම මේ ක්‍රමය නිර්දේශ කරන්නේ නෑ. මොකද පූර්වයෙන් නිකුත් වෙන තරල වල පවා මේ ශුක්‍රාණු අඩංගු වෙනවා. යන්න කලින් ගත්තා වුණත් ප්‍රෙග්නන්ට් වෙන්නේ ඒකයි!!! අනිත් අතට ඒක ඔයාටත් එයාටත් අනවශ්‍ය පීඩාවක්. ඔය ගැනම හිතමින් ඉන්න එකෙන් අහිමි වෙන්නේ ඔයාලට සතුටින් ඉන්න තියෙන කාලයමයි.  

ඉතින් ආයෙ ආයෙ ම අපි මතක් කරනවා නිවැරදි, ඔයාට ගැළපෙන උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න. ඔයා ගෑනුළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් ලිංගික ව සක්‍රීය කෙනෙක් නම් නොවරදවා ම කොන්ඩම්ස් කිහිපයක් ළඟ තියාගන්න. කාගෙවත් නෙවෙයි ඔයාගෙ ම ආරක්ෂාවට!

මුඛ ලිංගික ක්‍රියාවන් සිදු කිරීම

ඔයා ගැබ් ගන්නවට බයෙන් ලිංගික එක්වීම්වලදි බසු බසින කෙනෙක් නම් මේ ඔයාට හොඳ ම විසඳුමක් විදියට කියන්න පුලුවන්. ගැබ් ගනී කියලා බයක් කොහොමවත් නැති නිසා සැකයකින් තොරව සම්පූර්ණ කාලය ම වැඩේ ගැන විතරක් හිතාගෙන කරන්න පුලුවන් වෙන එක තමයි මේකෙ වාසිය වෙන්නේ. මේකට ඔයාලා දෙන්නට ඉරියව් කීපයක් ම තියෙනවා. දෙන්නට ම එක වර තෘප්තිමත් බවක් ගන්න පුලුවන් 69 ඉරියව්ව ඉතා ජනප්‍රියයි. මේකෙදි කරන්නේ ඔයාල දෙන්නා උඩු යටිකුරුව එකිනෙකා මත වැතිරිලා එක වර මුඛයෙන් ලිංගික අවයව තෘප්තිමත් කරන එකයි. එහෙම නැත්නම් ඔයාට එයාගෙ කකුල් දෙක ළඟ දණ ගහගෙන ආදරෙන් මූණ දිහා බලාගෙන එයාව තෘප්තිමත් කරන්නත් පුලුවන්. 

ගුද ලිංගික සංසර්ගය

කියනකොට ම ගොඩක් දෙනා පසුගාමී වුණත්, රිද්මය අහුවුණොත් ඔයා අතාරින එකක් නම් නෑ. මේක යෝනි මාර්ගයට ඇතුල් කිරීම තරම් ම සමහර විට ඊටත් වඩා තෘප්තිමත් බවක් දෙනවා කියලයි තතු දත්තෝ අපිට කියන්නේ. කොහොම වුණත් ගුද ලිංගික සංසර්ගය කිසිම වෙලාවක එක්කෙනෙක්ගෙ කැමැත්තට විතරක් කරන්න යන එක නම්  හොඳ වැඩක් නෙවෙයි. කොයි ලිංගික ක්‍රියාවක් වුණත් එක්කෙනෙක්ගෙ කැමැත්තකින් කරන එක සදාචාරාත්මක නැති බව ඇත්ත. නමුත් මේකෙදි විශේෂයෙන් ඒක සඳහන් කළේ ගුද මාර්ගය කියන්නෙ යමක් ඇතුල් කිරීමට ස්වභාවික ව හැදුණ දෙයක් නෙවෙයි නිසා සහ කිසිම ස්වභාවික ලිහිසිකාරකයක් ශ්‍රාවය නොවෙන නිසා දරාගත නොහැකි තරම් වේදනාවක් ඇති විය හැකි නිසායි. නමුත් මම ආයේ ඔයාලට කියනවා, රිද්මය අඳුරගත්තොත් වාසිය ඉතා ඉහළයි!

අත් දෙකක් තියෙන්නේ ඇයි?

අතින් කරන්න නම් ඔයා ඕනෙද කියලා එයාගෙන් අහන්න එපා. ඔයා ඔයාගෙ අතින් ලිංගික අවයව තෘප්තිමත් කරගන්න එකයි, එයා එයාගෙ අතින් ඔයාගෙ ලිංගික අවයවය තෘප්තිමත් කරන එකයි සම්පුර්ණයෙන්ම වෙනස් කටයුතු දෙකක්. මතක තියාගන්න ඕනෙ දේ තමයි අත් පිරිසිදු කරගෙන නියපොතු කපලා ඉන්න ඕනෙ කියන එක. නැත්නම් ආසාදන සහ තුවාල ඇති වෙන්න පුලුවන් නිසා. ඉතින් අත් පාවිච්චි කරලා ලිංගික තෘප්තිය ලබා ගන්න එකෙනුත් ගැබ් ගනීවි කියන බයෙන් සම්පූර්ණයෙන් ම ඔයාව ඈත් කරනවා.

ඉතින් මෙන්න මේ කාරණා හැම එකකින් ම ඔයාට ගැබ් ගන්නෙ නැතුව සම්පූර්ණ ලිංගික තෘප්තියක් ලබා ගන්න පුලුවන්. දරුවෙක් කියන්නෙ වාසනාවක් වුණාට හැම වෙලාවක ම දරුවෙක් කියන්නෙ වාසනාවක් නොවෙන්න පුලුවන්. අන්න එහෙම වෙලාවල් අඩු කරගන්න දැන් ඔයාට මේ විදියට පුලුවන්. නොදන්නා අය එක්කත් ශෙයා කරගන්න. ලිංගික අධ්‍යාපනය කියන්නෙ අපේ රටට වෙන්න ඕනෙ සමාජ සේවයක්! 

Related Articles

Don't Miss


Latest Articles