උපරිම තෘප්තියක් ලබා දෙන වෙනස් ලිංගික අත්දැකීමක්.

Anal sex , එහෙමත් නැත්නම් ගුද මාර්ග සංසර්ගයට බොහෝ දෙනෙක් දක්වන්නේ පසුගාමී හැඟීමක්. එහෙත්, නිවැරදි දැනුමින් යුතුව සිදු කරනවා නම් එය දෙදෙනාට ම ඉහළ තෘප්තියක් ලබා ගත හැකි ක්‍රියාවලියක් බවයි විශේෂඥයින් පවසන්නේ. ඔබ මේ ක්‍රමය අත් හදා බලනවා නම් එහි අවදානම් අවස්ථා සහ රසවත් තැන් හඳුනා ගැනීමත්, නිවැරදි ක්‍රමවේදය භාවිත කිරීමත් සිදු කළ යුතුයි. 

ගුද මාර්ග සංසර්ගයේ දී සිදු කරන්නේ පුරුෂ ලිංගයක් ඇතුල් කිරීම පමණක් නොවෙයි. ඒ සඳහා දිව, ඇඟිලි හෝ ලිංගික උපකරණ ( vibrators, dildos, butt plugs) ආදිය යොදා ගන්නට පුලුවන්. මෙහිදී අනෙක් ලිංගික ක්‍රියාකාරකම්වලට සාපේක්ෂව සැලසුම් කිරීම, සූදානම් වීම සහ සන්නිවේදනය වැඩි වශයෙන් සිදු කරන්නට වෙනවා. ආරක්ෂාව ගැන කල්පනාවෙන් වින්දනයක් ලබන්නට ඉදිරියට කියවමු. 

ගුද මාර්ග සංසර්ගයකදී සිහි තබා ගත යුතු දේවල් 

යෝනි මාර්ගය මෙන් ගුද මාර්ගය ලිහිසිකාරක නැති නිසා ලිහිසිකාරකයක් භාවිතා කළ යුතුයි

ලිංගික පුබුදුවීමකදී යෝනි මාර්ගය ඉතා පහසුවෙන් ලිහිසිකාරක නිකුත් කරනවා. එහෙත් ගුද මාර්ගයෙන් එවැනි ලිහිසිකාරක නිකුත් කරන්නේ නෑ. ඔබට බාහිරින් ලිහිසිකාරකයක් භාවිතා කරන්නට සිදු වන්නේ ඒ නිසායි. අනිවාර්‍යයෙන් ම ලිහිසිකාරකයක් භාවිතා කළ යුතුයි. නැතිනම් මේ ඉතා සංවේදී සමක් සහිත ප්‍රදේශයක් නිසා වේදනාවට පත් වීමටත් රුධිර වහනයටත් ඉඩ තිබෙනවා. 

දෙදෙනා අතර ඉතා හොඳ සන්නිවේදනයක් තබා ගත යුතුයි

ඔබ ගුද මාර්ග සංසර්ග ක්‍රියාවලියට කැමති නම් එය පැහැදිලි ව සහකරු සමග කතා කරන්නට අවශ්‍යයි. එය අනෙක් සාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම් මෙන් පුදුම කරවීම් හා සම්බන්ධ කිරීම සුදුසු නැහැ. දෙදෙනාගේ ම මේ සම්බන්ධ අදහස් සමාන නම්, සුන්දර ම හෝරාවක් ඔබ සතුයි. එසේ නැත්නම්, anal sex නැති වුණත් ලිංගික තෘප්තිය ලබා දෙන වෙනත් බොහෝ ආකාර ඇති බව මතක් කරගන්නට පුලුවන්. 

සනීපාරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතුයි 

සෑම අවස්ථාවකදීම මෙහිදීත් සනීපාරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම අත්‍යාවශ්‍යයි. නියපොතු කොටට කපා තිබීමෙන් අනවශ්‍ය සීරීම්, තුවාල සිදුවීම වළක්වා ගත හැකියි. එමෙන් ම ගුද මාර්ගයට ඇතුලු කරන ඇඟිලි, ලිංගික අවයව හෝ උපකරණ නැවත යෝනි මාර්ගයට ඇතුල් කිරීමේදී අනිවාර්‍යෙන් හොඳින් පිරිසිදු කිරීමට ලක් කිරීම අවශ්‍යයි. කොන්ඩම් මාරු කිරීම අත්‍යාවශ්‍යයි. ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝගවලින් වැළකීම එහි අරමුණයි. 

Position එකත් හරි ම වැදගත්

උදරය මත වැතිරෙන ඉරියව්ව, doggy style ආරම්භයේදී මේ සඳහා පහසු ඉරියව් ලෙස හඳුනාගන්නට පුලුවන්. මේ චාරිකාවේ දුරට යන ඔබට ම නව ඉරියව් සොයා ගන්නට හැකිවේවී. 

සුළුවෙන් අරඹන්න

Anal sex වලදි මුලින් ම ඇඟිලි හෝ දිව භාවිතා කරන ලෙසයි විශේෂඥයින් පවසන්නේ. එහිදී ක්‍රමානුකූලව එක් ඇඟිල්ලෙන් ඇඟිල්ල ඇතුල් කර මේ සඳහා පිවිසෙන්නට පුළුවන්. පළමු වාරයේදී එක් වරම කිසි සේත් පුරුෂ ලිංගය ඇතුල් කරන්නට එපා. සහකරුට යම් අපහසුතාවක් දැනෙනවාද යන්න නිරන්‍තරයෙන් පරික්ෂා කරන්නට ඕනේ. කෙසේ නමුත් බොහෝ විට පළමු වර විශාල තෘප්තියක් ලැබීම අනුමාන කරන්නට බැහැ. සෑමවිටක ම lubricant භාවිතා කිරීමටත් සිහි තබා ගත යුතුයි. 

ඕනෑම විටක අපද්‍රව්‍ය ගෑවෙන්නට හැකි බව මතක තියාගන්නට ම වෙනවා 

ගුද මාර්ගය ලිංගික ක්‍රියා සඳහා ස්වභාවිකව සැකසී ඇති දෙයක් නොවන බව ඔබ දන්නවා. ඉතින් මේ ක්‍රියාවලියේදී ඕනෑම මොහොතක අපද්‍රව්‍ය තැවරීමට ඉඩ තිබෙනවා. ගුද මාර්ග සංසර්ගයේ යථාර්තය එයයි. ඔබ එයින් අපහසුතාවට පත් වෙනවා නම් මෙය ඔබ සඳහා නොවෙයි. 

ගුද මාර්ග සංසර්ගයෙන් සුරතාන්තය ලැබෙනවා ද? 

සරල ම පිළිතුර ඔව්. එහෙත් සෑම අවස්ථාවකදී ම නොවෙයි. කාන්තාවන්ට නම් බොහෝ විට සිදුවන්නේ anal එක්කම ක්ලිටොරසය උත්තේජනය (Clitoral Stimulation) කිරීමෙන් සුරතාන්තයට පත් වෙන්නටයි. නමුත් පිරිමින්ට මෙයින් සුරතාන්තයට පත් වීමේ ගැටලුවක් නැහැ. 

ගැටලු සහ අවධානම් අවස්ථා

අනෙක් සෑම ලිංගික ක්‍රියාවලියක දී මෙන් ම මෙහිදීත් ගැටලු සහ අවධානම් අවස්ථා පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.

  1. ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග වලින් ආරක්ෂා වීම පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. 
  1. අර්ශස් (Hemorrhoids) ඇති වීමේ අවධානමක් මෙහි දී තිබෙනවා. සංසර්ග ක්‍රියාවලියේදී ගුද මාර්ගයෙව් මාංශ පේශී අනවශ්‍ය ලෙස තෙරපී පීඩනයට පත් විය හැකි වීම මීට හේතුවයි. මාංශ පේශී තුවාල වෙන්නට වුවත් හැකියාවක් තිබෙනවා. 

ඉතින්, Anal sex වලට කැමති හැමෝටම දුර ගමනක් යන්න සුබ පැතුම්! හිතන තරම් යකා කලු නැති බවයි දන්න අය කියන්නේ! 

– Sharene – 

Related Articles

Don't Miss


Latest Articles