සැමියාට උපරිම ලිංගික තෘප්තියක් ලබාදියහැකි ලිංගික රහස්…..

සෙක්ස් කියන්නෙත් කෑම වගේ දේකට. එක එක්කෙනා කැමති එක එක රසට. ඒත් සමහර දේවල් තියෙනව, ගොඩක් දෙනා කැමති. අද අපි කතා කරන්නෙ හස්බන්ඩ් ඔයාට කෙළින් නොකියන, ඒත් ගොඩක් පිරිමි අය කැමති කියලා හිතන සෙක්සි රහස් කීපයක් ගැන. පිරිමි ගැහැණුන්ට සෙක්ස් කරනවා නෙවෙයි – පිරිමි සහ ගැහැණු ලිංගිකව එක්වෙලා තෘප්තිමත් වෙනවා. 

  • Blowjob එකක් දෙන්න.

පිරිමි අය ගොඩක් කැමති දෙයක් තමයි මේ blowjob එහෙම නැත්නම් මුඛ ලිංගික සංසර්ගය

. එයාලා ඒකෙන් ලොකු තෘප්තියක් ලබන බවයි කියන්නේ. ඔයා සමහර විට blowjob දීලා පුරුදු නැති වෙන්න පුළුවන්. ඒත් ඔයාගෙ දිවේ පහස එයාට තෘප්තිමත් බවක් ලබා දෙනවා. මතක තියාගන්න ඕනෙ දේ තමයි සංවේදි තැනක් නිසා දත් වද්දන්නෙ නැතුව පරිස්සමින් කරන්න ඕනෙ කියන එක. 

  • ඔයාගෙ ආදරේ පෙන්නන්න. 

දෙන්නෙක් අතර සිද්ධවෙන ලිංගික ක්‍රියාකාරකම්වලදි orgasm එකකින් කෙළවර වෙන්න ඕනෙමයි කියලා එකක් නෑ. එයාව බදාගන්න. ආදරෙන් අතගාන්න. තුරුල් කරන් ඉන්න. ඔයා එයාගෙම වගේ දැනෙන්න දෙන්න. ගස් ගල් වගේ හිටියට එයාලා එහෙම දේවල්වලටත් ගොඩක් කැමති කියලයි කියන්නේ.

  • චුට්ටක් කෙඳිරි ගාමුද?

ඔයාගෙ චූටි කෙඳිරිල්ලෙන් එයාට ලොකු තෘප්තිමත් බවක් ලබනවා. පිරිමි හරි කැමතියි එයාගෙන් ඔයා සතුටු වෙනවා දකින්න. ඉතින් කෙඳිරිල්ලකින් ඔයාගෙ හැඟීම් එයාට පෙන්නන්න. දරුවො ඉන්නකොට, මහ ගෙවල්වල ඉන්නකොට මේ වගේ කරන්න අමාරු වෙන්න පුළුවන්. ඒත් ලැබෙන අවස්ථා මිස් කරගන්න එපා කියලායි මම නම් ඔයාට කියන්නෙ. 

  • රහසින් නෝටි කතා කියන්න. 

මොනාද මේ නෝටි කතා? නෝටි කතා එහෙම නැත්නම් dirty talks පිරිමි අයව ලිංගිකව උත්තේජනය කරන්න පුළුවන් දෙයක් විදියට හඳුනාගෙන තියෙනවා. ඔයාට එයා කරන්න ඕනෙ මොනවද කියලා එයාගෙ කණට රහසින් කියලා බලන්න. මොකද වුණේ කියලා මටත් කියන්න!

  • සංවේදී තැන් අඳුරගන්න. 

එයාගෙ ඇඟත් ඔයාගෙ ඇඟ වගේම තමයි. ලිංගික ව උත්තේජනය වෙන්නේ ලිංගික අවයවය විතරක් ම නෙවෙයි. බෙල්ල, කන්පෙති, පියයුරු තුඩු, දණහිස පිටුපස වගේ සංවේදී තැන් වලට පොඩි ටච් එකක් දෙන්න. ආදරෙන් සිපගන්නත් පුළුවන්. රස බලන්නත් පුළුවන්. එහෙම කළොත් එයාව වැඩි වැඩි වැඩියෙන් ලිංගික ව තෘප්තිමත් කරන්න ඔයාට පුළුවන්. 

  • විවෘත වෙන්න. 

ගොඩක් පිරිමි විවිධ ලිංගික කටයුතුවලට ආස වුණත් ඒක ඔයාට කියන්න බයයි. ඉතින් ඔයාට පුළුවන් නම් එයාගෙ ලිංගික ආශාවන් ඔයාගෙ ලිංගික ආශාවන් එක්ක ගළපගන්න. එයා කැමති නමුත් ඔයා අකමැති ලිංගික ක්‍රියාවලට එකඟ වෙන්න නෙවෙයි මේ කියන්නේ. සන්නිවේදනය කියන්නෙ ලිංගික ව සක්‍රිය වුණ ආදරවන්තයො දෙන්නෙක් අතර ගැඹුරටම තියෙන්න ඕනෙ දෙයක්. ඉතින් එයාට ඉඩ දෙන්න. ඔයත් තෘප්තිමත් වෙන්න. 

  • ස්තුති කරන්න.

ඔයාව ලිංගික ව තෘප්තිමත් කිරීම එයාට සතුටක්. ඔයාටත් ඒක සතුටක් නිසා ඒක එයාට කියන්න. සෙක්ස් කරලා ඉවර වුණාට පස්සෙ ඔයාගෙයි එයාගෙයි ආදර භාෂාවෙන් එයාට ස්තූති කරන්න. ඔයාට හිතාගන්න බැරි තරම් එයා සතුටු වෙයි. 

  • ඔයත් පටන් ගන්න. 

හැමදාම සෙක්ස් කරන්න පළවෙනි අඩිය තියන්නෙ එයා ද? ඔන්න ඔයාගෙ චාන්ස් එකයි මේ. ඔයාට පුළුවන් ලිංගික එක් වීමකට පළවෙනි අඩිය තියන්න. එයා ඔෆිස් ගිහින් එනකොට sexy lingerie එකක් ඇඳන් ඉන්න. එහෙම නැත්නම් පොඩි ඉඟියක් දෙන්න. නොහිතන වෙලාවක blowjob එකක් දීලා බලන්න. ඔයාට එයාව ඕනෙ කියලා දැනීමත් ඔයාලගෙ ආදරේ වැඩි වෙන්න හේතුවක් වෙනවා.

පිරිමි කටින් නොකියන, ඒත් ආස කරන පොඩි පොඩි සෙක්සි රහස් ටිකක් ඔන්න අද මම ඔයාලට කිව්වා. ඉතින් කරලා බලන්න. පස්සෙ මට ස්තූති කරන්න. 

Related Articles

Don't Miss


Latest Articles