පියයුරු උත්තේජනයෙන් උපරිම තෘප්තියක් ලබා ගන්න ආකාරය

පියයුරු උත්තේජනය කිරීමෙන් ලිංගික තෘප්තිය ලබා ගැනීම ගැන සියවස් ගාණක ඉඳන් මිනිස්සු කතා කරනවා. සමහරු ඒක මග හැරියත්, සමහරු තමන්ගෙත් සහකරුවා හෝ සහකාරියගෙත් පියයුරු උත්තේජනය කිරීමෙන් පූර්ණ ලිංගික ආශ්වාදයක් ලබනවා. ඇත්තට ම සිගරට් උරනවට වඩා පියයුරු උරන එක හොඳයිද? මේකෙ විද්‍යාත්මක පදනමක් තියෙනවාද ? අපි අද කතා කරන්නේ ඒ ගැනයි.

පියයුරු උත්තේජනය කිරීමෙන් ලිංගික තෘප්තියක් ලැබෙන්නේ කාන්තාවන්ට විතරද ?

නෑ! පියයුරු උත්තේජනය කළොත් කාන්තා පිරිමි දෙපාර්ශවයට ම ලිංගික උත්තේජනයක් ලබන්න පුලුවන්.

පියයුරු උත්තේජනය කරන ක්‍රම

පියයුරු ඇඟිලිවලින් මෙන් ම දිවෙන් සහ තොල් වලින් ද පහසුවෙන් ම උත්තේජනය කරන්න පුලුවන්.

පියයුරු උත්තේජනය පිළිබඳ ඇති විද්‍යාත්මක පදනම

පියයුරු, විශේෂයෙන් නිපල් එක එහෙම නැත්නම් තනපුඩුව ආශ්‍රිත ප්‍රදේශය ගැහැණු වගේ ම පිරිමි අයගෙත් ශරීරයේ ඉහළම සංවේදන ස්ථාන අතර තියෙනවා. ගොඩක් අයට මේ ස්ථානය උත්තේජනය කිරීමෙන් සතුටුදායක ලිංගික තෘප්තියක් ලැබෙනවා. පියයුරු පේශිවල විශාල වශයෙන් පිහිටා ඇති ස්නායුවල සංවේදීතාවය නිසා, පියයුරු උත්තේජනය කිරීමෙන් ඔක්සිටොක්සින් සහ ඩොපමින් නිදහස් කිරීමට මොළයට සංඥා යවනවා. පියයුරු උත්තේජනයෙන් ඔබට තෘප්තිමත් බවක් දැනෙන්නේ එහෙමයි.

පියයුරු උත්තේජනය කළ යුතුමද ?

සෙක්ස්වල අනිත් දේවල් වගේ ම, මේකත් සම්පූර්ණයෙන් ම දෙන්නගෙ ම කැමැත්තෙන් ඒ වගේ ම තනි තනි කැමැත්තෙන් වෙන්න ඕනෙ දෙයක්. අනිවාර්යයෙන් කරන්න ඕනෙ කියලා හෝ නරකයි කියලා දෙයක් නැහැ. ඔයා කැමති නම් ඔයාට කරන්න පුලුවන්.

පියයුරු උත්තේජනය සහ සුරතාන්තය අතර ඇති සම්බන්ධය

පියයුරු උත්තේජනය කිරීමෙන්, සාමාන්‍ය සංසර්ගයකදි ලැබෙන සුරතාන්තය දිගු සහ ශක්තිමත් එකක් කරන්න පුලුවන්. ඒ වගේ ම සමහර කාන්තාවන්ට පියයුරු උත්තේජනය කිරීමෙන් විතරක්මත් සුරතාන්තයට පත් වෙන්න පුලුවන්. එතකොට ඔයාගෙ ශරීරයෙන් නිකුත් වෙන ඔක්සිටොක්සින් හෝමෝනය නිසා ඔයා සහකරුවා එක්ක වැඩියෙන් බැඳෙන – වැඩියෙන් ආදරේ කරන ගැඹුරු සම්බන්ධයකට යන්න පුලුවන් වෙනවා.

පියයුරු උත්තේජනය මගින් ලැබෙන වාසි

ඉතා ම පහසුවෙන් විශාල ලිංගික තෘප්තියක් ලබා ගන්න පුලුවන් උත්තේජන ක්‍රමයක්. ලිංගික ව එක් වෙන්න අපහසු වෙලාවක වුණත් මේක ඔයාට පාවිච්චි කරන්න පුලුවන්.

විශාල වශයෙන් සතුටු හෝමෝන රාශියක් නිකුත් කළ හැකි උත්තේජන ක්‍රමයක් තමයි මේ. ඔක්සිටොක්සින් සහ සෙරටොනින් නිසා එයාගෙ ආදරේ වගේ ම සතුටත් වේගයෙන් වැඩිවෙන්න ගන්නවා. ඉතින් තරහ මරහ වුණත් වැඩි වෙලාවක් තියෙන එකක් නැහැ.

ක්‍රමවත් උත්තේජනය මගින් ඔබේ පියයුරුවල මාංශපේශී වඩාත් සෞඛ්‍යමත්ව පවතින්නට උදව් වෙනවා. ඒ අනුව පියයුරුවල එල්ලාවැටෙන ස්වරූපය නැති වෙලා ශක්තිමත්ව පවතින්නත් පියයුරු උත්තේජනය උපකාරී වෙනවා.

ඉතින් දුම් උරලා ලෙඩ වෙනවට වඩා පියයුරු උරලා එයාගෙ ආදරේ වැඩියෙන් ලබා ගන්නවද කියලා ඔයා තීරණය කරන්න.

Related Articles

Don't Miss


Latest Articles