ශුක්‍රාණු ගිල දැම්මොත් තරුණ වෙනවා ද?

මුඛ සංසර්ගය යනු ලිංගික ක්‍රියාකාරකම්වලදී සිදු කෙරෙන තවත් එක් සාමාන්‍ය අංගයක්. සමහර අය මුඛ සංසර්ගයේදී ශුක්‍රාණු ගිල දැමීමෙන් සතුටක් ලබනවා. නමුත් සමහර අයට එසේ කිරීමෙන් පහසුවක් දැනෙන්නේ නැහැ. ලිංගික සහකරුවන් අතර විවෘත, අවංක සන්නිවේදනය අත්‍යවශ්‍ය වන්නේ මේ නිසා වේ. එය ඕනෑ ම ලිංගික සම්බන්ධතාවක් තුළ සහකරුවන්ට එකිනෙකා සමඟ සුවපහසු හැඟීමක් ඇති කර ගැනීමට සහ ලිංගික තෘප්තිය වැඩි කිරීමට උපකාරී වේ.

ශුක්‍රාණු ගිලීම මුඛ සංසර්ගයේ අත්‍යවශ්‍ය අංගයක් නොවන අතර, කෙනෙක්ට එය අවශ්‍ය නැතිනම් සිදු කිරීමට පීඩනයක් දැනීම කිසිසේත් සුදුසු නොවේ. ඒ නිසා මෙය සම්පූර්ණයෙන් ම එකිනෙකාගෙ කැමැත්ත මත පදනම් විය යුතු බව සැලකිය යුතුයි. මෙම ලිපියෙන් ශුක්‍රාණු ගිල දැමීම පිළිබඳ වන ප්‍රතිලාභ සහ අවදානම් පිළිබඳව සාකච්ඡා කරමු.

ශුක්‍රාණු සහ ශුක්‍ර තරලය යනු කුමක්ද?

ශුක්‍රාණු යනු කළලයක් සංසේචනය වීමට පුරුෂ ලිංගයෙන් නිපදවෙන බීජයි. ඒවා අඩංගු වන තරලය ශුක්‍ර තරලයයි.
ශුක්‍ර තරලය යනු විවිධ ග්‍රන්ථි වලින් එන තරල මිශ්‍රණයකි. එයට ශුක්‍රාණු ඇතුළු විවිධ සංරචක ඇතුළත් වේ. පුරුෂ ලිංගයෙන් ශුක්‍ර තරලය නිපදවන අතර එහි ජලය, ප්‍රෝටීන් සහ ශුක්‍රාණු කුඩා ප්‍රමාණයක් අඩංගු වේ. පුරස්ථි ග්‍රන්ථිය ශුක්‍ර තරලය සඳහා පහත සඳහන් සංරචක එක් කරයි.

සිට්රික් අම්ලය
අම්ල පොස්පේටේස්
ඉනොසිටෝල්
කැල්සියම්
සින්ක්
මැග්නීසියම්

මීට අමතර ව ශුක්‍ර තරලයේ ෆෲක්ටෝස්, ඇස්කොබික් අම්ලය ද අඩංගු වේ.

ශුක්‍ර තරලය ගිල දැමීම ආරක්ෂිතද?

සාමාන්යයෙන් ශුක්‍ර තරලය ගිල දැමීම ආරක්ෂිතයි. ශුක්‍ර තරලයේ ඇති කිසිදු සංඝටකයක් හානිකර නොවේ. එහෙත් එය ගිලදමන්නාගේ කැමැත්ත ඒ සඳහා තිබීම අනිවාර්යයයි. ලිංගික ක්‍රියාවලිය දෙදෙනෙකු අතර වනවා නම් දෙදෙනාම තෘප්තිමත් ව එය සිදුකළ යුතු යි. කෙසේ වෙතත්, ශුක්‍ර තරලය ගිල දැමීම ආරක්ෂිත නොවන අවස්ථා කිහිපයක් තිබේ. කලාතුරකින් ශරීරයට ශුක්‍රාණු අසාත්මික විය හැක. මෙය සෙමිනල් ප්ලාස්මා අධි සංවේදීතාව ලෙස හැඳින්වේ. ශුක්‍ර තරලය ශරීර තරලයක් වන බැවින්, එය HIV වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) ද රැගෙන යා හැක. ඕනෑම ආකාරයක ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමට පෙර ලිංගාශ්‍රිත රෝග සඳහා පරීක්‍ෂාව කරන බවට ඔබ සහතික විය යුතු වන්නේ එබැවිනි. ඕනෑම ලිංගාශ්‍රිත රෝගයක් පිළිබඳ විවෘත සාකච්ඡාවක් පැවැත්වීම සහ සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා උපත් පාලන ක්‍රම භාවිතා කිරීම ද වැදගත් වේ.

ශුක්‍ර තරලය ගිල දැමීමෙන් ගැබ් ගැනීමක් සිදුවිය හැකි බව ඇතැම් අය විශ්වාස කළ හැකි නමුත් මෙය සිදු වීමේ හැකියාවක් නැත. ගැබ් ගැනීම සිදුවිය හැක්කේ ශුක්‍රාණු සමඟ ඩිම්බයක් සංසේචනය වීමට සමත් වුවහොත් පමණි.

ශුක්‍ර තරලය ප්‍රෝටීන් උල්පතක් ද?

ශුක්‍ර තරලය අවම ශුක්‍රාණු ප්‍රමාණයකින් සමන්විත වේ. එහි ඉතිරි කොටස ප්‍රෝටීන්, ෆෲක්ටෝස්, ශ්ලේෂ්මල, එන්සයිම, ජලය, විටමින් සහ ඛනිජ ලවණ වේ. සාමාන්‍යයෙන් ශුක්‍රාණු තේ හැන්දක පමණ පිරවිය හැකි ප්‍රමාණයක කැලරි 5-7ක් පමණ අඩංගු වේ. එහි ප්‍රෝටීන් බහුල බව ඇතැමුන් විශ්වාස කළත් ශුක්‍ර තරලයේ ඇති ප්‍රෝටීන් ප්‍රමාණය නොසැලකිය හැකි තරම් අඩු ය.

ශුක්‍ර තරලය ගිලීමෙන් ඇතිවන සෞඛ්‍ය ප්‍රතිලාභ තිබේද?

ශුක්‍ර තරලය ගිල දැමීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන පර්යේෂණ අඩුයි.

ශුක්‍රාණු පිළිබඳ මිනිසුන් පවසන බොහෝ පෝෂණ ප්‍රකාශ අසත්‍යයි. ජීවිත කාලය තුළදී පිරිමින් ශුක්‍රාණු කුඩා ප්‍රමාණයක් නිපදවන බැවින්, එය පැහැදිලි සෞඛ්‍ය ප්‍රතිවිපාක ඇති කිරීමට තරම් කිසිවකු පරිභෝජනය කරනු ඇතැයි සිතිය නොහැක.

ශුක්‍ර තරලය ගිල දැමීමේ අවදානම් තිබේද?

ලිංගාශ්‍රිත රෝග ඇති අයෙකුගේ ශුක්‍ර තරලය යමෙකු ගිල දැමුවහොත් එය ඔවුන්ට වැළඳිය හැකි අවස්ථාව ඉතා ඉහඇයි. පහත දැක්වෙන්නේ පාලන ක්‍රමයක් භාවිතා නොකර මුඛ සංසර්ගයේ යෙදීමෙන් වැළඳිය හැකි ලිංගාශ්‍රිත රෝග ලැයිස්තුවකි.

ක්ලැමීඩියා
ගොනෝරියා
සිෆිලිස්
හර්පීස්
මානව පැපිලෝමා වයිරසය
එච්.අයි.වී
ට්‍රයිකොමොනියාසිස්

මුඛ සංසර්ගය හරහා පුද්ගලයෙකුට ලිංගාශ්‍රිත රෝග වැළඳීමේ අවදානම වැඩි වීමට හේතු කිහිපයකි. ලිංගික අවයව හෝ මුඛය අවට විවෘත තුවාල තිබීම, දුර්වල මුඛ සනීපාරක්ෂාවක් තිබීම, ලිංගාශ්‍රිතව බෝවන රෝග ඇති ශුක්‍ර තරලයට නිරාවරණය වීම ඒ අතර වේ.

ඒ අනුව ශුක්‍ර තරලය ගිල දැමීම වඩා හොඳ හෝ නරක ලෙස වර්ග කරන්නට අපහසු දෙයක්. නීරෝගී පුද්ගලයෙකුගේ ශුක්‍ර තරලය ගිල දැමීමෙන් ඔබට ලැබෙන කායික ප්‍රතිලාභ නම් නැහැ. නමුත් ලිංගාශ්‍රිත රෝග ශුක්‍රාණු හරහා සම්ප්‍රේෂණය වන නිසා ලිංගික සහකරුවන් ඕනෑම ලිංගික ක්‍රියාකාරකමක යෙදීමට පෙර ලිංගාශ්‍රිත රෝග සඳහා පරීක්‍ෂාවක් කරගෙන සිටීම වැදගත්. ඒ හැර නීරෝගී පුද්ගලයෙක්ගේ ශුක්‍රාණු ගිලීමෙන් ඔබට අත්වන විශේෂ වාසියක් හෝ පාඩුවක් නැහැ.

Related Articles

Don't Miss


Latest Articles