බබා හම්බුණාට පස්සෙ හස්බන්ඩ් ලිංගික එක්වීම් ප්‍රතික්ෂේප කරනවද?

දරුවෙක් කියන්නෙ ගොඩක් පවුල්වල හීනයක්. ඉතින් මේ හීනේ හැබෑ කරගන්න ගියාම එන ගැටලුවක් ගැනයි අද මම කතා කරන ලෑස්ති වෙන්නේ. දරුවෙක් ලැබුණට පස්සෙ හස්බන්ඩ් සෙක්ස් කරන්න බැ කියනවද? මේ වර්තමානයේ අපිට නිතර ඇහෙන ප්‍රශ්නයක්. මේකට හේතු ගණනාවක් තියෙනවා. අපි අද ඒ ගැන කතා කරමු. 

ලිංගික එකතුවීම් සහ ලිංගික ක්‍රියා (Intercourse & Intimacy) සෞඛ්‍යමත් සම්බන්ධතාවකට අත්‍යවශ්‍ය දේවල්. ඒවා අඩු වෙනකොට සම්බන්ධතාවය දුර්වල වෙන්න පවා පුළුවන්. ඉතින් වැඩි කල් නොයා අනිවාර්යයෙන් විසඳුම් හොයාගන්න ම ඕනෙ. 

එයා ලේබර් රූම් එකේ හිටියද?

දරුවා ලැබෙන වෙලාවෙ හස්බන්ඩ් හිටියෙ කොතනද? ඔයා ළඟම ඔයාට දරුවා ලැබෙනවා පෙනි පෙනීද? නැත්නම් ඔයා දරුව ලැබෙන වේදනාවෙන් කෑගහනකොට ඔයාගෙ සද්දෙ ඇහෙන දුරකින්ද? මේ දෙකෙන් එකකට උත්තරය ඔව් නම්, එයා ලිංගික එක්වීම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඔයාගෙ රුධිර වහනය දැකීමෙන්, ඔයාගෙ ඔරසව වේදනාව ඇසීමෙන් එයාට ඒ වේදනාව ගැන වරදකාරීත්වයක් එහෙම නැත්නම් කණස්සල්ලක් ඇති වෙලා එයාගෙ ලිංගික හැඟීම් අඩු වෙන්න හෝ නැති වෙන්න පුළුවන්. 

එයා ඔයා ගැන දුකෙන් ද?

දරුවෙක් ලැබුණාම ඔයාගෙ ජීවිතේත් සම්පූර්ණයෙන් ම වෙනස් වෙනවා. කාලය ගොඩක් ගත වෙන්නේ දරුවා එක්ක. ඔයා දරුවා එක්ක රැයක් දවාලක් නැතුව ඔට්ටුවෙනකොට, මහන්සි වෙනකොට ඔයා දැක්කාම එයාට දුකක් හෝ පසුතැවීමක් ඇවිත් එයාගෙ ලිංගික ආශාව අඩු වෙන්න පුළුවන්. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. 

ඔයාලා දැන් කතා කරන්නේ බබා ගැන ම විතරයි ද?

බබා එන්න ඉස්සර එයාව turn on කරන්න කිව්ව නෝටි කතා ගොඩක් කාලෙකින් කිව්වෙ නැත්නම් ඔන්න එයාගෙ sexual drive එක අඩු වෙන්න පුළුවන්. ඔයාගෙ නෝටි කතා වලින් ඇවිස්සුණ එයාට දැන් දැන් ඇහෙන්නෙ දරුවා ගැන දේවල් විතරක් ම නම්, එයාගෙ ලිංගික ආශාව අඩු වෙලා යන්න පුලුවන්.

එයා ආයෙ බබෙක් එයි කියලා බය වෙලාද?

දරුවෙක් ලැබුණාම ජීවිතේ කලින්ට වඩා සෑහෙන්න වෙනස් වෙනවානෙ. දරුවට කොකොච්චර ආදරේ වුණත් අලුත් තාත්තෙක්ට එන වගකීම් එක්ක එයා ආයෙ දරුවෙක් හදන්න බය වෙලා වෙන්න පුළුවන්. ඒ නිසාත් එයා ඔයා ළඟට එන එක එයාටත් නොදැනීම අඩු වෙන්න පුළුවන්. 

එයාට මහන්සිද? 

පිරිමි කියන්නේත් මනුස්ස කොට්ටාසයක්නෙ. Super herosලා නෙවෙයි. මහන්සිය, නිදිමත එයාලටත් දැනෙනවා. අලුත් තාත්තා කෙනෙක් විදියට එයාට ගොඩක් මහන්සී නම්, ඔයාට නිදාගන්න දීලා එයා ඇහැරලා ඉන්නවා නම් එයාට ලිංගික හැඟීම් අඩුවෙන්න පුළුවන් වෙහෙස නිසා. ඒක එයාගෙ 

මෙහෙම වෙන එක සාමාන්‍යද ?

අපිට ගොඩක් වෙලාවට අහන්න ලැබෙන්නේ බබාගෙ අම්මා ගැන චෝදනාව. දරුවා ලැබුණට පස්සෙ එයා හස්බන්ඩ් එක්ක ලිංගික එක්වීම් ප්‍රතික්ෂේප කරන එක. ඒ වගේ ම හස්බන්ඩ් දරුවා ලැබීමෙන් පස්සෙ ඔයා එක්ක ලිංගික එක්වීම් ප්‍රතික්ෂේප කිරීම සාමාන්‍ය කාරණාවක්. 

මොකද මේකට කරන්නේ? 

මම හැමදාම ඔයාලට කියනවා වගේ, මේ ප්‍රශ්නෙදි පළවෙනියට ම කරන්න ඕනෙ සන්නිවේදනය. එයා එක්ක කතා කරන්න. ගැටලුව අඳුනගන්න. සමහර විට එක පාර ම හරි යන එකක් නෑ. කාලයක් ගතවෙයි. එහෙම හරි ගියේ නැත්නම් වෛද්‍ය උපදෙස් පතන එක තමයි හොඳ ම විසඳුම. 

Related Articles

Don't Miss


Latest Articles