ලිංගික එකතු වීමකදී කාන්තාවන් වේදනාවට පත් වන්නේ ඇයි?

සමහර අවස්ථාවලදී  ලිංගික ව එකතු වීමේදී හෝ යෝනි මාර්ගයට යමක් අතුල් කිරීමේදී කාන්තාවට වේදනාවක් දැනීම අත්දකින්නට පුලුවන්. එයට කායික මෙන් ම මානසික  හේතු ද බලපානව. එනිසා තත්ත්වය උද්ගත වූ වහා ම මේ සඳහා පිළියම් සෙවිය යුතු යි.

මේ වේදනාව හඳුනාගන්නේ කොහොමද?

  • ඇතුල් කිරීමේ මූලික අදියරේදී ම වේදනාවක් දැනීම.
  • සෑම ඇතුල් කිරීමකම වේදනාවක් දැනීම.
  • සංසර්ගයේ යෙදෙන විට වේදනාවක් දැනීම.
  • සංසර්ගයෙන් පසු පැය කිහිපයක් ගත වන තුරු ම වේදනාවක්, දැවිල්ලක් දැනීම.

ලිංගික ව එකතු වීමේදී කාන්තාවට වේදනාවක් දැනීමට හේතු මොනවාද?

මේ සඳහා කායික හේතු මෙන් ම මානසික හේතු ද බලපාන්නට පුලුවන්. සාමාන්‍යෙන් බහුල ම හේතුව වන්නේ නිසිලෙස ලිහිසිකාරක ශ්‍රාවය නොවීමයි. ඊට අමතරව වෛද්‍ය විද්‍යාත්මක හේතු රාශියක් මේ සඳහා බලපාන්නට පුලුවන්.

වැජිනිස්මස්

මෙය බොහොම සාමාන්‍ය තත්ත්වයක්. යෝනි මාර්ගය අවට මාංශපේශි තද වීමත්, එමගින් සංසර්ගය වේදනාකාරී වීමත් මෙහිදී ඇති වෙනවා. වේදනාවට පත් වෙතැයි බිය වීම, ලිංගික ක්‍රියාවලිය පිළිබඳ අයහපත් මතකයක් හෝ වෙනත් සාංකාමය මානසික තත්ත්වයක් මීට බොහෝ විට හේතු වෙනවා. සබඳතාව පිලිබඳ විසඳා නොගත් ගැටලු හෝ එවැනි ගැටලු තිබීමත් මේ සඳහා බලපාන්නට පුලුවන්. එම මානසික හේතූන් එකිනෙකාඅගෙන් එකිනෙකාට වෙනස් වනවා.

යෝනි මාර්ගයේ ඇති ආසාදන

කාන්තාවන්ට මූත්‍රා ආසාදන හෝ බැක්ටීරියා ආසාදන වැළඳීම හරි ම සුලබ කාරණාවක්. එය හේතුවක් වන්නට පුලුවන්. එමෙන් ම පිළිකා තත්ත්වයන් හේතු වන්නට පුලුවන්.

යෝනි මාර්ගය වියළීමට ලක්ව තිබීම

විවිධ බෙහෙත් වර්ග සහ කායික හේතු මත යෝනි මාර්ගය වියළීමට හැකියාව තිබෙනව. වියළි යෝනි මාර්ගයක් පවතීම ලිංගිකව එකතු වීමේදී වේදනාවට පත් වීමට හේතුවක් වනව.

ආර්ථවහරණය

ආර්ථවහරණයේදී හෝමෝන වෙනස්වීම නිසා යෝනි මාර්ගය වියළීමේ හැකියාව වඩියි. එමෙන් ම ලිංගික එක්වීම් සඳහා ඇති කැමැත්ත පවා වෙනස් වෙන්නට පුලුවන්. එ නිසා මා/න්ශ පේශි තද වීමට ලක්ව මෙම තත්ත්වය අති වන්නට පුලුවන්.

එන්ඩොමෙට්‍රිසිස් හෝ ෆයිබ්‍රොයිඩ් තත්ත්ව

කාන්තා ප්‍රජනන පද්ධතියේ ඇතිවන එන්ඩොමෙට්‍රිසිස් හෝ ෆයිබ්‍රොයිඩ් තත්ත්ව නිසාත් ලිංගික ව එකතු වීමේදී වේදනාවට පත් වීමට හැකියාව තිබෙනව.

මෙයින් වැළකීමට කළ යුත්තේ කුමක්ද?

ලිංගික එකතු වීමකදී කාන්තාවට වේදනාවක් දැනෙන්නේ නම් එය සාමාන්‍ය තත්ත්වයක් ලෙස සලකන්නේ නැහැ. ඒ සඳහා අනිවාර්යයෙන් අවධානය යොමු කළ යුතුයි. ස්වභාවික ලිහිසිකාරක පිළිබඳ ප්‍රශ්නයක් වේ නම් සෑම විටම කෘත්‍රිම ලිහිසිකාරක භාවිත කළ යුතුයි. එමෙන් ම පූර්ව සූදානම් කාලය හැකි තාක් දිගු වේලාවක් ගත කිරීමෙන් ද මෙය තරමක් දුරට මග හරවා ගන්නට පුලුවන්. එහෙත් වැඩි වේදනාවක් දිගුකාලීනව ඒකාකාරීව දැනෙනවා නම් අනිවාර්ය වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.

Related Articles

Don't Miss


Latest Articles