Intercourse නොකර උපරිම ලිංගික තෘප්තිමත් බවක් ලබා ගත හැකි ක්‍රම.

මේ ප්‍රශ්නය ඔයාගෙ ජීවිත කාලෙදි එක දවසක් හරි ඇවිත් ඇති. ඇත්තට ම ලිංගික තෘප්තිය ලබාගන්න යෝනි මාර්ගයට ශිෂ්ණය හෝ යම් උපකරණයක් ඇතුල් කරන්න ම ඕනෙ ද ? අපි අද කතා කරන්න යන්නේ ඒ ගැනයි.

ඇත්තට ම සුරතාන්තයක් කියන්නෙ මොකක්ද ?

සුරතාන්තයක් කියන එකට හරි ම නිර්වචනයක් නෑ කියලා තමයි ලිංගික විශේෂඥයෙක් වෙන Caitlin V. Neal ගෙ අදහස. එයා කියන විදියට, ශරීරයෙන් ලිංගික ආතතිය සතුටුදායක ලෙස මුදා හැරීමක් සුරතාන්තයක් ලෙස හඳුනාගන්න පුළුවන්.

සුරතාන්තයකට අත්‍යවශ්‍ය ම දේ මොකක් ද ?

සුරතාන්තයකට එහෙම නැත්නම් සාර්ථක , තෘප්තිමත් ලිංගික සම්බන්ධතාවකට අත්‍යවශ්‍ය ම දේ තමයි සන්නිවේදනය. ඔයාට ඕනෙ මොනවද? කොහොමද ? කොහෙදි ද? කියන දේවල් ඔයාගෙ ලිංගික සහකරුවා එක්ක විවෘත ව කතා කරන්න ම වෙනවා. ශාරීරික ව දේවල් කොහොම කළත්, මූලික වෙන්න ඕනෙ මෙන්න මේ කාරණාව. මොකද එයාට ඔයාගෙ හිත කියවන්න බෑ! ඉතින් උපරිම තෘප්තිමත් බවක් ලබා ගන්න නම් අනිවාර්යයෙන් ම හොඳ කතා බහකට යන්න.

කාන්තාවකට නැත්නම් ගැහැණු ළමෙක්ට ඇතුලු කිරීමක් නැතිව සුරතාන්තයක් ලබාගන්න පුළුවන් විදි මොනවද ?

ක්ලිටොරසය උත්තේජනය කිරීමෙන්

ගොඩක් ගෑණු ළමයින්ට පහසුවෙන් ම සුරතාන්තයක් ලබා ගන්න පුළුවන් විදිය තමයි clitoris එක උත්තේජනය කරන එක. ඉතාම සීමිත ප්‍රමාණයකට clitoris එක උත්තේජනය කිරීමෙන් සුරතාන්තයක් නොලැබෙන්න පුළුවන්. ඒත් බහුතරයක් දෙනාට මේ ක්‍රමය ඉතා ම ප්‍රතිඵලදායකයි. බොහෝ විට ගෑණුළමයි ස්වයං වින්දනය කරන්නෙත් මේ විදියට. ඇඟිල්ලකින්, උපකරණයකින්, එහෙම නැත්නම් සහකරුවාගේ දිවෙන් මේ ඕනෙ විදියකට ඔයාට ක්ලිටොරසය උත්තේජනය කරගන්න පුළුවන්.

ශෘගාරාත්මක ප්‍රදේශ උත්තේජනය මගින්

මේ ගැන අපි සම්පූර්ණයෙන් ම කලින් ලිපියක කතා කරලා තියෙනවා. මේ ප්‍රදේශ මොනවද කියලත්, ඒවා උත්තේජනය කරන්නේ කොහොමද කියලාත්. මේක ටිකක් කල්පනාවෙන් කරන්න ඕනෙ දෙයක්. මොකද මේකත් හැමෝටම එක විදියට වෙන්නේ නෑ. ඔයාගෙ සිරුරේ රිද්මය ඔයා වගේම එයත් අඳුරගෙන ඉන්න ඕනෙ. එක පාරම කරන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. හැබැයි, ඔයාලා ඒ රිද්මය අඳුරගත්තොත්, මේ ශෘංගාරාත්මක ප්‍රදේශ උත්තේජනය කරලා හරි ම මිහිරි සුරතාන්තයකට පත් වෙන්න පුළුවන්.

ඉක්මන් කොටයි

ගොඩක් වෙලාවට ඔයාගෙ සිරුර ඇතුල්කිරීමක් නැතුව සුරතාන්තයකට පත් වෙන්න පුරුදු වෙලා නෑ. ඉතින් හරි ම ඉක්මනින් එක සැරෙන් මේ වැඩේ කරන්න බෑ. හොඳට කතා කරන්න. ඔයා ඔයාගෙ සිරුරේ රිද්මය අඳුරගන්න. අඳුරගත්ත දේවල් සහකරුවා එක්ක කතා කරන්න. හැකිතරම් වෙලාව ගන්න. හැකි තරම් ඔයා ඔයාව හොයාගන්න බලන්න. එයාට ඒකට උදව් කරන්න.

සුරතාන්තයක් කියන්නෙ 100%ක් ම ශාරීරික දෙයක් නෙවෙයි. ඔයාගෙ මනස නිදහස් නැත්නම්, මනස නිරවුල් නැත්නම් intercourse එකකින් වුණත් ඔයාට සුරතාන්තයක් ලබා ගන්න අපහසු වෙන්න පුලුවන්. ඉතින් හැකි තරම් සැහැල්ලු වෙන්න. Intercourse එකක් නැතුව ම සුරතාන්තයක් ලබා ගන්න කොච්චර පහසු ද කියලා ඔයාට දැනේවි. අන්තිම ට, මතක තියාගන්න ඕනෙ ම දේ තමයි, ලිංගික එකතු වීමකදි සුරතාන්තයක් කියන්නෙ අත්‍යවශ්‍ය ම දෙයක් නෙවෙයි. වඩාත් වැදගත් වෙන්නේ ඔයාලා දෙන්නා කොච්චර ළං වුණාද ? සතුටින් හිටියද ? තෘප්තිමත් වුණාද කියන කාරණේ විතරයි.

Related Articles

Don't Miss


Latest Articles