දෙදෙනා අතර අඩුවී ගිය ලිංගික ආකර්ශනය වැඩිකර ගන්න ක්‍රම..

සෞඛ්‍යමත් ලිංගික ජීවිතයක් කියන්නේ ජීවන සහකාරයන් අතරේ බැඳීම ගොඩක් වැඩි කරන දෙයක්. ඒ වුණාට කාලෙත් එක්ක, වගකීම් එක්ක මේ ලිංගික ජීවිතේ සක්‍රීය බව, සෞඛ්‍යමත් බව අඩු වෙන්න පුළුවන්. අද ඔයා එක්ක මම කතා කරන්නෙ එහෙම ලිංගික ජීවිතේ සක්‍රිය නැත්නම් ඒක නැවත වැඩි දියුණු කරගන්නෙ කොහොමද කියලා. 

කොහොමද පටන් ගන්නේ? 

මුලින් ම මේ සඳහා ඔයාට දේවල් තුනක් ගැන අවධානය යොමු කරන්න වෙනවා. ඒ තමයි ආරක්ෂාව, ඔයා සතුටු වෙන ආකාරය සහ ලිංගික ජීවියෙක් විදියට ඔයාව ම හඳුනා ගැනීම. 

අපි දැන් ඒ ගැන වෙන වෙන ම කතා කරමු. මෙතනදි ආරක්ෂාව කියන්නේ ඔයා සහ ඔයාගෙ සහකරුවා අතර වගේම අවට පරිසරයේත් ආරක්ෂාව. ඒ කියන්නෙ අවංකව ම ඔයාට ඕනෙ මොනවද, එයා දෙන්නේ මොනවද? එකිනෙකා විනිශ්චය නොකර ඔයාලා දෙන්නට දෙන්නා මේ ගැන සංවාදයක් අරඹන්න ලෑස්තිද? වගේ දේවල්. 

ඔයා ව සතුටු වෙන විදිය තමයි දෙවෙනි කාරණාව. ඔයාගෙ මූඩ් එක එන්නෙ මොනවටද? ඔයා කැමති දේවල්, ඔයා ආදරේ ලබන්න කොහොමද කැමති වගේ දේවල්. ඔයා ඒවා හඳුනගෙන එයා එක්ක සන්නිවේදනය කරන්නයි තියෙන්නෙ. 

ඔයා ලිංගික ජීවියෙක් විදියට හරියට ම අඳුරගන්න එකයි තුන් වෙනි කාරණාව. ඔයාලා දෙන්නට දෙන්නා ව ලිංගික ජීවියෙක් විදියට ඔයාලව දැනෙන්නෙ කොහොමද? ඔයාලා ලිංගික ව සතුටු වෙන , අකමැති වෙන දේවල් මොනවද? වගේ දේවල් අඳුරගන්න ම ඕනෙ. 

Staycation එකක් ප්ලෑන් කරන්න. 

ඒ කියන්නේ, ඔයා ගෙදරයි ඉන්නෙ නමුත් වැකේෂන් එකක ඒ කියන්නෙ නිවාඩුවක් ගත කරන විදියට. ගෙදර වැඩ නැති, දරුවො නැති නිවාඩුවක්. එතකොට ඔයාලා දෙන්නට ඔයාලා දෙන්නගෙම් ලෝකෙක වගකීම් නැතිවම තනි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟ ම තියෙන හොටෙල් එකක වෙලාවක් වෙන් කරගන්නත් පුළුවන්..

ඔයාලා දෙන්නා කැමති දේවල් හඳුනගන්න. 

ඔයාලට මූඩ් එකක් එන්නෙ මොන වෙලාවටද , මොනවගේ මියුසික් එකකින් ද ඔයාව/ එයාව ටර්න් ඔන් වෙන්නේ? මොනවගේ සුවඳවල්වලටද ඔයාලා ව ලිංගික ව උත්තේජනය කරන්න පුළුවන් වගේ දේවල් හරි ම සියුම් ව දැනගන්න.

බකට් ලිස්ට් එකක් හදාගන්න. 

ඔයාලා දෙන්නම එකතු වෙලා, ඔයාල දැනට කරලා නැති ඔයාලට අලුත් ම ඒත් දෙන්නම කැමැත්තෙන් ඉන්න ලිංගික ඉරියව් වගේ දේවල් හොයලා ලිස්ට් එකක් හදාගන්න. 

සහකරුවා එක්ක ලිංගික නොවන බැඳීමත් ශක්තිමත් ව තියාගන්න.

ඒ කියන්නෙ, ලිංගික කටයුතු වලදි නෙවෙයි සාමාන්‍ය ජීවිතයේදිත් ඔයා එයාට මූලික තැන දෙන්න , ආදරේ කරන්න, ගෞරව කරන්න ඕනෙ. හොඳ ලිංගික බැඳීමක අඩිතාලම ඒක. 

සෙක්ස් ටෝයිස් උත්සහ කරලා බලන්න. 

දැන් වෙළඳපොලේ එක එක සෙක්ස් ටෝයිස් තියෙනවා. මේවා තෝරගන්න දෙන්නම එකතු වෙලා. ඔයාලගෙ ලිංගික ජීවිතේ වෙනස් ම අත්දැකීමක් ගන්න එතකොට පුළුවන් වෙනවා. 

අලුත් දේවල් නිතර හොයන්න. 

තාක්ෂණය දියුණුවත් එක්ක හැමදේම අතේ දුරින්.අලුත් අලුත් ලිංගික ඉරියව් වගේ දේවල් දෙන්නත් එක්කම එකතු වෙලා හොයලා උත්සහ කරලා බලන්න. 

ඉතින් ඔන්න ඔය විදියට කළොත් නම් ආයෙමත් ඔයාගෙ ලිංගික ජීවිතේ නැවුම් ව දැනෙන්න ගනීවි. 

Related Articles

Don't Miss


Latest Articles