දෙදෙනාගේ තෘප්තිමත් බව සඳහා පුරුෂයාගේ ශිෂ්නයේ ප්‍රමාණය බලපානවා ද?

ඇත්තට ම පුරුෂ ලිංගයේ ප්‍රමාණය ස්ත්‍රියගේ ලිංගික තෘප්තිය සඳහා බලපානවා ද ? ඔව්! එහෙත් ඔබ සිතන ආකාරයෙන් නම් නෙවෙයි

සමාජයේ බොහොමයක් පිරිමි මෙන් ම කාන්තාවන් ද ශිශ්නයේ ප්‍රමාණය කාන්තාවගේ ලිංගික තෘප්තිය කෙරෙහි බලපාන බව පිළිගන්නා අයුරු දකින්නට පුලුවන්. මේ නිසා ම පුරුෂයින් ද තම ලිංගික අවයවයේ ප්‍රමාණය ගැන බොහෝ සෙයින් වද වෙනවා. ඇත්තට ම පුරුෂ ලිංගයේ ප්‍රමාණය ස්ත්‍රියගේ ලිංගික තෘප්තිය සඳහා බලපානවා ද ? ඔව්! එහෙත් ඔබ සිතන ආකාරයෙන් නම් නෙවෙයි. ඒ ගැන සවිස්තරාත්මක කරුණු පෙළගැස්මක් අද ඔබට අප ගෙන එනවා. 

ශිශ්නයේ ප්‍රමාණය කිසිම විදියකින් ලිංගික ක්‍රියාකාරීත්වයට හෝ තෘප්තිමත්භාවයට බලපාන්නේ නෑ. එනම් තෘප්තිමත් වීමටවත්, තෘප්තිය ලබා දීමටවත් පුරුෂ ලිංගයේ ප්‍රමාණය බලපාන්නේ නෑ. එනම් කිසිම අයුරකින් කායික තෘප්තිමත් භාවය කෙරෙහි ශිශ්නයේ ප්‍රමාණය බලපාන්නේ නොමැති බවයි විශ්ලේෂකයන්ගේ අදහස. නමුත් සමහර අයගේ කැමැත්ත අනුව එය මානසික තෘප්තිමත්භාවයට බලපාන්නට හැකියාව තිබෙනවා. 

ලිංගික ශක්තිය කිසි ම විදියකින් ශිශ්නයේ ප්‍රමාණය මත තීරණය කරන්නට පුලුවන් ද? 

ලිංගික ශක්තිය සහ ක්‍රියාකාරීත්ව සම්පූර්ණයෙන් ම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වුණත්, අත්දැකීම් – රුචි අරුචිකම් – පෞරුෂය මිස ශිශ්නයේ ප්‍රමාණය ඊට කිසි ලෙසකින්වත් බලපාන්නේ නෑ.  

විශාල ශිශ්නයක් තිබුණොත් මොකද වෙන්නේ? 

විශාල ශිශ්නයක් සහිත පිරිමින්ගේ සහකාරියන්ට බොහෝ ඉරියව් වේදනාකාරී වෙන බැව් පර්‍යේෂකයන් නිරීක්ෂණය කර තිබෙනවා. එමෙන් ම ප්‍රමාණය විශාල නිසා ගුද සංසර්ගයේ දී සියුම් පටක ඉරීමට හැකියාව තිබෙනවා. මුඛ ලිංගික ක්‍රියාවලදීත් 100% ක් එම කාර්‍යය නිසි පරිදි කරගන්නට නොහැකි වනවා. ශිශ්නය උගුරේ වැදීම නිසා සහකාරියට ඔක්කාරය (gag reflex) ඇති වන්නට පුලුවන් හැකියාව වැඩියි.

දරුවෙක් හදන්නට ශිශ්නයේ ප්‍රමාණය බලපානවා ද ? 

දරුවෙක් ගැන බලාපොරොත්තුවකින් සිටිනවා නම් ඔබ ශිශ්නයේ ප්‍රමාණය ගැන වද වෙනවා වන්නට පුලුවන්.  නමුත් ඊට එහි ප්‍රමාණය කොහෙත් ම බලපාන්නේ නෑ.  

ශුක්‍රාණු නිපදවෙන්නේ වෘෂණ කෝෂවල මිස ශිශ්නයේ නොවේ!!!

නමුත්, මානසික පීඩනය ඍජුවම මේ සඳහා බලපානවා. මානසික පීඩාව නිසා ශුක්‍රාණුවල ගුණාත්මකභාවයට මෙන්ම සරුබවටත් ගැටලු ඇතිවන්නට පුලුවන්. ඔබේ මානසික සුවතාවය ගැන වඩාත් සැලකිලිමත් වෙන්න. 

ලිංගිකව එක්වීම යනු ශිශ්නය යෝනි මාර්ගයට ඇතුල් කිරීම ම නොවේ!

ලිංගික එක්වීමක් යනු ශිශ්නය යෝනි මාර්ගයට ඇතුල් කිරීම (Penetration) පමණක් නොවන බව ඔබ දන්නවා. උත්තේජන කාර්‍යයේ පටන් ම ඒ සඳහා පියවර ගණනාවක් තිබෙනවා. මුලු සිරුරම පාහේ සිරුරේ කොටස් ගණනාවක් ඒ සඳහා උපයෝගී වෙනවා. එහෙත්, සිරුරේ ඇති ප්‍රධානතම ලිංගික අවයවය වන්නේ මොළය බව කිව්වොත් ඔබ පුදුමයට පත් වේවි. යෝනි මාර්ගයේ සංවේදී ම ස්ථානයක් වන G spot එක ඇත්තේත් යෝනි විවරයට බොහොම ආසන්නයෙන්. ඉතා කුඩා ශිශ්නයකට වුවත් ළඟා විය හැකි දුරකින්. අනිත් අතට, කාන්තාවන්ගෙන් බොහෝ දෙනා පූර්ණ තෘප්තිය ලබන්නේ ක්ලිටොරසය උත්තේජනයෙන්. ඉතින්, ලිංගික තෘප්තිමත්භාවය සඳහා ශිශ්නයේ ප්‍රමාණය කිසිසේත් බලපාන්නේ නැතිබව දැන් ඔබට වැටහෙනවා නේද?

තෘප්තිමත් ලිංගික සම්බන්ධයකදී මූලික වන්නේ දෙදෙනා අතර ඇති අන්‍යොන්‍ය සම්බන්ධතාවය සහ අවශ්‍යතාවන් තේරුම් ගැනීමයි. එය මොළයේ ක්‍රියාකාරීත්වය මත සිදුවන්නක් මිස ශිශ්නයේ ප්‍රමාණය මත තීරණය වන්නක් නොවෙයි. එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට ශරීර අවයවවල ප්‍රමාණ වෙනස් වෙනවා මෙන් ම ශිශ්නයේ ප්‍රමාණය ද වෙනස් වීම ඉතා ම ස්වාභාවිකයි. එය විශාල වීම හෝ කුඩා වීම මත ලිංගික ශක්තිය තීරණය වන්නේ නෑ. සැබෑ ලිංගික කලාව ප්‍රගුණ කළොත්, ශිශ්නයක් නැතිවම වුවත් කාන්තාවකට ඉහළ සුරතාන්තයක් ලබා දෙන්නට ඔබට හැකියාව තිබෙනවා. 

Related Articles

Don't Miss


Latest Articles