දෙදෙනාට පුරුදු එකම ලිංගික ඉරියව්ව හැර වෙනත් ලිංගික ඉරියව් අත්හදා බැලීමේ වාසි.

අපේ එදිනෙදා ජීවිතයේ ඕනෑම කාර්යයක් ඒකාකාරි වුණාම එය අපිට එපා වෙනවා. එකම රෙසිපියට කෑම, එකම ස්ටයිල් එකේ ඇඳුම් වෙනස් කරන්න ඔබටත් හදිසියේම හිතිලා ඇති. ලිංගික ජීවිතයත් මේ වගේ තමයි. “සෙක්ස් කරන එක එපා වෙලා ” කියන චෝදනාව වගේම සැමියා වෙනත් ඇසුරකට යොමු වීම, ඔබට ඔහු සමඟ ලිංගිකව හැසිරීම එපා වීම සිදු වන්නේ හැමදාම ඒකාකාරී ක්‍රම අත්හදා බලනවිටයි. ඒ නිසා ජීවිතයේ අනිත් දේවල් වගේම ඔබේ ලිංගික ජීවිතයත් වෙනස් වෙමින් අලුත් විය යුතුමයි.

ඉරියව් වෙනස් කරමින් එක් වීමෙන් ඔබට වාසි බොහොමයක් ලැබෙනවා.

ඔබට වෙහෙස දැනීම නැවතීම.

ඔබේ සහකරුගේ උස හා බර නිසා හෝ ඔබ තරමක් මහත කෙනෙක් වීම නිසා සාමාන්‍යයෙන් නිතරම භාවිතා කරන ඉරියව්ව ඔබට හෝ ඔහුට මහත් අපහසුතාවයක් ගෙන එනවා වෙන්නට පුලුවන්. එවැනි අවස්ථාවක ඔබ කළ යුතු වන්නේ ලිංගික ක්‍රියා මඟ හැරීම නොවේ. ඔබේ ඉරියව් වෙනස් කිරීමයි. එය ඔබට පහසුවක් රැගෙන එනවා නොඅනුමානයි.

තෘප්තිය ඉහළ යාම.

ලිංගික ක්‍රියාවලියකට මුළු සිරුරමත් මනසත් අවශ්‍ය වෙනවා. ඔබේ ලිංගික ප්‍රදේශවලට පමණක් තෘප්තියක් ලබා දෙන්නට උත්සාහ කිරීමෙන් ඔබට සම්පූර්ණ සතුට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ සිරුරු ගැටීම වැඩි වන, ස්පර්ශයන් වැඩි ඉරියව් තෝරාගැනීමත් ඔබේ සතුට අලුත් කරන්නට සමත්කමක් දක්වනවා. ඒ වගේම සමහර ඉරියව් වලට ඔබ දෙදෙනා අතර ඉතා ප්‍රේමණීය හැඟීම් වැඩි කරන්නට පුලුවන්.

ඔබේ සිරුර වර්ණනා කිරීමට සහකරුට ඉඩ ලැබීම

සාම්ප්‍රදායික මිෂනාරි ඉරියව්ව බොහෝ අයගේ ස්ථිර ලිංගික ඉරියව්ව වනවා. එය ඔබව රස විඳින්නට සහකරුට ඇති ඉඩ සම්පූර්ණයෙන් අවහිර කරන්නක්. ඔබ ඉරියව් වෙනස් කිරීම මඟින් ඔබේ සිරුරේ ඇති හැඩය ඔබේ සහකරුට අත් විඳින්නට හැකියාව තිබෙනවා. ඉක්මනින් සුරතාන්තයට පත් වෙන්නට එය දෙදෙනාටම උදව් වෙනවා.

ලිංගිකව එක් වීමේදී ඇතිවන වේදනාවන් නැති වීම.

සමහර කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ පිහිටීම් අනුව ඇයට ලිංගිකව එක් වීමේ වේදනාවන් ඇති විය හැකියි. මේ තත්ත්වයට හොඳම විසඳුම් අතර ඔබේ ඉරියව් වෙනස් කිරීම පවතිනවා. ඉරියව් වෙනස් කර එක්වීමෙන් ඔබේ යෝනි මාර්ගය ඉහිල් වී එක්වීමට ඔබව වඩා හොඳින් සහ විශ්වාසයෙන් සූදානම් කරනවා

දෙදෙනාගේ සිරුරු සම්බන්ධ සමහර අප්‍රසන්නතා වැලැක්වීම.

මුඛයේ දුර්ගන්ධය, දහඩිය දුගඳ, හිසකෙස් සම්බන්ධ අප්‍රසන්නතා ආදිය බොහෝ යුවලවලට ලිංගික එක්වීම අප්‍රසන්න කරනවා. නමුත් ඔබට මේ අප්‍රසන්නතා මඟ හරිමින් එක් වෙන්නට ඉරියව් වෙනස් කරමින් හැකියාව තිබෙනවා. ඒ ගැටලු නිරාකරණය කරගනිමින් ප්‍රතිකාර හෝ සත්කාර කරන තුරු ලිංගික කටයුතු සහමුලින්ම අත්හැර නොදමා වෙනස් ඉරියව් වලින් එක්වන්නට ඔබට හැකියි

සුරතාන්තයට පත් වීමේ හැකියාව.

කාන්තාවන් සුරතාන්තයට පත් වීම ප්‍රමාද වීම ගැන අපි මීට පෙර කතා කළා ඔබට මතක ඇති (ලින්ක්) එකම ඉරියව්ව ඔබට සුරතාන්තය අහිමි කළත් වෙනස් ඉරියව් වලට ඔබේ සිරුරේ සංවේදි සහ සන්තෘප්ත වෙන ස්ථාන තෘප්තිමත් කරමින් ඔබට සුරතාන්තය ළඟා කිරීමේ හැකියාව තිබෙනවා.

ඔබට ලිංගිකව එක් විය හැකි වෙනස් ඉරියව්.

  1. The hot seat position

ඔබට ආධාරකයක් ලෙස පුටුවක් භාවිතා කරන්නට පුලුවන්.සහකරු මත හිඳ ගනිමින් ලිංගිකව හැසිරීම මෙහිදී සිදු වෙනවා.මෙය ඉක්මනින් සුරතාන්තයට ඔබ රැගෙන යන ඉරියව්වක්.

  1. The cow girl position

ඔබ සහකරුගේ සිරුර මත හිඳ ලිංගික එක් වීම මේ ඉරියව්වයි. කාන්තාවන්ට ඉතා පහසු සහ තෘප්තිමත් බව වැඩි ඉරියව්වක් ලෙස මෙය හඳුන්වනවා.

  1. Spoon position

සාම්ප්‍රදායික මිෂනාරි ඉරියව්වට වඩා මඳක් මේ ඉරියව්ව ද ඔබට එකිනෙකාට වඩා සමීප වෙමින් ආදරණීයව විඳගත හැකි ඉරියව්වක්.

  1. Doggy position

එකිනෙකාට පිටුපා සිටින මේ ඉරියව්ව ඔබට මුඛයේ ගන්ධය ආදිය නිසා ලිංගික කටයුතු මඟ නොහැරීමට උදව් වෙනවා. ඉක්මනින් ගැබ් ගැනීමට හේතුවක් ලෙස ද මේ ඉරියව්ව හඳුන්වනවා.

මෙවැනි ඉරියව් ගණනාවක් ඔබේ සබඳතාවය අලුත් කරමින් ජීවිතය සුන්දර කරන්නට ඔබට උපකාරි වේවි.

තවත් දෙයක්, නිදන කාමරය තුළ යහන මත පමණක් ලිංගික කටයුතු වල නිරත විය යුතු නැහැ. ඔබේ නිවස තුළ ආදරයෙන් එක් වන්නට නිශ්චිත තැනක් තබා ගන්න එපා. ඔබ සිටින්නේ විස්තෘත පවුලක නම්, ඔබට එක් වීමේ නිදහස ඇත්තේ නිදන කාමරය තුළ පමණක් නම් ඔබ දෙදෙනා පමණක් සංචාරයක නියැලී දින දෙක තුනක් සුන්දර හෝටලයක නවාතැන් ගැනීමත් ඔබේ ලිංගික ජීවිතය අලුත් කර ගන්නට හේතුවක්.๬

Related Articles

Don't Miss


Latest Articles