ඔයාගෙ පාට්නර්ගෙ සෙක්ස් ඩ්‍රයිව් එක වැඩිද ? ඒක ඔයාට කරදරයක් ද ???

ඔයාගෙ පාට්නර්ගෙ සෙක්ස් ඩ්‍රයිව් එක වැඩිද ? ඒක ඔයාට කරදරයක් ද?.

ඔයාගෙ හස්බන්ඩ් ඔයාට වඩා සෙක්ස් කරන්න වැඩි බරක් දක්වනවා නම් එක ඔයාට අපහසුවක් වෙන්න පුළුවන්. අපි අද ඒ ගැන කතා කරමු. 

සෙක්ස් ඩ්‍රයිව් එකට සාමාන්‍ය ප්‍රමාණයක් තියෙනවද? 

ඇත්තට ම සෙක්ස් ඩ්‍රයිව් එකට එහෙම නැත්නම් ලිංගික එක්වීමේ ආශාවට සාමාන්‍ය කියලා සීමාවක් නැහැ. අපිට ඒක කියන්න පුළුවන් කෙනෙක්ට සාපේක්ෂව අඩුයි හෝ වැඩියි කියලා විතරයි. පාට්නර් කෙනෙක් තෝරගන්නකොට ඒ ගැන අවම වශයෙන් කතා බහ හරි කරලා පාට්නර් කෙනෙක් තෝරගන්න ඕනෙ ඒකයි. මොකද ඔයාට වඩා ගොඩක් වැඩි ලිංගික ආශාවක් හරි, අඩු ලිංගික ආශාවක් හරි ඔයාගෙ පාට්නර්ට තියෙනවා නම්, ඒක ගැටලුවක් වෙන්න පුළුවන් නිසා. 

අධික ලිංගික ආශාවට හේතු මොනවද? 

ආතතිය

ආතතිය එහෙම නැත්නම් ස්ට්‍රෙස් නිසා ලිංගික ආශාව පහළ යන්න වගේ ම ඉහළ යන්නත් පුළුවන්. ඒ නිසා යම් කිසි ආතතිමය තත්වයක් නිසා ඔයාගෙ පාට්නර්ගෙ ලිංගික ආශාව වැඩි වීමක් දකින්න පුළුවන්. 

හෝමෝන වෙනස්වීම්

ශරීරයේ හෝමෝන වෙනස් වීම නිසාත් අධික ලිංගික ආශාවක් ඇති වෙන හැකියාව තියෙනවා. වෛද්‍ය පරීක්ෂණයකින් මේ ගැන හරියට ම දැනගන්න පුළුවන්. 

බෙහෙත් නිසා

එක එක ලෙඩ රෝගවලට දීර්ඝ කාලීනව බෙහෙත් ගන්න හුරු වෙලා ඉන්න කෙනෙක්ද එයා?සමහර බෙහෙත් කාලයක් බොනකොට සෙක්ස් ඩ්‍රයිව් එක ඉහළ යන්න පුළුවන්. 

මෙහෙම වුණා ම මොකද කරන්නේ?

6108-06906215 © Masterfile Royalty-Free Model Release: Yes Property Release: Yes Couple lying face to face on the bed

කතා කරන්න. 

පළවෙනි ම දේ කතා කරන්න. ඔයාලා දෙන්නා කසාද බැඳලා හිටියත් එයාගෙ සෙක්ස් ඩ්‍රයිව් එක ඔයාට කරදරයක් නම් ඔයා ඒක ඉවසන් සිටිය යුතු නැහැ. ආවේගශීලී නොවී කතා කරන්න! මොකක්ද මේකට හේතුව කියලා හොයාගන්න උත්සාහ කරන්න. කතා කරන එකෙන් ප්‍රශ්නෙන් බාගෙකට වඩා අඩු වෙනවා. 

වෙලාවක් තියාගන්න. 

අමුතුයි වගේ නේද? ඒත් සාපේක්ෂව තමන්ට වඩා වැඩි ලිංගික ආශාවක් පාට්නර්ට තියෙනවා නම් මේ වෙලාව කියලා ඒකට වෙලාවක් වෙන් කරගන්න එක හරි ම ඵලදායී කියලා තමයි විශේෂඥයෝ කියන්නේ. එතකොට වෙලාව ගැන අදහසක් එයාගෙ ඔලුවෙත් තියෙන නිසා සමහර විටෙක අවශ්‍යතා තරමක් අඩු වෙන්නත් ඉඩ තියෙනවා. 

සෙක්ස් කියන්නෙ ඇතුල් කිරීමක් ම නෙවෙයි!

ලිංගික ව ක්‍රියාකාරී වෙනවා කියන්නෙ පුරුෂ ලිංගය ස්ත්‍රී ලිංගයට ඇතුල් කිරීම විතරක් නෙවෙයි. ඉතින් උත්සාහ කරලා බලන්න. ඔයා එයාව අත ගෑමෙනුත් ඔයාටත් එයාටත් තෘප්තිමත් වෙන්න පුළුවන්. එතකොට එයාගෙ ලිංගික ආශාව වැඩි නිසා ඔයා පීඩාවට පත් වෙන එකත් වැළකෙනවා. එයාගේ ලිංගික ආශාවන් සංතෘප්ත වීමත් සිද්ද වෙනවා. 

වෛද්‍ය උපදෙස් පතන්න. 

මේ කිසිම විදියක් හරි ගියේ නැත්නම්, තව දුරටත් ඔයාට මේක කරදරයක් ම නම්, පවුල් උපදේශනයට යොමු වෙන්න. 

Related Articles

Don't Miss


Latest Articles