ඔයාගෙ පාට්නර් සෙක්ස් වලට උදාසීනයි ද?

ඔයාගෙ පාට්නර් සෙක්ස් වලට උදාසීනයි ද? එහෙමනම් අපි අද මේ ලියන්නේ ඔයාටයි. සාමාන්‍ය ලිංගික ආශාව කියලා එකක් නැති බව ඔයා දැන් දන්නවා. මේක කෙනාගෙන් කෙනාට වෙනස්. හැබැයි ඉස්සරට වඩා එයා දැන් ලිංගික ක්‍රියාවලට උදාසීන බව ඔයාට තේරෙන්න පුලුවන්. මේ උදාසීන වීමට හේතු කිහිපයක් බලපාන්නට පුලුවන්. ඒවා සහ ඒවාට විසඳුම් අපි අද කතා කරනවා. 

මොනවද මේ උදාසීන බවට හේතු

මානසික පීඩනය

ගොඩක් වෙලාවට එයා මොකක් හරි ප්‍රශ්නෙක නම් මේ දේ වෙන්න පුලුවන්. රැකියාවේ ගැටලුවක්, එහෙම නැත්නම් මුදල් ගැටලුවක් වගේ ඕනෑ ම දෙයක් වෙන්න පුලුවන්. මනස නිරවුල් නැති වුණාම සෙක්ස් කරන්න අපහසුයි. ඉතින් ඔයාට පුලුවන් මේ ගැන කතා කරන්න. එයාගෙ ගැටලුව නිරාකරණය කරන්න එයාට උදව් කරන්න. ඊට පස්සෙ නැවත උත්සාහ කරලා බලන්න පුලුවන්. 

ඒකාකාරී බව

හැමදාම එකම විදියට,එක ම තැනක සෙක්ස් කරන නිසා ඒකාකාරී වීම මත එයා උදාසීන වෙලා වෙන්න පුලුවන්. ඒක වෙනස් කරන එක ඔයාගෙ විතරක් වගකීම නෙවෙයි. ඒත් එයා ඒ ගැන කතා නොකරනවා නම් ඔයා මූලික වෙලා කතා කරලා විසඳුමක් විදියට නව ඉරියව්, අලුත් ලස්සන ඇඳුම්, වෙනස් තැන් එක්ක උත්සාහ කරල බලන්න පුලුවන්. සමහර විට ඔයා නොහිතන වෙනසක් සිදු වේවී. ළඟදි රැයක් එළියට ගියේ නැත්නම්, කොහේ හරි ගිහින් ලිංගික එක්වීමකට උත්සාහ කරන්නත් පුලුවන්. ඔයාලගෙ ලිංගික එක්වීම් සිදුවන්නේ ඇඳේ විතරයි නම්, කුස්සියේ, සාලයේ, බාතෲම් එකේ මේ ඕනෑම තැනක ඔයාට උත්සාහ කරලා බලන්න පුලුවන්.

ශාරීරික අපහසුතා

සමහර විට ඔයාලා දෙන්නම බ්නොදැනුවත් ව දියවැඩියාව හෝ වෙනත් හෝමෝන අසමතුලිතතාවක් මත ඇතිවෙන අසනීප තත්ත්වයක් ශරීරයේ තියෙන්න පුලුවන්. ඉතින් චෙකප් එකක් කරලා බලන එකත් හොඳම හොඳ අදහසක්. වෛද්‍යවරයෙක් හමුවෙලා මේ ප්‍රශ්නෙ කිව්වාම කරන්න ඕනෙ පරීක්ෂණ මොනවද කියලා ලියලා දේවි. එහෙම නැති නම් වයසත් එක්ක ශරීර ශක්තිය අඩුවීමක් නිසා වෙන්නත් පුලුවන්. මේ තත්ත්වයටත් ප්‍රතිකාර තිබෙනවා. 

කාලයක් යන විට ලිංගික හැඟීම් අඩු වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් සාමාන්‍යයෙන් විවාහ සම්බන්ධයක් ඇතුළෙ ලිංගිකත්වය කියන්නෙ අවශ්‍ය දෙයක්. ඒ නිසා මේ වගේ අවස්ථාවක පිළියම් නොකර බැහැ. 

ඔයා මුලින් ම එයා එක්ක කතා කරන්න. කේන්ති නොගෙන, නිදහස් වෙලාවක මේ ගැන ඉතා ම ගැඹුරින් කතා කරන්න. ඊට පස්සෙ ඇත්තම හේතුව මොකක් ද කියලා ඔයාට දැනගන්න ලැබේවි. කායික ප්‍රශ්නයක් නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න පුලුවන්. මානසික ප්‍රශ්නයක් නම් මනෝ වෛද්‍යවරයෙකු හමුවෙලා හරි ම පහසුවෙන් මේ ගැටලුව විසඳ ගන්න පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles