ගුදමාර්ගික සංසර්ගය නිසා ඇතිවන ඔබ නොදත් භයානක අතුරු ප්‍රතිඵල..

Anal Sex එහෙම නැත්නම් ගුද ලිංගික සංසර්ගය ගැන අපි කීප වතාවක් ම කතා කරලා තියෙනවා. Anal Sex කියන්නෙ ඔයාට ලිංගික වශයෙන් සෑහෙන තෘප්තිමත් බවක් ලබන්න පුළුවන් දෙයක් කියලයි තතු දත්තෝ කියන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේකෙදි වෙන්න පුළුවන් අවදානම් දේවල් කිහිපයක් ගැන.

Anal sex කියන්නෙ මොකක්ද ?

Anal sex කියන්නෙ කෙනෙක්ගේ ගුද මාර්ගයට ලිංගික අවයවයක්, ඇඟිල්ලක් හෝ ලිංගික උපකරණයක් ඇතුල් කිරීමෙන් ලිංගික තෘප්තිමත් බවක් ලබා ගැනීමයි. මේ anal sex විෂම ලිංගිකයන් අතර වගේ ම සමලිංගිකයන් අතරත් පවතිනවා.

Anal sex නිසා විය හැකි අවදානම් දේවල්

  • වේදනාකාරී බව.

ඇත්තට ම ගුද මාර්ගය හැදිලා තියෙන්නෙ පිට කරන්න මිස ඇතුල් කිරීමක් සඳහා නොවෙයි. ඒ නිසා වේදනාව තරමක් වැඩී. මොකද ස්වභාවික ලිහිසිකාරක ගුද මාර්ගයේ නැහැ. ඒ නිසා මුල් ම කාලයේ නම් දැඩි වේදනාවක් වුණත් ඇති වෙන්න පුළුවන්. නිසි පරිදි කෘත්‍රිම ලිහිසිකාරක භාවිතා කළොත්, පූර්ව සංසර්ග ක්‍රියාවලිය තරමක් වෙලාව අරගෙන කළොත් මේ වේදනාව තරමක් අඩු කරගන්න පුළුවන් වේවි.

  • ඉරීම් ඇති වීම

කලින් කිව්ව කාරණා නිසා ම සහ ගුද මාර්ගයේ මාංශ පේශි ඉතාම සංවේදී නිසා ඒවා ඉරීමකට ලක් වෙන්නත් හැකියාවක් තියෙනවා. හැකි තාක් වෙලාව අරගෙන, ලිහිසි කාරකත් එක්ක ම වැඩේ පටන් ගන්න කියලා තමයි මේ ප්‍රශ්නෙට උත්තර විදියට කියන්න තියෙන්නෙ.

  • රුධිර වහනය

බොහොම කලාතුරකින් anal sex කරද්දි රුධිර වහනයක් සිදු වෙන්න පුළුවන්. ඉතාම සියුම් සහ සංවේදී මාංශපේශි තියෙන නිසා, වේගවත් හෝ දැඩි එකතු වීමකදී පහසුවෙන් ම බිඳී රුධිර වහනයක් වෙන්න පුළුවන්. ලිහිසි කාරක භාවිතා කිරීමත්, කල්පනාකාරීවීමත් මගින් මේ තත්ත්වය මග හරවා ගන්නට පුළුවන්.

  • ආසාදන

වඩාත් සංවේදී නිසාම anal sex වලදි ආසාදන ඇති වීමේ හැකියාවත් ඉතා වැඩියි. ලිංගික ව ව්‍යාප්ත වන රෝග (STD) පහසුවෙන් ම ඇති වන්නට ඉඩ කඩ තිබෙන නිසා කොණ්ඩම් පැළදීම ඉතා හොඳයි. ඒ වගේ ම වෙනත් ආසාදන පවා පහසුවෙන් ඇති විය හැකි නිසා ඒ ගැන අනිවාර්යයෙන් ම සැලකිලිමත් විය යුතුයි.

  • පසුකාලීන ආබාධ

දීර්ඝ කාලීනව Anal sex කිරීමෙන් මාංශ පේශි ලිහිල් වී මළ පහ පිටවීම මෙන් ම අර්ශස් හැදීමේ අවදානමක් තිබෙනවා. ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්.

එකිනෙකාගෙ රුචි අරුචිකම් විවිධයි. ඒ නිසා ‍යමක් හොඳයි හෝ නරකයි කියන්නට අපිට බැහැ. නමුත් අවදානම් ගැන දැනුවත් වීමෙන් අපට ඒවායෙන් වැළකෙන්නට හැකියාව තිබෙනවා.

Related Articles

Don't Miss


Latest Articles