ඔබත් ප්‍රදර්ශනකාමයෙන් ලිංගික ව සතුටු වෙනවා ද?

අපිට සෙක්ස්වල මෙන්න මේ ටික සාමාන්‍යයි, මේ ටික අසාමාන්‍යයි කියලා බෙදුම් රේඛාවක් අඳින්න බෑ. ඒක පුද්ගලානුබද්ධයි. ඒ විවිධත්වය උඩ ඒක විකෘති ද නැද්ද කියන්න පුලුවන් කමක් නෑ. නමුත් මිනිස්සු විදිහට අපිට වගකීමක් තියෙනවා අපි ලිංගිකව සතුටුවෙන එකත් එක්කම ඒකට සමගාමීව කිසිම පාර්ශවයක් ලිංගිකව පීඩාවට පත් නොකරන්නත්. sexual kinks and fetishes ගැන අපි හොඳින් ම දැනුවත් වෙන්න ඕනෙ ඒ නිසයි.

ඔයාට ලිංගික ව සතුටු වෙන්න පුලුවන් ඕනෑ තරම්, ඒත් ඒකෙ සීමාව තියෙන්නෙ ඔයාගෙ පාට්නර් හෝ වෙනත් කෙනෙක්ව “එයාගෙ අකමැත්තෙන් හෝ එයාගෙ අනුදැනුමෙන් තොරව” පීඩාවට පත් නොවෙන තැන. 

ඇත්තට ම සෙක්ස් කියන්නෙ හරි ම මිහිරි, තෘප්තිමත් දෙයක්. ඉතින් තව කෙනෙක් ව එයා අකමැත්තෙන් හෝ එයා නොදැනුවත් ව හෝ පීඩාවා පත් කිරීම නම් කොහෙත් ම අනුමත කරන්න පුලුවන් කමක් නෑ. 

මේ ලිපියේදි අපේ අරමුණ වෙන්නේ ඔයාට ඔයා ඉන්න තැන හඳුනාගන්නට ඉඩ ලබා දෙන එක. ඒ වගේ ම ඔයාට ඔයාගෙ පාට්නර්වත් අඳුනාගන්න ඉඩ ලබා දෙන එක. මම හැමදාම කියනවා වගේ සෙක්ස්වල මූලික ම දේ සන්නිවේදනය. සන්නිවේදනයෙන් තමයි තව කෙනෙක්ගෙ ආශාවන් තේරුම් ගන්න පුලුවන් වෙන්නේ. ඉතින්, එයා ඔයාට ඔයාගෙ ආශාවන් කියන කොට එයාව අවතක්සේරුවට ලක් නොකර ඉන්න එක නම් හරි ම වැදගත්. ඒවට හැඩ ගැහෙන්න පුලුවන් නම් හැඩ ගැහෙන්නත්, බැරි නම් ප්‍රතික්ෂේප කරන්නත් ඔයාට ඉඩ තියෙනවා. ඒත් කාගෙවත් හැඟීමක් අවතක්සේරු කරන්න අපිට බෑ.

සෙක්ස් ගැන කතා කරනකොට කතා නොකර ම බැරි දෙයක් තමයි මේ kinks and fetishes. ඔයා නොදන්නවා වුණාට ඔයාටත් kinks and fetishes තියෙනවා වෙන්න පුලුවන්. ඉතින් අපි ලිපිය කියවලා බලමු ද ? 

ලිංගික උත්තේජනයක් කියන්නේ මොකක්ද? 

මොකක් හරි කෙනෙක්, දෙයක්, තැනක්, ඇඳුමක් වගේ දෙයකින් ඔයා මූඩ් එකක නැති වෙලාවක ඔයාව සෙක්සි මූඩ් එකකට ඇදලා දානවා නම්, අපිට ඒක ලිංගික උත්තේජනයක් විදියට අඳුනගන්න පුලුවන්. 

Kink එකක් කියන්නෙ මොකක්ද ? 

ඒත් අපිට සෙක්ස් කිව්වාම සාමාන්‍යයෙන් මතක් වෙන දේවල් ටිකක් තියෙනවනෙ. අන්න ඒ දේවල්වලින් ටිකක් එහාට ගිය, දෙයක් තමයි sexual kink එකක් විදියට අඳුනගන්නේ. 

ආචාර්ය Kyle Zrenchik ( Ph.D., LMFT, ACS, a couples’ and sex therapist and clinical director at ALL IN Therapy Clinic in Minneapolis)ට අනුව Kink එකක් කියන්නෙ, සාමාන්‍යයෙන් සෙක්ස් කරනකොට භාවිතා කරන දේවල්වලින් එහාට ගිහින් යම්කිසි දෙයක්, ලිංගික අවයවයක් නොවන අවයවකින් හෝ ක්‍රියාවකින් ලිංගික උත්තේජනයක් ලබා ගන්නට තියෙන ආශාවයි. Kink එකකදි එහෙම ආශාවක් තිබුණාට ඒක ඕනෙමයි කියල එකක් නෑ. ලැබුණොත් තෘප්තිමත් වෙන්න පුලුවන්. නොලැබුණාට ගැටලුවක් නෑ. විශේෂත්වය වෙන්නේ ඒ ආශාව තරමක අසඅසාමාන්‍ය, සුලබ නොවන, ප්‍රධාන ධාරාවේ එකක් නොවීමයි. එක විදියකින් kink එකක් කියන්නේ අපේ sexual fantasy එකක් කියලත් කියන්න පුලුවන්. සමහර විට මෙහිදී සාමාන්‍යයෙන් ලිංගික ව එකතු වෙනකොට සිදු කරන ඇතුළු කිරීම් කිසිසේත් සිදු නොකර ම තෘප්තිමත් වෙන්න kinks වලින් තෘප්තිමත් වෙන අයට පුලුවන්.ඒත් එයාලට ලිංගික ව තෘප්තිමත් වෙන්න ඒක ඕනෙමයි කියලා එකක් නෑ. එයාලා ඒ අත්දැකීමට කැමතියි. තිබුණොත් හොඳයි. නමුත් සාමාන්‍ය ලිංගික ක්‍රියාවලිනුත් ඕනෑ තරම් සතුටු වෙන්න එයාලට පුලුවන්. 

එතකොට මොනවද මේ fetishes ? 

Fetish එකක් කියන්නෙ සෙක්ස් කරනකොට භාවිතා කරන දේවල්වලින් එහාට ගිහින් යම්කිසි දෙයක්, ලිංගික අවයවයක් නොවන අවයවකින් හෝ ක්‍රියාවකින් ලිංගික උත්තේජනයක් ලබා ගන්නට තියෙන ආශාව ම තමයි. නමුත් විශේෂත්වය වන්නේ ඔයාට තෘප්තිමත් වෙන්නට මේ අදාළ දෙය හෝ අවයවය අත්‍යවශ්‍ය වීමයි. එය නොලැබුණොත් තෘප්තිමත් වීමක් නෑ. වෙනත් ලිංගික ක්‍රියාවලින් තෘප්තිමත් වෙන්න මොකක් හරි fetish එකක් තියෙන කෙනෙකුට හැකියාවක් නෑ. 

මේ දෙකේ වෙනස අපි උදාහරණයකින් පැහැදිලි කරගනිමු.

ප්‍රදර්ශනකාමය (Exhibitionism)

ඔයා ස්වයං වින්දනය කරන එක හරි ඔයා පාට්නර් එක්ක සෙක්ස් කරන එක හරි, තව කෙනෙක් හෝ කිහිප දෙනෙක් දකින එකෙන් ඔයාට ලිංගික තෘප්තියක් ලබන්න පුලුවන් නම්, ඒකට අපි ප්‍රදර්ශනකාමය කියනවා. 

ඔයාට එහෙම කරාම ලිංගික තෘප්තියක් ලැබෙනවා නම්, නමුත් වෙනත් ලිංගික ක්‍රියාවලිනුත් සතුටු වෙන්න පුලුවන් නම්, ඔන්න ඔයාට තියෙන්නේ kink එකක්.

ඔයාට ප්‍රදර්ශනකාමය හැර වෙනත් කිසිම ලිංගික ක්‍රියාවකින් තෘප්තිමත් වෙන්න බැරි නම්, ඕනෙ ඒකමයි නම්, ඔන්න ඒක fetish එකක් වෙනවා. 

නෝටි කතා (Dirty Talks)

සමහර විට සෙක්ස් කරද්දි වෙන්න පුලුවන්, එහෙම නැත්නම් පාට්නර් එක්ක ආදරෙන් ඉද්දි වෙන්න පුලුවන්, එයාගෙන් ඔයා නෝටි කතා අහගන්න එකෙන් හරි, ඔයා එයාට නෝටි කතා කියන එකෙන් හරි ලිංගික ව තෘප්තිමත් වෙන එක තමයි මේ. 

එතකොට, ඔයා නෝටි කතා කියලා හෝ අහලා තෘප්තිමත් වෙනවා නම්, සහ ඔයාට අනිත් ලිංගික ක්‍රියාවලිනුත් තෘප්තිමත් වෙන්න පුලුවන් නම්, ඔයාට තියෙන්නෙ kink එකක්.

නමුත්, ඔයා වෙන කිසිම ලිංගික ක්‍රියාවකින් සතුටු වෙන්නෙ නැත්නම් – ඔයා සතුටු වෙන්නේ නෝටි කතා අහලා හෝ කියලා පමණක් නම් ඒක fetish එකක් වෙනවා. 

ඔයා නොදන්නවා වුණාට හරි ම අමුතු kinks and fetishes ගොඩක් තියෙනවා. ඊළඟ ලිපියෙන් අපි ඒ ගැන  කතා කරමු.

Related Articles

Don't Miss


Latest Articles