දෙදෙනාටම උපරිම ලිංගික තෘප්තියක් ලබා දෙන Oral Sex ගැන දැනගමු..

ඔබ දන්නවා sex education ගැන smartlady වෙබ් අඩවිය හරහා අපි ඔබව නිරන්තරයෙන්ම දැනුවත් කරනවා. ඇත්තටම ලිංගිකත්වය කියන්නෙ අසභ්‍ය දෙයක් නොවෙයි. විශේෂයෙන්ම අපේ පාඨකයන් අවුරුදු 18 වැඩි වැඩිහිටියන් නිසා මේ දේවල් විවෘතව කතා කරන්න අපි ලැජ්ජා වෙන්න ඕනත් නෑ.


ලිංගිකත්වය ගැන නොදන්නා දෙයක් නිවැරැදි ආකාරයට ඉගෙන ගැනීම කිසිසේත්ම වරදක් නෙවෙයි . මේ ලිපි පෙල ලියන මා ලිංගික මනෝ විද්‍යාව විෂයක් ලෙස හදාරා ඇතිවාක් මෙන් ම මෙය සැකසීම සදහා ලොව පුරා ලිංගික අධ්‍යාපනය පිළිබඳ ව කෙරෙන නවතම පර්යේෂණවලින් තහවුරු කරන දැනුමත් පදනම් කර ගන්නවා. ඒ නිසා මේ ලියන්නෙ අසභ්‍ය දේ නොවේ. ඉතින් ඔබේ සහකරු සමග ජීවිතේ සතුටින් විඳින්න කැමති බුද්ධිමත් කාන්තාවක් නම් අපි ඔබට ආරාධනා කරනවා මේ දැනුම නිසි විදියට ලබා ගන්න අපි සමග එක් වෙන්න කියලා.

ඉතින් අපි අපේ අද මාතෘකාව ට එමු.

Sex ගැන කතා කරනකොට, අපිට අමතක කරන්න ම බැරි මිහිරි ම දෙයක් තියෙනවා. ඒ තමයි Oral Sex. එහෙම නැත්නම් මුඛ සංසර්ගය කියන්න පුලුවන්. ඇයි ඒකට මුඛ සංසර්ගය කියන්නේ කියලා ටිකක් කල්පනා කරලා බලමු ද? සාමාන්‍යයෙන් ලිංගික අවයවවලින් සංසර්ගයේ යෙදෙන තරම් ම සම්පූර්ණ ලිංගික ක්‍රියාවලියක් මේකෙනුත් සිද්ධ වෙන නිසා. ඔබේ තොල් සහ දිවෙන් සහකරුවා හෝ සහකාරිය උත්තේජනය කිරීම මෙහිදී සිදු වෙනවා.

Oral sex කියන්නෙ පූර්ණ ලිංගික තෘප්තියක් ලබා ගන්නට හැකි ආරක්ෂිත ක්‍රමවේදයක්. මේ මගින් කිසිසේත් ගැබ් ගැනීමක් සිදුවන්නේ නෑ. නමුත් ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග බෝවීමේ හැකියාවක් තිබෙන නිසා ඒ පිළිබඳ ව සැලකිලිමත් විය යුතුයි.

කොහොමද සූදානම් වෙන්නේ!

අංක එක තමයි සන්නිවේදනය. අපි එකිනෙකාගේ තෘප්තිමත් වීමේ ආකාරයන් විවිධයි. සිරුරේ රිද්මයන් විවිධයි. ඉතින් මුලින් ම කරන්න ඕනෙ එයා එක්ක මේ ගැන කතා කරන එක. බොහො ම සුහද ව! ගෑනු ළමයි ටිකක් අකමැති දෙයක් විදියට අපිට මේක හඳුනගන්න පුලුවන්. කිසිවෙක්ට අකමැති දෙයක් කරන්නට බලකරන්නට බැහැ. සන්නිවේදනය වඩාත් වැදගත් වෙන්නේ ඒ නිසාමයි.

පිරිසිදුකම ගැනත් අනිවාර්යයෙන් ම හිතන්නට වුවමනායි. ඒ වගේ ම තද සුවඳකින් යුතු ආලේපනවලින් බැහැර වෙන්නට හැකි නම් හොඳයි. ඔබේ සිරුරේ ස්වභාවික සුවඳ (Natural odor) වියැකෙන්නට එය බලපානවා. ස්වභාවික සුවඳට සහරුවා හෝ සහකාරිය වඩාත් ආසක්ත වන බව ඔබ දන්නවා ද?

මතක තියාගත යුතු ම දේවල්

ආරම්භයේදී හැකිතාක් මෘදු වෙන්න. කිසි ම වෙලාවක ලිංගික අවයවවල සංවේදී ස්‍ථානවල දත් වද්දන්න එපා. එයා කීවොත් හැර!

හැකිතාක් කාලය ගන්න. මේ තමයි වැදගත් ම කාරණාව. හදිසියෙන් නිම කරන්නට යාම කිසිසේත් තෘප්තියක් ලබා දෙන්නේ නෑ. කාලය රිසි සේ භාවිතා කරන්න.

පිරිමියෙකු මුඛ ලිංගික ව තෘප්තිමත් කරන්නට නම් ඔහුගේ ලිංගය ප්‍රාණවත් වී තිබීම අත්‍යවශ්‍ය නෑ. එය අතින් හෝ මුඛයෙන් ම ප්‍රාණවත් කරන්නට පුලුවන්.

කාන්තාවකගේ නම් ක්ලිටොරසය පමණක් නොවෙයි. යෝනි තොල් ඇතුළු ආශ්‍රිත ප්‍රදේශය සඳහා ම අවධානය යොමු කරන්නට පුලුවන්. එමෙන්ම ශෘංගාරාත්මක කලාපයන් කෙරෙහි ද හොඳින් සැලකිලිමත් විය යුතුයි.

තොල් සහ දිව විතරක් නෙවෙයි, ඇඟිලිත් පාවිච්චි කරන්න පුලුවන්. දෑත් පිරිසිදු කරගන්න ඕනෙ ඒ නිසයි.

කාලය පිළිබඳ දෙදෙනාගේ එකඟතාවයක් තියෙන්නට අවශ්‍යයි. සුරතාන්තයක් දක්වා ම තෘප්තිමත් වෙන්නේ මුඛයෙන් පමණක් ද නැද්ද යන වග තීරණය කරන්නට අවශ්‍ය වන්නේ ඔබ දෙදෙනායි.

පිටවෙන ශුක්‍රාණු ගිලුණාට ප්‍රශ්නයක් වන්නේ නැහැ. ශුක්‍රාණු ගිලීමෙන් කිසිසේත් ම ගැබ් ගන්නේත් නැහැ. එහෙත් සමහරු ගිලින්නට අකමැත්තක් දක්වනවා. සමහර සහකරුවෝ මුඛයේ නොව මුහුණේ හෝ වෙනත් අවයවයක් මත ශුක්‍රාණු පිටකරන්නට කැමතියි. සහකරු හෝ සහකාරියගේ රිද්මය වඩාත් ම දන්නේ ඔබයි.

ලිංගික කටයුතු සම්බන්ධ ව ඕනෑ ම දෙයක් සිදුවෙන්නට අවශ්‍යවන්නේ දෙදෙනාගේ ම කැමැත්තෙන්. එකිනෙකාගේ සිරුරේ රිද්මයක් හඳුනාගෙන සංතෘප්ත වීම ඔබ සතුයි.

  • -Sharene –

Related Articles

Don't Miss


Latest Articles