ඔබට උපරිම ලිංගික තෘප්තියක් ලබා දෙන Doggy Style

සෙක්ස් කියන්නෙ ආට් එකක්. එක ම විදියට, එක ම තාලෙන් කියන කොට සිංදුවක් වුණත් අහන එක එපා වෙන්න පුලුවන්. ඒ නිසයි සෙක්ස් කරනකොටත් විවිධත්වයක් ඕනෙ වෙන්නෙ. අපේ සමාජ සංස්කෘතික කාරණා එක්කත්, ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග හින්දත් මේ ඒකාකාරී බව නැති කරගන්න පාට්නර්ව මාරු කරනවට වඩා ගැළපෙන දේ තමයි එයා එක්ක ම වෙනස් දේවල් ට්‍රයි කරන එක.
ආදරෙත් එක්ක ම ලිංගික තෘප්තිය වැඩිවෙන්නේ එතකොටයි.
සෙක්ස් කරන කොට එකම ඉරියව්වකින් නැතුව වෙනස් ඉරියව්වලින් කරනකොට තෘප්තිමත් බව වැඩි කරනවා කියලා අපි දන්නවා. මීට කලින් ලිපිවල එක එක ලිංගික ඉරියව් ගැන මම කතා කරලාත් තියෙනවා. අද මේ ලිපියෙන් කියන්න යන්නෙ කාන්තා පිරිමි දෙගොල්ලන්ට ම උපරිම තෘප්තියක් ලබා ගන්න පුලුවන් ඉරියව්වක් ගැනයි. ඒ තමයි Doggy Style.

මොකක්ද මේ ඩොගී ස්ටයිල් කියන්නෙ?

සරලව ම මේකෙදි වෙන්නේ ඔයා කාන්තාව නම් පුරුෂ ලිංගය ඔබට පිටුපසින් යෝනි මාර්ගයට ඇතුල් කිරීමයි.
එතකොට ඔයාට එයාගෙ මූණවත් – ඔයාට එයාගෙ මූණවත් පේන්නෙ නෑ. හැබැයි මේ ඉතා ම තෘප්තිමත් ඉරියව්වක් කියලා තමයි කියන්නෙ. අපි බලමු ඒ ඇයි කියලා.

ඩොගී ස්ටයිල්(Doggy Style) වල වාසි මොනවද?

ඔයා කෙල්ලෙක් නම්,

ඔයාට පූර්ණ තෘප්තිමත් සුරතාන්තයක් ලබා දෙන්න මේ ඉරියව්වෙන් ලිංගික එක්වීමක් කළොත් පුලුවන් වෙනවා. ඒ වගේ ම ඔයාගෙ G spot එකට ඉතා ම හොඳින් හා පහසුවෙන් ළඟා වෙලා උත්තේජනය කරන්න එයාට පුලුවන් ඔයා මේ ඉරියව්වෙන් ඉන්න කොට.

ඒ වගේ ම ඔයාට හෝ එයාට, ඔයාගෙ clitoris එක අතකින් පිරිමදින ගමන් උත්තේජනය කරගන්නත් මේ ඉරියව්වෙන් ඉද්දි පහසුවෙන් ම පුලුවන්.

ඒ වගේ ම, ඔයාගෙ පියයුරු එයාට වගේ ම ඔයාටත් උත්තේජනය කරගන්න මේ ඉරියව්ව පහසුවක් වෙනවා.

ඔයා කොල්ලෙක් නම්,

ඔයාට ඉතා ම හොඳින් සහ පහසුවෙන් ලිංගික එක්වෙන්න (thrust) මේ ඉරියව්ව
උදව් වෙනවා.

ඒ වගේ ම එයාගෙ පියයුරු හෝ clitoris එක උත්තේජනය කරලා එයාව තෘප්තිමත් කරන්නත්, ඔයාට තෘප්තිමත් වෙන්නත් මේ ඉරියව්ව ඉතා ම හොඳයි.

ඒ වගේ ම, මේ ඉරියව්වෙන් කාන්තාව ඉන්න කොට ඒක දැකීම ඉතා ම සරාගී බව තමයි මේ ගැන දන්නා අය මාත් එක්ක කිව්වේ.

ඩොගී ස්ටයිල් පහසු කරන ටිප්ස් කිහිපයක්

ඔයා කලින් මේ ඉරියව්වෙන් ලිංගික ව එකතු වෙලා නැති නම් මුලින් ම ඔයාට යම් අපහසුවක් දැනෙන්න පුලුවන්. ඒවා වළක්ව ගන්න සරල ටිප්ස් ටිකක් තමයි මේ.

  1. Foreplay අමතක කරන්න ම එපා.

Doggy style නෙවෙයි මොන ලිංගික එක්වීමක් වුණත්, පූර්ව ලිංගික ක්‍රියා සිදුකිරීමයි සාමාන්‍ය ක්‍රමය. බොහෝ විට ඔයා කෙල්ලෙක් නම් ඔයාගෙ යෝනි මාර්ගය තෙත් වෙන්න යන වෙලාව තරමක් වැඩි වෙන්න පුලුවන්. ඉතින් මේ පූර්ව ලිංගික ක්‍රියාවලින් සිදු වෙන්නේ ඒ වැඩේ. එක පාර දඩිබිඩියේ ඇතුල් කරන්න ගියොත් වේදනාවකින් කෙළවර වෙන්න පුලුවන්. කාලය ගන්න ඕනෙ ඒකයි. ඉතින්, දෙන්නගෙම කැමැත්තෙන් නෙවෙයි නම්, foreplay එකක් නැතුව ලිංගික එක්වීමක් නිර්දේශ කරන්න බැහැ. කොහොම හරි, මේ ඉරියව්වෙදි විශේෂයෙන් ම foreplay ඕනෙ වෙන්නෙ, ඔයා මේක කලින් කරලා නැත්නම් පොඩි වේදනාවක් එන්නත්, ඒකෙන් ඔයා පසුබහින්නත්, ඔයාගෙ මූඩ් එක නැති වෙන්නත් පුලුවන් නිසයි. ඒ නිසා හැකිතාක් වෙලාව ගන්න.

  1. Lubricant එකක් පාවිච්චි කරන්න.

මොන ලිංගික එක්වීමකදි වුණත්, විශේෂයෙන් ම ඔයාගෙ මුල් කාලීන ලිංගික අත්දැකීමක් නම්, ලුබ්‍රිකන්ට් එකක් භාවිතා කරන එක වඩා හොඳයි. මේ ලුබ්‍රිකන්ට් නැත්නම් ලිහිසිකාරක එයා කොණ්ඩම් එකක් දාගෙන හිටියත් භාවිතා කරන්න පුලුවන්. ඒ නිසා, නිතරම ලුබ්‍රිකන්ට් එකක් භාවිතා කරන්න. ඒකෙන් ඔයාගෙ උත්තේජනවලටත් ලොකු රුකුලක් ලැබෙනවා.

  1. කොට්ට – මෙට්ට පාවිච්චි කරන්න.

මේ ඉරියව්ව ඔයා අත් දෙකෙන් සහ දණහිස් දෙකෙන් සිරුරට බර දිලා ඉන්න එකක්. ඉතින් ගොඩක් වෙලා ඉද්දි දණිස් එහෙම රිදෙන්න ගන්න පුලුවන්. ඒ නිසා කොට්ටයක්, මෙට්ටයක් වගේ දෙයක් උඩින් දණිස් තියාගත්තොත් ගොඩක් වෙලා කරන්න පුලුවන් ඔන්න.

  1. ඉරියව්ව පොඩ්ඩක් අලුත් කරන්න.

එක ම විදියට ඉද්දි රිදෙනවට කරන්න පුලුවන් තවත් දෙයක් තමයි මේ ලිංගික ඉරියව්ව ටිකක් වෙනස් කරන එක. ඔයා දණිස් දෙකට ඇඟේ බර දෙන්නෙ නැතිව ඔයාගෙ බඩ මතුපිටට තද කරලා තියාගන්න පුලුවන්. එතකොට ඔයාගෙ බර එන්නෙ බඩට. වේදනාවත් අඩුයි. තෘප්තිමත් බවත් වැඩී. එහෙම නැත්නම් කකුල් දෙක දිගෑරගන්න. එතකොටත් ඇඟේ පතේ වේදනාවන්ගෙන් තොර වෙලා මේ ඉරියව්වේ පූර්ණ තෘප්තිමත්බව ලබා ගන්න පුලුවන්.

  1. Anal sex කරන්නත් පුලුවන්.

ඒ වගේ ම, මේ ඉරියව්වෙන් ඔයාට ගුද මාර්ගයට පුරුෂ ලිංගය ඇතුල් කරන්නත් පුලුවන්. Anal sex වල ඉතාම ජනප්‍රිය ඉරියව්වක් තමයි මේ doggy style කියන්නේ. මොකද ඒකට ගොඩාක් පහසු ඉරියව්වක් තමයි මේ.

ඉතින් ඔන්න දැන් ඔයාලා doggy style ගැන ගොඩක් දේවල් දන්නවා. දෙන්නගෙම කැමැත්තෙන්, ආදරෙන් සෙක්ස් කරන ගමන් doggy style එක ට්‍රයි කරලා බලන්න ඔයාට දැන් පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles