පුරුෂ ලිංගය අප්‍රාණික වුවත් කාන්තාව සුරතාන්තයට පත් කරන ක්‍රම

ලිංගික තෘප්තිය කියන්නේ හරි ම සංකීර්ණ කතන්දරයක්. ලිංගික තෘප්තියේ උපරිම කෙළවර සුරතාන්තය කියලායි කියන්නේ. ගැහැණියට සුරතාන්තය ලැබෙන විදිය තරමක් වෙනස්. සමහර කාන්තාවන්ට යෝනි මාර්ගයට ශිෂ්ණය ඇතුළු කිරීමෙන් සුරතාන්තය ලැබෙන්නේ ම නැහැ. සමහර කාන්තාවන්ට සුරතාන්තය ලබා ගන්නට ඇතුල් කිරීමෙන් මෙන් ම තවත් දේවල්වලින් පුළුවන්. නමුත් මේ ගැන එළිපිට සාකච්ඡා හරි ම අඩුයි.

පිරිමි කෙනාගෙ පුරුෂ ලිංගය කිසි ම ලෙසකින් සෘජු නොවෙන විටකදී වුණත් කාන්තාව සුරතාන්තයට පත් කරන්න ඔහුට හැකියාව තියෙන බව ඔබ දන්නවාද? අද අපි කතා කරන්න යන්නේ ඒ ගැනයි. ලිංගික අප්‍රාණිකත්වය ඇති පිරිමියෙකුට වුණත් කාන්තාවකට සම්පූර්ණ සුරතාන්තයක් ලබා දෙන්නේ කොහොමද කියායි.

කාන්තාවට සුරතාන්තය ලබා ගැනීමට පුරුෂ ලිංගය හැර භාවිතා කළ හැකි දේ

පිරිමි ඔබේ ඇඟිලි, දිව සහ ලිංගික උපකරණ මේ සඳහා භාවිතා කළ හැකියි. ඇඟිලි සහ දිව පාවිච්චි කිරීමේදී නිතර ම සනීපාරක්ෂාව පිළිබඳ වග බලාගන්නට වෙනවා. අත් නිතර පරිසරයේ විෂබීජ හා ගැටෙන නිසා ලිංගික එක්වීම්වලට පෙර දෑත් හොඳින් පිරිසිදු කර ගත යුතු වෙයි. එමෙන් ම කෙළවලින් පවා ලිංගික සම්ප්‍රේෂණය වන රෝග වැළඳිය හැකි බවත් සිහි තබා ගත යුතු යි. ලිංගික උපකරණ වර්තමානයේ නම් ලංකාවේ ඕනෑ තරම් මිලට ගැනීමට තිබෙනවා. එක් එක් ආකාරයේ උපකරණ ඇති අතර ඔබේ පෞද්ගලික රුචිකත්වය මත ඕනෑ එකක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

කාන්තාවගේ සිරුර හඳුනා ගැනීම

කාන්තා සිරුර හරි ම ආශ්වාදජනකයි. සමහර විටක ඇයගේ ලිංගික අවයවවලට අතක්වත් නොතබා ඇයට සුරතාන්තය ලබා ගන්න පුළුවන්. ඒ ශරීරයේ erogenous zones අතින් ස්පර්ශ කිරීමෙන් හෝ දිවෙන් ස්පර්ශ කිරීමෙන් උත්තේජනය කොටයි. එක් එක් කාන්තාවන්ගේ මේ erogenous zones වෙනස්. එය හඳුනාගත හැක්කේ ප්‍රායෝගිකවමයි. පියයුරු, කන්, බෙල්ල, දණහිස පිටුපස, ඉන දෙපස, වැලමිට ඇතුල්පස erogenous zone ලෙස හඳුනාගන්න පුළුවන්. මේවා ඇඟිලිවලින් ස්පර්ශ කිරීමෙන්, දිවෙන් ස්පර්ශ කිරීමෙන් සමහර කාන්තාවන්ට සුරතාන්තය ලබා ගත හැකි වෙනවා.

G spot එක සහ ක්ලිටොරසය

කාන්තාවගේ වඩාත් ම ලිංගික උත්තේජක ස්ථාන දෙක ලෙස මේවා හැඳින්වුවහොත් වරදක් නැහැ. G spot එකත් සියලු දෙනාටම සමාන ප්‍රතිඵල ගෙන දෙන්නේ නෑ. මෙය පිහිටා ඇත්තේ යෝනි මාර්ගයේ අඟලක් පමණ ඇතුලේ. සමහර කාන්තාවන් පවසන්නේ ඔවුන්ට එවන් ස්ථානයක් සොයා ගත නොහැකි බවයි. සමහරුන්ට ඊට වඩා ප්‍රබල ලිංගික උත්තේජන ස්ථාන තිබෙන බව පවසනවා. බොහෝ කාන්තාවන්ගේ සුලබ සහ සංවේදී ම ලිංගික උත්තේජන අවයවය වන්නේ ක්ලිටොරසයයි. යෝනි තොල් දෙකට මැදිව මෙය පිහිටා තිබෙනවා. G spot එක හෝ ක්ලිටොරසය එක වර හෝ වෙන ම හෝ ඇඟිලිවලින් හෝ දිවෙන් උත්තේජනය කිරීමෙන් කාන්තාවන්ට සාර්ථක සුරතාන්තයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

ඉතින් පුරුෂ ලිංගික අප්‍රාණිකත්වය තව දුරටත් කාන්තාව සුරතාන්තයට පත් කිරීමට බලපාන ගැටලුවක් නොවෙයි. ලිංගික තෘප්තිය ලබා ගැනීමේ මාර්ගය කියා නිශ්චිත එකක් නෑ. ඔබේ සිරුර හඳුනාගන්න. එය ඔබට සුරතාන්තයට පාර කියාවි.

Related Articles

Don't Miss


Latest Articles