Boring Sex Life එක වෙනස් කරගන්න ටිප්ස්

ඔයා එයා එක්ක කොච්චර ආදරෙන් ඉන්නවා වුණත්, ටික කාලෙකට පස්සෙ ඔයාලගෙ ලිංගික ජීවිතේ ඒකාකාරී  වෙන්න පුලුවන්. ඒක එයාගෙවත් ඔයාගෙවත් වරදක් නෙවෙයි. ඒත් ඒක දිගින් දිගට ම පැවතුණොත් ගැටලු සහගත වෙන්න පුලුවන්. ඉතින් boring sex life එක spice up කරගන්න ටිප්ස් ටිකක් අද කතා කරනවා. 

  1. ඇඳුම් ඔක්කොම ඉවත් කරන්න එපා. 

ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා ඉන්නේ සෙක්ස් කරන්න කලින් ඇඳුම් ඔක්කොම ඉවත් කරන්න. නමුත් Dr. Juliana Morris (Relationship sexpert) කියන්නේ වෙනස් දෙයක්. එයාගෙ අදහස, ඔක්කොම ඇඳුම් ගලවන්නෙ නැතුව ඉන්න කියන එක. ඒ කියන්නේ, ඔයා පිරිමි ළමයෙක් නම් කලිසමේ zip එක විතරක් open කරාම ඇති. ඔයා ගෑණු ළමයෙක් නම්, ඔයාගෙ උඩ ඇඳුම තියෙන කොට, යට ඇඳුම් විතරක් අයින් කරල බලන්න පුලුවන්. සරල ව ම එයාගෙ අදහස වෙනදා කරන දේට විරුද්ධ දෙය කරලා බලන්න කියන එකයි. 

  1. ලිහිසිකාරක වෙනස් විදියකට භාවිතා කරන්න. 

Emily Morse (Doctor of Human Sexuality and founder of the Sirius XM show)ගෙ අදහසක් තමයි මේ. Oral sex වලදි  flavored lubricant එහෙම නැත්නම් රස ගන්වන ලද ලිහිසිකාරක භාවිතා කරන්න. ඔයා oral sexවලට අකමැති කෙනෙක් වුණත් ඒ මිහිරි රස ඔයාව වෙනම ලෝකෙකට ගෙනියාවි. 

  1. ස්ථානය මාරු කරන්න. 

ඔයා හැමදාම sex කරන්නෙ එකම තැනක නම්, ඔයාට ඒක boring වෙන්න පුලුවන් ඉඩ කඩ වැඩියි. Dr. Juliana Morris කියන විදියට, මේ තැන මාරු කළොත් ලොකු තෘප්තියක් ලබන්න පුලුවන්. කුස්සියේ pantry එක උඩ, බාතෲම් එකේ, සාලෙ සෝෆා එකක, වාහනේ ඇතුළෙ වගේ වෙනස් තැනක් තෝරගන්න. වෙනස් පරිසරය, වෙනස් ආලෝකය, වෙනස් ශබ්ද ඔයාට අලුත් ම හැඟීමක් ගෙන එයි කියලායි Dr. Morris කියන්නේ. 

  1. ඉරියවු වෙනස් කරන්න. 

වෙනස් sex positions ගොඩක් අපි කලින් ලිපි වල කතා කරලා තියෙනවා. හැමදාම එකම ඉරියව්වකින් sex කරනකොට ඒකාකාරී වෙනවා. ශරීරයේ එකම ස්ථාන ටිකක් දකින්නේ.  එකම ස්ථාන ටිකක් ස්පර්ශ කරන්නේ. Alexandra Fine (Sexologist)ට අනුව මේ ඉතාම වැදගත් දෙයක්. ඉරියව්ව වෙනස් කරාම ස්පර්ශ වෙන තැන්, දකින තැන් සහ දකින කෝණය පවා වෙනස් වෙනවා. එය මිහිරි අත්දැකීමකට මග කියනවා. 

  1. Sex toys අත් හදා බලන්න. 

ලංකාවේ දැන් ඕනෙතරම් sex toys ගන්න පුලුවන් තැන් තියෙනවා. Online වුණත් ගෙන්න ගන්න පුලුවන්. ඔයාට පුලුවන් එයා එක්ක ම ගිහින්, දෙන්නගෙම කැමැත්තට දේවල් ගන්න. ඒ අත්දැකීම වෙනස් එකක් වෙනවාට සැක නෑ. 

  1. වෘත්තීය සහය ගන්න. 

මේ දේවල් කරලත් ඔයාට හිතෙනවා නම්  තව ම ගැටලුව විසඳුණේ නෑ කියලා, ඔයාට පුලුවන් වෘත්තීය සහය ගන්න. Sexologist කෙනෙක් ළඟටයි ඔයා යන්න ඕනෙ. මේ සාමාන්‍ය තත්ත්වයක් නිසා පැකිලෙන්න ඕනෙ නෑ. ඔයාගෙ ලිංගික ගැටලු හැම එකක්ම විසඳගන්න පුලුවන්. 

Sex කරන එක ඒකාකාරී වෙන්න ගොඩක් හේතු බලපාන්න පුලුවන්. නමුත් නිසි අවබෝධයෙන් සහ හොඳ සන්නිවේදනයක් ඔයාල දෙන්නා අතර තියේ නම්, මේ ගැටලු තව දුරටත් ගැටලු වෙන්නේ නෑ. 

Related Articles

Don't Miss


Latest Articles