ලිංගික තෘප්තිය ලැබෙන්නේ ප්‍රජනන අවයවවලින් විතර ම ද ?

ලිංගික එක්වීමක් ගැන පැවසෙද්දී එක්වර ම සිහියට එන්නේ ලිංගික අවයව, පියයුරු සහ තොල්පෙති වැනි අවයව කිහිපයක්. එහෙත්සරාගී ලිංගික එක්වීමකදී උත්තේජනය කිරීමෙන් තෘප්තියක් ලබන්නට හැකි ස්ථාන බොහොමයක් අපේ සිරුරේ තිබෙනවා. එය ලිංගික අවයවවලට පමණක් සීමාවන්නක් නොවෙයි. සිරුර වැඩි වශයෙන් ගවේෂණය කිරීමෙන් වැඩි තෘප්තිමත් භාවයක් ලබන්නට ඔබට හැකියාව තිබෙනවා. අපි අද ඒ අධිසංවේදී ස්ථාන අටක් ගැන දැනගනිමු.

බෙල්ල

ස්ත්‍රී පුරුෂ භේදයකින් තොර ව බෙල්ල ඉතා සංවේදී ස්ථානයක් ලෙස හඳුනාගන්නට පුළුවන්. බෙල්ල දෙපස මෙන් ම බෙල්ල පසුපසත් මේ සඳහා යොදාගන්නට පුළුවන්. බෙල්ලට ලබාදෙන උණුසුම් සුසුම් කිහිපයකින් ඔබේ ආලිංගනයට වෙනස් ම අත්දැකීමක් ලබා ගන්නට හැකියාව තිබෙනවා.

කන් පිටුපස

කන් පිටුපසත් ඉතා ම සංවේදී ලෙස හඳුනා ගැනෙනවා. උණුසුම් සුසුම් කිහිපයකින් හෝ දිවෙන් ඔබේ සහකරුවාගේ හෝ සහකාරියගේ සිරුරේ රෝම කූප කෙළින් කරන්නට හැකිවේවි.

යටිබඩ

ලිංගික අවයවවලට තරමක් උඩින් හිස්ව පවතින ප්‍රදේශය හෙවත් යටි බඩත් ඉතාම සංවේදී කලාපයක්. සිපගැනීමකින් හෝ ඇඟිලිතුඩුවලින් ඔබට එය උත්තේජනය කරන්නට හැකියි. දිව වුණත් පාවිච්වි කරන්න පුළුවන්.

කලවාවල ඇතුලත

අධිසංවේදී ම කලාපයක් වන මේ පෙදෙස දිවෙන් හෝ ඇඟිලිවලින් උත්තේජනය කිරීම හෝ මෘදු ව සිපගැනීම වඩාත් තෘප්තිමත් ලිංගික සතුටක් ලබා දෙනවා.

ඉණ දෙපස

ඉණ දෙපස සරාගී හැඟීම් මතු කරන්නට තෝතැන්නක් බව ඔබ කිසි දිනක සිතා තිබුණා ද? මෘදු සිපගැනීම් කිහිපයකින් උත්සාහ කර බලන්න. විස්තර කිරීම් අවශ්‍ය වෙන එකක් නෑ. ඉතා ම සුන්දර ආලිංගනයක් ඔබට ලැබේවි.

දණහිස් පිටුපස

ඔබේ සිරුරේ ඇති අධිකතර සංවේදනයන් සහිත ස්ථානයක් ලෙස දණිස් පිටුපස හඳුනාගන්නට පුළුවන්. දිවෙන්, ඇඟිලිවලින් හෝ උණුසුම් සුසුම් කිහිපයකින් ඇයට හෝ ඔහුට වෙනස් ම හැඟීමක් ලබා දෙන්නට පුළුවන්.

යටිපතුල්

යටිපතුල් උත්තේජනය කිරීමෙන් ද ඉතා තෘප්තිමත් ලිංගික උත්තේජනයක් ලබා දෙන්නට හැකියාව තිබෙනවා. මූඩ් එකට ගැළපෙන විදියට දිව හෝ ඇඟිලි මේ සඳහා යොදාගන්න පුළුවන්.

අල්ල

අතිනත පටලා සිටීම ආලිංගනවලදී පමණක් සිදුවන්නක් නොවෙයි. ඉන් ඉතා සමීප බවක්ද දැනෙන්නට ගන්නවා. අත්ල ද අධි සංවේදී ප්‍රදේශයක් වීම ඊට හේතුවයි. ඇඟිලිවලින් ඉතා පහසුවෙන් අත්ල උත්තේජනය කරන්නට පුළුවන්.

මතක තබා ගන්නට ම ඕනෑ දේ

එක් එක් සිරුරු විවිධාකාරයි. ඒ නිසා දැනීම් වෙනස් වන්නට පුළුවන්. අවශ්‍යතා සහ ආශාවන් වෙනස් වන්නට පුළුවන්. සුන්දර ලිංගික සම්බන්ධතාවකට යතුර වෙන්නේ සන්නිවේදනය යි. ඔබේ සහකරුවාගේ හෝ සහකාරියගේ අවශ්‍යතාවන් සහ ආශාවන් දැනගැනීමත්, ඔබේ අවශ්‍යතාවන් සහ ආශාවන් ප්‍රකාශ කිරීමත්, සාර්ථක ලිංගික සම්බන්ධයක දී ඉතා වැදගත් වනවා. ඉහත සඳහන් කළ අධි සංවේදී කලාපයන් පිබිදෙන්නට බලාගෙනයි ඉන්නේ. කාලය ගන්න. හැකිතාක් සිරුර ගවේෂණය කරමින් තෘප්තිමත් බවට ළඟා වෙන්න

Related Articles

Don't Miss


Latest Articles