පුරුෂ ලිංගය ගැන බොහෝ දෙනෙක් නොදත් අරුම පුදුම තොරතුරු…

පුරුෂ ලිංගය එහෙමත් නැත්තං ශිෂ්ණය ගැන බොහෝ අය දන්නේ අඩු වශයෙන්. එය හොඳින් පරිණාමය වූ ඉතාම සංකීර්ණ අවයවයක්.මෙම ලිපියෙන් අප ශිෂ්ණය පිළිබඳව කුතුහලය දනවන රසවත් කරුණු කිහිපයක් සාකච්ඡා කරමු.

ශිෂ්ණය පිළිබඳ පෞරාණිකම ඉඟිය හම්බෙන්නෙ ෆොසිල වලින්. දැනට සොයා ගෙන තිබෙන පැරණිතම ශිෂ්ණය වසර මිලියන 425 ක් පැරණි වන අතර, එහි පොසිල අවශේෂ අයත් වන්නේ Colymbosathon ecplecticos ලෙස නම් කරන ලද ආත්‍රපෝඩාවෙකුට.  ඌට ඒ නම දාලා තියෙන්නෙ  ග්‍රීක භාෂාවෙන් විශාල ශිෂ්ණයක් සහිත පිහිනුම් ක්‍රීඩකයා යන අර්ථයෙනුයි. 

රසවත් කරුණ වන්නේ ශිෂ්ණය කෙතරම් පහසුවෙන් සහ ඉක්මනින් සෘජු වෙන්නේද යන්නයි. එසේම එම කරුණම එය සත්වයන්ගේ  පැවැත්ම සඳහා කෙතරම් විශේෂ භූමිකාවක් ඉටුකරනවද යන්න පිළිබිඹු කරයි. එය කොතරම් ස්භාවිකද යන්න පිලිබඳ පවසන වෛද්‍යවරෙකු පවසන්නේ ලෝකයේ විශිෂ්ටම නළුවාටවත් ශිෂ්ණය ඍජු වීම ව්‍යාජ ලෙස කළ නොහැක යනුවෙනුයි. 

1. පලමු වරට ශිෂ්ණය සෘජු වීම 

ශිෂ්ණය ඍජු වීම පළමුවරට සිදුවන්නේ ගර්භාෂයේදීය. ළදරුවන් ගර්භාෂයෙන් එලියට ගන්නා අවස්ථාවේදි ශිෂ්ණය සෘජු වී තිබීම සාමාන්‍ය සිදුවීමකි. උපන් මොහොතට පෙර පවා, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් වලින් සමහර අවස්ථා වලදී  ශිෂ්ණය ඍජු වීම සහිත කළලයක් පෙන්වා තිබේ. 

1991 සිට කරන ලද අධ්‍යයනයකට අනුව, කලල රූපයන්ට ශිෂ්ණය ඍජු වීම බොහෝ විට සිදුවන්නේ නින්දේදීය. එය සෑම පැයකටම කිහිප වතාවක් එය සිදු විය හැකිය. ඒ ඇයි දැයි කිසිවෙකුට හරියටම විශ්වාස නැති නමුත් එය ශරීරයේ අංග නිවැරදිව ක්‍රියාත්මක කොට පරික්ෂා කරන ක්‍රමයක් විය හැකිය.

2. ශිෂ්ණය පිටතට පෙනෙන ප්‍රමාණය මෙන් දෙගුණයක් දිගයි

ශිෂ්ණය පිටත පෙනුමට වඩා දිගු වේ. ඇත්ත වශයෙන්ම, එහි මුළු දිගෙන් අඩක් පමණ පවතින්නේ ශරීරය තුලයි. රෝස පැහැති ශිෂ්ණය තුල අඩංගු ඍජු පටක —  “corpus cavernosum” සහ “corpus spongiosum” — වලින් සමන්විත වන අතර එය ශ්‍රෝණි කලාපය දක්වා හොඳින් විහිදෙන අතර බූමරන්ගයක හැඩයකින් සමන්විත වේ. 

3. යමෙකුගේ සපත්තු අඩිය සහ ශිෂ්ණයේ ප්‍රමාණය සමාන ද 

මෙය වැරදි මතයකි.  International Trusted Source සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද 2002 අධ්‍යයනයකින් තහවුරු වන පරිදි, යමෙකුගේ සපත්තු අඩියේ ප්‍රමාණය සහ ශිෂ්ණයේ සෘජු දිග අතර සම්බන්ධයක් නොමැත.

1993 දී ප්‍රකාශයට පත් කරන ලද පැරණි අධ්‍යයනයකින්, ශිෂ්ණයේ දිග යමෙකුගේ උස සහ පාද වල දිග යන දෙකටම සම්බන්ධ බව ප්‍රකාශ කෙරුනද , එය අසත්‍ය බව පසුව තහවුරු විණි. පසුව 

බෙලහීනතා පර්යේෂණයක් පිළිබඳ ජාත්‍යන්තර සඟරාවක ප්‍රකාශයට පත් කරන ලද 2006 අධ්‍යයනයක් නිගමනය කළේ වයස, උස සහ දබර ඇඟිල්ලේ දිග, සමඟ සැලකිය යුතු ලෙස සම්බන්ධයක් ශිෂ්ණයට තිබෙන නමුත් පාදයේ ප්‍රමාණය එයට අදාල නොවන බවයි. 

4. Morning wood

බොහෝ පුද්ගලයින්ට සෑම රාත්‍රියකම 3–5 අතර වතාවක් ශිෂ්ණය ඍජු වීම සිදුවිය හැක. බහුතරයකට උදෑසන අවදිවීමෙදි ශිෂ්ණය සෘජු වී තිබේ. බොහෝ දුරට මෙය සිදුවන්නේ නින්දේදී ය. මෙය “nocturnal penile tumescence,” ලෙසද හඳුන්වනු ලබන අතර එය සිදුවන්නේ මන්දැයි තවමත් පැහැදිලි නැත.

5. අවසාන සෘජු වීම 

ගර්භාෂයේ දී සහ නින්දේදී ශිෂ්ණය ඍජු වීම සිදුවිය හැකි බව අපි තහවුරු කර ඇත්තෙමු. නමුත් ඊටත් වඩා පුදුම සහගත දෙය නම්: මරණයේදි ශිෂ්ණය ඍජු වීමයි. මෙය “angel lust” හෝ පර්යන්ත ශිෂ්ණය ඍජු වීම ලෙසද හැඳින්වේ, එය මරණයෙන් පසු මොහොතක සිදු වේ.

මෙය එල්ලීමෙන් මිය ගිය පුද්ගලයින් තුළ බහුලව සිදු වේ.විද්‍යාඥයන් විශ්වාස කරන්නේ එසේ වන්නේ මස්තිෂ්කයේ ඇති තුණ්ඩයේ පීඩනය නිසා විය හැකි බවයි.

කෙසේ වෙතත්, හිසට වෙඩි වැදීමෙන්, ප්‍රධාන රුධිර නාල වලට හානි වීමෙන් සහ විෂ වීමෙන් මිය යාමෙන් පසුව ද මෙවැනි අවස්ථා වාර්තා වී ඇත.

6. ශිෂ්ණය කැඩී යා හැක

ශිෂ්ණය තුල අස්ථි නොමැත, එසේම ක්ෂීරපායින්ගේ ශිෂ්ණය තරමක් අසාමාන්‍යය. කෙසේ වෙතත්, ශිෂ්ණය කැඩී යාම එහි අස්ථි නොමැති වූවත් වියහැකි සිදුවීමකි. මෙය බහුලව සිදු වන්නේ වේගවත් ලිංගික සංසර්ගයකදීය.

ශිෂ්ණය බිඳීම යනු, ඇත්ත වශයෙන්ම corpora cavernosa හි තන්තුමය ආවරණය කැඩී යාමයි, එනම් එහි තිබෙන පටක කැඩී යාමයි. 

මෙය සිදුවීමෙදි දැඩි වේදනාවක්, එම ප්‍රදේශය ඉදිමීමක්  ඇති විය හැක.

වාසනාවකට මෙන්, මෙය  බොහෝ විට සිදු නොවන අතර, එය ඉක්මනින් ප්‍රතිකාර කළහොත්, ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කළ හැකිය.

Related Articles

Don't Miss


Latest Articles