BDSM ගැන හරියට දැනගමුද?

BDSM කිව්ව ගමන් ගොඩක් දෙනාට මතක් වෙන්නේ Fifty shades of grey ෆිල්ම් එක. පිටතින් එච්චර ගැඹුරක් පෙනුණෙ නැතුවාට BDSM කියන්නෙ බොහොම ගැඹුරු, වගකීම් සහගත විය යුතු sexual fantasy එකක්. බලය සහ පාලනය කිරීම එක්ක වේදනාවෙන් සතුටක් ලබා ගැනීමයි මේකෙදි වෙන්නේ. ඒ කියන්නෙ වේදනාවක් ලබා දීමෙන් හරි වේදනාවක් ලබා ගැනීමෙන් හරි ඕනෙ එකක්. මේ ලිපියෙන් ඒ ගැඹුරු සංකල්පය ගැන සරල දැනුමක් ලබා දෙනවා.

මොකක්ද BDSM කියන අකුරු ටිකේ තේරුම?

Bondage, Discipline, Dominance, Submission, Sadisam & Masochism කියන වචන ටිකේ මුල් අකුරු අරගෙන තමයි මේ BDSM කියන term එක හදලා තියෙන්නෙ. BDSM වල සිද්ද වෙන්නෙ ඔය කියපු සංකල්ප ටික තමයි. මේ සේරම සංකල්ප බලය සහ පාලනය කිරීම එක්ක එකතු වුණ ඒවා. අපි දැන් බලමු මොනවද මේ සංකල්ප කියලා. මෙතනදි බලය සහ පාලනය වීම සාමාන්‍ය ජීවිතේදි වගේ, ඒ කියන්නෙ අපේ පුරුෂ මූලික සමාජවලදි වගේ පිරිමියා පාලනය කරනවා ගැහැණිය පාලනය වෙනවා කියලා එකක් නෑ.ඔයාල දෙන්නගෙ කැමැත්ත අනුව පාලනය කරන්නෙ කවුද පාලනය වෙන්නෙ කවුද කියලා තෝරගන්න පුළුවන්.

Bondage

මේ කියන්නෙ අත් දෙක හරි කකුල් දෙක හරි එහෙම නැත්නම් කට හරි කඹයක් හෝ ලණුවක් (මෙයට ම වෙන්වූ එකක්) අරගෙන බැඳලා සෙක්ස් කරන එකට. මේකට ම වෙන් වුණ මාංචු එහෙමත් දැන් වෙළඳපොළේ තියෙනවා.

Discipline

එයාව ඔයාගෙ පාලනයට ගන්න පොඩ්ඩක් සැර කරලා එයාට අණ කරන එකට තමයි මෙහෙම කියන්නෙ. පස්සට පාරක් දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් ගහලා දඬුවමක් දෙන්නත් පුළුවන්. සමහරු මේකට මේ සඳහා ම හදපු කස එහෙමත් පාවිච්චි කරනවා. කසයක් නැතත් අතිනුත් පුළුවන් ඉතින්.

Dominance & Submission

මේ කතන්දරේදී පාලනය කරන කෙනෙකුයි පාලනය වෙන කෙනෙකුයි ඉන්න බව මම මුලින් කිව්වනෙ. පාලනය කරන කෙනා තමයි dom. පාලනය වෙන කෙනා තමයි sub. ඉතින් ඔයා එයාට ඔයාව පාලනය කරන්න ඉඩ දෙනකොට එයා ඔයාගෙ සුරතාන්තය පවා පාලනය කරනවා. ඒ කියන්නෙ වෙනදට ඔයාගෙ සුරතාන්තය ලබා ගන්නෙ ඔයාට ඕන වෙලාවටනෙ. නමුත් මේ වෙලාවට ඔයාගෙ සුරතාන්තය පාලනය කරන්න අයිතිය තියෙන්නෙ එයාට. එයාට ඕනෙ වෙලාවට තමයි ඔයාට සුරතාන්තය ලබා ගන්න දෙන්නේ.

Sadisam & Masochism

Sadisam කියන්නෙ ඔයා එයාට රිදවලා එයා වේදනාවක් ලබනවා දැකලා තෘප්තිමත් වෙන එකට. Masochism කියන්නෙ ඔයා ඔයාට වේදනාවක් ලැබීමෙන් තෘප්තිමත් වෙන එකට.

BDSM කරන කොට මතක තියාගන්න ම ඕනෙ දේවල්

මේක මැජික් එකක් හෝ තහනම් දෙයක් හෝ නරක දෙයක් නෙවෙයි. පළවෙනි ම දේ තමයි “ඔයාලා දෙන්නාම” මේකට කැමති වෙන එක. හැබැයි ඒක බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කොයිම විදියටවත් පාට්නර්ව බලෙන් කැමති කරගන්න හදන්න එපා. එයා එක්ක කතා කරලා බලන්න. ඔයාලා දෙන්නම කැමති නම් විතරක් කරලා බලන්න. ඊළඟ එක තමයි, ඔයාට කවුරු හරි තමන්ගෙ ශරීරයේ පාලනය දෙනකොට ඔයාට එයාගෙ ශරීරය ගැන වගකීම තියෙනවා. ඔයාගෙ පාට්නර් එක්ක ඔයා කාලයක් ඇසුරු කරනව නම් එයාගෙ වේදනාවල් දරාගැනීමේ සීමාව එහෙම ඔයා දන්නවානෙ. ඒ ගැන හැම වෙලේම කල්පනාවෙන් ඉන්න.

ඒ වගේ ම ඔයාලා දෙන්නා සීමා පනවා ගන්න ම ඕනෙ. කොතනටද මොනවද කරන්නෙ කොච්චර කරනවද? ආදී වශයෙන්. මේකට Safe word එකක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද “අනේ එපා” කියන කොට තව හයියෙන් රිදවන්න පුළුවන්. ඔයා සැටිස් නිසා කියනවද දන්නෙත් නෑනෙ. එතකොට ඔයාට ඇත්තටම රිදෙන කොට එයාට ඒක නොතේරෙන්න පුළුවන් හින්දයි මේ Safe word එකක් පාවිච්චි කරන එක වැදගත් වෙන්නේ. ඔයාල දෙන්නා මුලින් ම කතා වෙලා safe word එකක් තියාගන්න ඕනෙ ඒ නිසායි. ඒ වගේ ම පාට්නර් සේෆ් වර්ඩ් එක කියනකොට ම නතර කරන්න ඔයා වග වෙන්න ම ඕනෙ.

මුලිනුත් කිව්වා වගේ dom කවුද sub කවුද කියලා තීරණය කරන්න ඕනෙත් ඔයාලාමයි. හැමදාම dom එයා sub ඔයා වෙන්නත් පුළුවන්. ඕක දෙපැත්ත මාරු වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඒක සම්පූර්ණයෙන් සිද්ද වෙන්න ඕනෙ ඔයාලා දෙන්නගෙ කැමැත්ත අනුව.

දැන් වෙළඳපොලේ ඕනෙ තරම් මේවට යොදාගන්න ලිංගික උපකරණ තියෙනවා. ඔයා කැමති නම් බය නැතුව උත්සාහ කරලා බලන්න.

දෙන්නගෙම එකඟතාවයෙන්, දෙන්නගෙම කැමැත්තෙන් කරන තාක් කල් BDSM කියන්නෙ අහිතකර දෙයක් නෙවෙයි. සෙක්ෂුවල් ෆැන්ටසිවල වෙනස් ම අත්දැකීමක් වෙන BDSM කියන්නෙ එක වතාවක් හරි උත්සාහ කරලා බැලුවට කමක් නැති දෙයක් කියලයි මම නම් යෝජනා කරන්නේ.

Related Articles

Don't Miss


Latest Articles