Air Freshener භාවිතයෙන් තොරව ඔබේ නාන කාමරය සුවඳවත් කර ගත හැකි ක්‍රම.

ඔබ ඔබේ නිවස පිරිසිදුව තබා ගැනීමට උනන්දු වනවා මෙන්ම නාන කාමරය ද පිරිසිදුව තබා ගැනීමට අනිවාර්යයෙන්ම උනන්දු විය යුතුයි.පිරිසිදු කරගත් නානකාමරය සුවඳවත්ව තබාගැනීමත් වැදගත්.බොහෝ දෙනා ඒ සඳහා විවිධ වර්ගයේ Air freshner භාවිතා කරනවා. අද අපි ඔබට මේ ලිපියෙන් කියන්නේ air freshner භාවිතා කිරීමකින් තොරව ඔබේ නාන කාමරය සුවඳවත්ව සහ නැවුම්ව තබා ගන්න පුළුවන් ටිප්ස් කිහිපයක් ගැනයි

දිනපතාම පිරිසිදු කරන්න

ඔබේ නාන කාමරය දිනපතාම පිරිසිදු කිරීමට පියවර ගැනීම ඉතාම වැදගත්.මෙය රාත්‍රී කාලයේ දී හෝ උදය කාලයේදී ඔබට කරන්නට පුළුවන් .පිරිසිදු කිරීමෙන් පසුව හොදින් වියලා ගැනීම ද , අපද්‍රව්‍ය බඳුන ඉවත් කර පිරිසිදු කිරීමද ඔබ කල යුතුයි.

තෙත් තුවා නාන කාමරය තුළ තැබීමෙන් වළකින්න

තෙත් වූ තුවායන් නාන කාමරය තුළ තිබීම එතරම් හොඳ දෙයක් නොවෙයි.එමඟින් නාන කාමරය තුළ අමුතුම දුර්ගන්ධයක් එක්රැස් වනවා.එය නාන කාමරය තුළට ඇතුළු වන ඕනෑම කෙනෙකු තුළ අප්‍රසන්න හැඟීමක් එකතු කරන්න පුළුවන්.ඒ නිසා හැම විටම ඔබ භාවිතා කළ තුවායන් නාන කාමරයෙන් පිටත ඇති ස්ථානයක තැබීමට හෝ හොඳින් අව්වේ වේලා ගැනීමට ඔබ සැලකිලිමත් වෙන්නට ඕනේ.ඒවා හොඳින් වියලුණු පසුව නැවතත් ඒවා නානකාමරය තුළ ගබඩා කළ හැකියි

මල් බඳුනක් තබන්න

ඔබේ ගෙවත්තේ ඇති ඔබ ප්‍රිය කරන සුවඳකින් යුතු මල් ඔබේ නාන කාමරය සුවදවත් කර ගන්නත් ඔබට භාවිතා කරන්න පුළුවන්. නාන කාමරයේ සින්ක් එක මත හෝ වෙනත් සුදුසු ස්ථානයක කුඩා මල් බඳුනක් තබා තිබීමෙන් දිනපතාම විවිධ මල් වර්ග වලින් පිරවීමට ඔබට පහසු වනු ඇත.

ලෙමන් වලින් ප්‍රයෝජන ගන්න

පිරිසිදු කිරීමට සහ දුර්ගන්ධයන් ඉවත් කිරීමට ලෙමන් කියන්නෙ ඔබට භාවිතා කළ හැකි හොඳම දෙයක්.එම ප්‍රයෝජන දෙකට අමතරව ලෙමන් කියන්නේ ඉතා හොඳ පිරිසිදු පිරිසිදුකාරකයක්.එහි අඩංගු ඉහළ සිට්‍රික් අම්ලය නිසා ඔබේ නාන කාමරයේ බොහෝ තැන් පිරිසිදු කිරීමට හැකියාව තියනවා.එසේත් නැතිනම් නාන කාමරය පිරිසිදු කිරීමෙන් පසුව ලෙමන් බිංදු කීපයක් ඉස තැබීමෙන් හෝ වීදුරු භාජනයකට ලෙමන් පෙති කිහිපයක් බහා තැබීමෙන් ද නාන කාමරය සුවඳවත්ව තබා ගැනීමට ඔබට පුළුවන්

Aromatic oil භාවිතා කරන්න

Aromatic oil කියන්නේ ඔබේ නාන කාමරය සුවදවත් ව තබා ගැනීමට ඔබට තෝරාගත හැකි විශිෂ්ට තේරීමක්.ඔබ කැමති සුවඳ වර්ගයක aromatic oil ස්වල්පයක් ගෙන කපු පුළුන් බෝලයක් පොඟවා එය නාන කාමරයෙ නොපෙනෙන ස්ථානයක හෝ , අපද්‍රව්‍ය කුඩය තුළ හෝ ,ඔබේ දත් බුරුසු බහා ඇති බහාලන තුල හෝ තැබීමෙන් ඔබේ නාන කාමරය නිරන්තරයෙන්ම සුවඳවත්ව තබාගන්න ඔබට පුළුවන්

රෙදි මෘදුකාරක ප්‍රයෝජනයට ගන්න

අපේ නාන කාමරයෙහි දෑත් පිස දැමීම සඳහා කුඩා තුවා එල්ලා ඇත්නම් මේ ක්‍රමය භාවිතා කරන්න ඔබට පුළුවන්.ඔබ ඇඳුම් සෝදා අවසානයේ ඒවා සුවඳවත් කිරීම සඳහා භාවිතා කරන රෙදි මෘදුකාරක ස්වල්පයක් ජලය සමඟ මිශ්‍ර කර එම දෑත් පිසදමන තුවා වලට ඉසින්න.ඔබේ නාන කාමරයේ තිර රෙදි දමා ඇත්නම් ඒවා සඳහාත් මේ ක්‍රමය භාවිතා කරන්නට ඔබට පුළුවන්.

වැසිකිළි බුරුසුව සඳහා essential oil භාවිතා කරන්න

ඔබේ නාන කාමරය තුළ තිබෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලින් එකක් ලෙස වැසිකිලි බුරුසුව හඳුන්වන්න පුළුවන්.ඔබේ වැසිකිලිය පිරිසිදු කර අවසානයේ දී එම බුරුසුවද හොඳින් පිරිසිදු කර එයට essential oil ස්වල්පයක් එකතු කර තබන්න.එසේ නැතිනම් එම බුරුසුව බහාලනයේ පතුලට essential oil ස්වල්පයක් එකතු කර තබන්න.මෙය ඔබේ නාන කාමරය කාමරය සුවඳවත්ව තබා ගැනීමට භාවිතා කල හැකි වඩාත්ම ඵලදායි ක්‍රමයක් වන අතර බොහෝ හෝටල් වල නාන කාමරය සුවදවත් කිරීම සඳහා ද මේ ක්‍රමය භාවිතා කරනවා

වැසිකිලි ටැංකියට රෙදි මෘදුකාරක ස්වල්පයක් එකතු කරන්න

ඔබේ වැසිකිළියට වතුර ගලා එන ටැංකියට රෙදි මෘදුකාරක ස්වල්පයක් එකතු කිරීමෙන් වැසිකිළිය භාවිතා කර එය පිරිසිදු කලායින් පසුවත් නාන කාමරය තුළ දුර්ගන්ධයක් ඉතිරි වීම වළක්වා ගන්නට පුළුවන්. මේ සඳහා ඔබට රෙදි මෘදුකාරක වලට අමතරව essential oil වුවත් භාවිතා කල හැකියි

නාන කාමරයට හොඳින් වාතාශ්‍රය ලැබීමට සලස්වන්න

මෙය ඉතාම වැදගත් පියවරක් වගේම නාන කාමරයක් සැලසුම් කරන විටම ඔබ ගත යුතු පියවරක්.දහවල් කාලයේ කාලයේ දී ඔබේ නාන කාමරයේ ඇති ජනෙල් පියන් ඇර තබා ඒ තුළට හොඳින් තුළට හොඳින් හිරු එළිය සහ වාතාශ්‍රය ලැබීමට සැලැස්වීමෙන් නාන කාමරය තුළ එක්රැස් විය හැකි බැක්ටීරියා වර්ග හෝ දුර්ගන්ධයන් පිටතට යැවීමට හැකියාව තිබෙනවා.

මෙන්න මේ ටිප්ස් ප්‍රයෝජනයට ගැනීමෙන් ඔබට ඔබේ නාන කාමරයේ නිරන්තරයෙන්ම සුවඳවත්ව තබාගන්න පුළුවන්.

Related Articles

Don't Miss


Latest Articles