ඔසප් වේදනාව අඩු කර ඔබේ සිරුරට ප්‍රාණවත් බවක් ලබා දෙන ආහාර වර්ග.

මාසයේ නිශ්චිත දින කිහිපයක් එනවාට අකමැත්තක් දක්වන අතිශය පීඩාකාරි ලෙස ඒ දවස් ගෙවා දමන ඔබට තමයි මේ ලිපිය. නමුත් වේදනාව දරා ගැනීමට ඉතාම අපහසු අසාමාන්‍ය ඔසප් වේදනාවකින් ඔබ සෑම මසකම පෙලෙනවා නම් අනිවාර්යයෙන් වෛද්‍යවරයෙක් හමු වී ඒ තත්වය ගැන සාකච්ඡා කළ යුතුයි. නමුත් ඔසප් දින කියන්න බොහෝ කාන්තාවන්ට දෛනිකව කරන තමන්ගේ කටයුතු කර ගැනීමට පවා යම් අපහසු තත්වයක් නිර්මාණය කරන දවස්. යටිබඩේ කැක්කුමක් නම්, වෙනදට වඩා සිරුරට දැනෙන වෙහෙස වැඩි නම්,කලන්තය සහ ඇඟපතේ කැක්කුම් වැඩි නම් මේ ආහාර වලින් ඔබට සහනයක් ලැබේවි. එපමණක් නොවේ මේ ආහාර වලින් ඔබේ සිරුරට අවශ්‍ය ශක්තිමත් බව වගේම පෝෂණයද ලබා දී සිරුරට ප්‍රාණවත් බවක්ද ලබා දේවි.

ජලය

ජලය පානය කිරීම අපේ බොහෝ සෞඛ්‍ය ගැටලුවලට පිළියමක්. ඔබ ඔසප් දින ආසන්න වෙද්දී සහ ඒ දින වල ජලය හොඳින් ලබා ගැනීම අනිවාර්යයෙන් කළ යුතුයි. ඔබව විජලනයෙන් වැලකීම සහ ඔසප් හිසරදය වැළැක්වීමට ජලය ක්‍රියා කරනවා.
ඒ නිසා හැකි තරම් ජලය පානය කරන එක තමයි අංක එක.

කොළ පාට එළවලු

සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් දන්න දෙයක් තමයි ඔසප් කාලයේදී අපේ සිරුරේ යකඩ මට්ටම යහපත් වීම අනිවාර්යය බව.කොළ පැහැ එළවලු එයට ඔබට උදව් වෙනවා.මැග්නීසියම් අධික නිවිති වැනි පලා වර්ගත් අනිවාර්යයෙන් ලබා ගන්න. යකඩ මට්ටම සංතෘප්ත වී තිබීම අධික මහන්සිය,කොන්දේ කැක්කුම,අධික රුධිර වහනය කියන තත්ව වලින් ඔබව ආරක්ෂා කරනවා.

පළතුරු

කොමඩු,පිපිඤ්ඤා වැනි ජලයෙන් සංතෘප්ත පළතුරු ඔබව විජලනයෙන් වැලක්වීම වගේම සිරුරේ ග්ලූකෝස් මට්ටම නිවැරදිව පවත්වා ගන්නත් ඔබට උපකාරී වෙනවා

ඉඟුරු

ඔසප් වීම නිසා සිදු වන අධික මහන්සිය වමනය සහ කෑම අරුචිය ඉඟුරු දැමූ තේ එකකට සමනය කරන්න පුලුවන්.ඒත් ඕනෑවට වඩා ඉඟුරු පානය කිරීමෙන් ගෑස්ට්‍රයිටිස් තත්ව ඇති වෙන්නත් පුලුවන්.

කුකුළු මස් සහ මාළු

කුකුළු මස් අධික ප්‍රෝටීන් සහ යකඩ ඇති ආහාරයක්. මුහුදු මාළුවල යකඩ, ප්‍රෝටීන් සහ ඔමේගා – 3 අඩංගු ආහාරයක්. මේ ආහාර ඔසප් දිනවල ඔබේ ආහාර වේලට එකතු කර ගැනීමෙන් ඔසප් දිනවල ඔබේ හෝමෝන මට්ටම යහපත් ව පවත්වා ගන්න හැකි වෙනවා.

යෝගට්

ප්‍රෝබයෝටික් අධික යෝගට් ඔබේ සිරුරේ බැක්ටීරියා වර්ධනය අඩපණ කරනවා.ඔසප් රුධිරය නිසාත් සනීපාරක්ෂක තුවා නිසාත් ඔබේ යෝනියේ වර්ධනය විය හැකි බැක්ටීරියා වලට එරෙහිව සටන් කරන්නට ඒ නිසා යෝගට් වලට හැකියාව තිබෙනවා.

ඩාක් චොකලට්.

අමතක කරන්නම එපා මේ කියන්නේ ඩාක් චොකලට් ගැන.සීනී අධික චොකලට් ඔබට ඔසප් දිනවලට ගැලපෙන්නේ නෑ. ඒවා ඔබේ හෝමෝන් මට්ටම වෙනස් කරමින් ඔබේ “mood swinging” කරනවා.
ඒත් මැග්නීසියම් යහමින් ඇති ඩාක් චොකලට් සිරුරට ශක්තිය ලබා දී සිරුරේ ප්‍රාණවත් බව වැඩි කරනවා.

ඔසප් දිනයන් ඔබව පසුගාමී කරන දවස් කර ගන්න එපා. ආහාර තෝරන්නේ නැතිව ගුණදායක ආහාර දිනපතා හොඳින් ආහාරයට ගන්නවා නම් ඔබේ ඔසප් දිනයන් ඔබට ඉතා පහසු වෙයි. ඒ නිසා නිතරම සෞඛ්‍යමත් ආහාර රටාවකට හුරු වීම කාන්තාවන් ලෙස අපිට හරිම හරි වැදගත්.

Related Articles

Don't Miss


Latest Articles