දෙව් ලොව රස ගෙනෙන දිව ඔසුව – දෙළුම්

පාරාදීසයේ පලතුර ලෙස සැලකෙන දෙළුම් (pomegranates) යනු මිහිපිට ඇති වඩාත්ම ගුණදායක පලතුරුවලින් එකකි. රසවත් යුෂ පිරි දෙළුම් හුදු පලතුරක් පමණක් නොවේ. ආයුර්වේදයට අනුව දෙළුම් යනු අගනා ඖෂධයකි. මේ ඔබට දෙළුම් ආහාරයට ගැනීමෙන් ලබාගත හැකි දේවල්-

පෝෂණයෙන් අධිකයි

විටමින් ආකරයක් වන දෙළුම්වල විටමින් A, C, E සහ ෆෝලික් අම්ලය යහමින් අඩංගුයි. ග්‍රීන් ටී වල ඇති antioxidants ප්‍රමාණය වගේ තුන් ගුණයක antioxidants දෙළුම්වල අඩංගුවෙනවා. බඩේ අමාරු, දත් අමාරු, ඇඟේ ලේ අඩුකම, ඔස්ටියෝ ආතරයිටීස්, දියවැඩියාව ආදී එකී නොකී සියලුදේට දෙළුම් කියන්නෙ හොඳ ප්‍රතිකාරයක්. ලෙඩක් හැදුනට  පස්සේ  ඇගට අවශ්‍ය  විටමින් ගන්න අමාරුවෙන් පෙති ගිලිනවාට වඩා දෙළුම් ටිකක් කාල සතුටින් සුවෙන් ඉන්න පුළුවන්.

හදවත් රෝග සහ පිළිකා වළකයි

දෙළුම්වල ඇති  polyphenols හදවත් රෝග වළක්වාලයි. ඒ වගේම දෙළුම්වල ඇති  බලගතු antioxidants  නිරෝගී රුධිර සංසරණයක් ඇති කරන අතර රුධිර ධමනි බිත්ති ශක්තිමත් කරයි. එපමණක් නොව රුධිර ධමනි තුල කොලෙස්ටරෝල් ඔක්සිකරණය වීම වළක්වා කිරීටක ධමනි ආශ්‍රිත රෝග ඇතිවීම වළකයි.  දෙළුම් යුෂ නිතර පානය කිරීමෙන් tumor cells ස්වාභාවිකවම නැතිවී යයි. ඒ මගින් පෙනහළු, සම, පුරස්ථි ග්‍රන්ථි සහ පියයුරු ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවධානම අවම කරයි.

තරුණ පෙනුම රැකදෙයි

හැමදාම ඔබේ ලස්සන තරුණ පෙනුම තියාගන්න කැමතිනම් කන්න දෙළුම්. කවදාවත් හිතල තියෙනවද ඇයි ඔබේ හම වයසත් එක්ක වෙනස්වෙන්නෙ කියල? ඇත්තටම ඒ ඔබේ සමේ සෛලවලට සිදුවන oxidative හානිය නිසා W (free radical damage). දෙළුම්වල ඇති Polyphenolic සංයුතිය ඉතා බලගතු antioxidant එකක්. එයින් ඔබේ සම මහලුවීම අවමකර දිලිසෙන, තරුණ. නිරේගී පෙනුමක් ලබාදෙයි.

ආතතිය අවම කරයි

ඔබ නිතරම ආතතියෙන් පෙලෙන අයෙක් නම් මෙන්න ඔබට ගැලපෙන කෑමක්. දෙළුම්වලින් ශරීරය තුල ඇති oxidative stress පාලනය කරනවා පමණක් නොව මානසික ආතතියද පාලනය කරයි. Queen Margaret University මඟින් සිදුකල පර්යේෂණයක් අනුව නිතිපතා දෙළුම් යුෂ පානයකරන පුද්ගලයන්ගේ පීඩාකාරී අවස්ථාවල වැඩිවෙන cortisol නම් stress හෝර්මෝනය අඩුමට්ටමකින් පැවතෙන බව සොයාගත්තා.

මෙම සියලු ප්‍රයෝජන සමඟින් ස්‍යෙඛ්‍ය ආරක්ෂා කරන දෙළුම් නිතිපතා ඔබේ  ආහාරයට එකතුකරගතයුතු පලතුරකි. තරමක් මිල අධික වූවත් එයින් ඔබට ලැබෙන ගුණය වැඩි නිසා  මිල ගැන ගොඩක්ම වදවෙන්න එපා!

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles