ඩාක් චොක්ලට් සතු ඔබ නොසිතූ ගුණ

ඩාක් චොක්ලට් ලෙස හැඳින්වෙන්නේ ඝන කොකෝවා සහ කොකෝවා බටර්වලින් පමණක් සැකසූ චොක්ලට් විශේෂයකි. මෙහි කිරි හෝ බටර් අඩංගු නොවේ. 50%-90% ක කොකෝවා සංයුතියක් ඩාක් චොක්ලට්වල අඩංගු ය. ඩාක් චොක්ලට් ඉතා පෝෂණීය ආහාරයකි. එමෙන් ම ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ද යුක්තයි. ඩාක් චොක්ලට් භාවිතය ඔබේ සෞඛ්‍යයට බලපාන්නේ කොහොමද කියා අපි බලමු.

පෝෂණ ගුණයෙන් අනූනයි.

80%ක පමණ කොකෝවා සංයුතියක් ඇති හොඳ තත්ත්වයේ ඩාක් චොක්ලට් ග්‍රෑම් සීයක සඳහන් පෝෂණ කොටස් අඩංගු වෙනවා.

  • ෆයිබර් ග්‍රෑම් 11ක්
  • යකඩ දිනක අවශ්‍යතාවයෙන් 67%ක්
  • මැග්නීසියම් දිනක අවශ්‍යතාවයෙන් 58%ක්
  • කොපර් දිනක අවශ්‍යතාවයෙන් 89%ක්
  • මැංගනීස් දිනක අවශ්‍යතාවයෙන් 98%ක්
ඩාක් චොක්ලට්

සහ මීට අමතර ව පොටෑසියම්, පොස්පරස්, සින්ක් සහ සෙලෙනියම් ද විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. නමුත්, දිනපතා ඩාක් චොක්ලට් ග්‍රෑම් සීයක් ආහාරයට ගැනීම නුවණට හුරු නෑ. මක් නිසා ද කැලරි 600ක් පමණ එහි අඩංගු වෙනවා. සීනි එක්කළ ඒවා නම් කොහෙත් ම සුදුසු නෑ. මධ්‍යස්ථව ආහාරයට ගැනීමටයි ඩාක් චොක්ලට් සුදුසු වන්නේ. ඩාක් චොක්ලට්වල කැෆේන් අඩංගු වුවත් කෝපිවලට සාපේක්ෂව ඉතා සුළු ප්‍රමාණයක් තමයි අඩංගු වී තිබෙන්නේ.

ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්තයි.

ඩාක් චොක්ලට්වල ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළ බව පර්‍යේෂකයන් පෙන්වා දෙනවා. එය පුලුල් පරාසයකින් යුක්තයි. බ්ලූබෙරි වැනි බොහෝ පලතුරුවලට වඩා මෙහි ප්‍රතිඔක්සිකාරක ගුණය වැඩියි.

රුධිර ගමනාගමනය යහපත් කර රුධිර පීඩනය අඩු කළ හැක.

ඩාක් චොක්ලට්වල ඇති ෆ්ලේවනෝල්වලට නයිට්‍රික් ඔක්සයිඩ් නිපදවීමට ධමනිවල ඇති එන්ඩොතලියම් උත්තේජනය කළ හැක. එහි එක් කාර්‍යයක් වන්නේ ලිහිල් කිරීම පිණිස ධමනිවලට සංඥා යැවීමයි. එය රුධිර ගමනාගමනයේ ප්‍රතිරෝධය අඩු කරන අතර එම නිසා රුධිර පීඩනය අඩු කරයි.

HDL(හිතකර කොලෙස්ටරෝල්) ඉහළ නංවන අතර LDL (අහිතකර කොලෙස්ටරෝල් ) ඔක්සිකරණයෙන් ආරක්ෂා කරයි

dark chocolate

ඩාක් චොක්ලට් ආහාරයට ගැනීමෙන් හෘද රෝග සඳහා බලපාන සාධක කිහිපයක් අවම කරයි.

පාලිත පරීක්ෂණයකදී කොකෝවා කුඩු පිරිමින් තුළ ඔක්සිකරණය වූ LDL (අහිතකර කොලෙස්ටරෝල්) සැලකිය යුතු ලෙස අඩු කරන බව සොයා ගන්නා ලදී. එය HDL වැඩි කළ අතර ඉහළ කොලෙස්ටරෝල් අගයක් ඇති අයගේ සම්පූර්ණ LDL ප්‍රමාණය අඩු කරන ලදී.

ඔබේ සම හිරු කිරණවලින් ආරක්ෂා කරයි.

ඩාක් චොක්ලට්වල ඇති ජෛව සක්‍රීයකාරක සංයෝග ඔබේ සමට වඩාත් යහපත් ලෙස බලපායි.

ඩාක් චොක්ලට්වල ඇති ෆ්ලේවනෝල්වලට හිරු කිරණින් ඔබේ සම ආරක්ෂා කිරීමේ හැකියාව ඇත. රුධිර ගමනාගමනය ඉහළ දැමීම සමට ද බලපාන්නේ යහපත් අයුරින්. සමේ ඝනත්වය වැඩි කිරීමේ හැකියාව ද ඩාක් චොක්ලට් වල තිබෙනවා. එමෙන් ම සමෙහි තෙතමනය රකින්නටත් මෙය උපකාරී වෙනවා.

ඔබ මුහුදු වෙරළේ නිවාඩුවක් සැලසුම් කරන්නේ නම්, මාසයක් දෙකක් තිස්සේ ඩාක් චොක්ලට් ආහාරයට ගෙන බලන්න. ඉබට වඩා පැහැදිලි වෙනසක් දකින්නට පුලුවන්. නමුත් මේ ගැන ඔබේ චර්ම රෝග වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීමට අමතක කරන්න එපා.

dark chocolate

මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කළ හැක.

ඩාක් චොක්ලට්වලට ඔබේ මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කළ හැකි බව දන්නවා ද ? නිරෝගී පුද්ගලයින් දින පහක් තිස්සේ යොදාගෙන කළ පරීක්ෂණයකදී ඔවුන්ගේ මොළයට ගමන් කරන රුධිර ප්‍රවාහය වැඩි දියුණු කළ හැකි බව සොයා ගෙන තිබෙනවා. සංජනන ආබාධ ඇති වැඩිහිටියන්ගේ ගැටලු වලටත් ඩාක් චොක්ලට් උපකාරී වන්නේ ඒ අයුරින්. ඔවුන්ට භාෂාවෙහි චතුර වන්නට ඩාක් චොක්ලට් උපකාරී වෙනවා. මීට අමතර ව කොකෝවාවල කැෆේන් සහ තියෝබ්‍රෝමින් අඩංගු නිසා කෙටි කාලීනව මොළයේ ක්‍රියාකාරීත්වයට බලපානවා.

කෙසේ වෙතත්, ඕනෑ ම දෙයක් ඕනෑවට වඩා ඕනෑ ම නැති බව ඔබ දන්නවා. එය ආහාරවලට නොව ඕනෑ ම දේකට පොදු යි. ඉතින්, බුද්ධියෙන් විමසා බලා අවශ්‍ය පමණට පරිභෝජනය කිරීමේ වගකීම ඔබ සතුයි.

Related Articles

Don't Miss


Latest Articles