හරියට ම බඩ අඩු කරගමු

උදරයේ අනවශ්‍ය මේදය නැති කර ගැනීම හිතන තරම් පහසු කාර්යයක් නෙමෙයි. නමුත් නිවැරදි ආහාර රටාවක් සහ ව්‍යායාම රටාවක් අනුගමනය කිරීම මගින් උදරයේ අනවශ්‍ය මේදය ඉවත් කරගන්න පුළුවන්. එහිදී මේ රටාවන් නොකඩවා අනුගමනය කිරීම අනිවාර්ය වෙනවා. උදරයේ මේදය ඉවත් කරගන්න ඔබට උදව් වෙන ව්‍යායාම මොනවද කියලා අපි බලමු.

Cardio සහ HIIT exercises

ඔබට මේදය ඉතා හොඳින් දහනය කර ගැනීමට අවශ්‍ය නම් කාඩියෝ සහ HIIT exercises , එනම් ඉහල තීව්‍රතාවයක් සහිත ව්‍යායාම වල නිරත විය යුතුයි. ශරීරයේ මේදය දහනය වන විට උදරයේ මේදය දහනය වීම ද සිදුවෙනවා . වේගයෙන් දිවීම , පිහිනීම , ඇවිදීම , ස්කොට්, සුම්බා සහ වේගවත් නර්තන අභ්‍යාසවල නිරතවීම ඔබට කළ හැකියි.

Reverse crunch 

බිම වැතිරී ඔබේ දෑත් උදරය දෙපසින් තබා ගන්න. ඉන්පසුව ඔබේ දණිස් නවාගෙන සෙමෙන් ඔබ දෙසට ගන්න.මෙහිදී ඔබේ උදරය හැකිලීම සිදුවනවා. මේ ඉරියව්ව ඉතා සෙමෙන් 8 – 12 වතාවක් කට්ටල තුන බැගින් සිදු කරන්න. ව්‍යායාමය සිදුකරන අතරතුර හොඳින් ආශ්වාස ප්‍රශ්වාස කරන්න. 

V sit – up 

බිම වැතිරී ඔබේ දෑත් හිසට ඉහළින් දිගු කර තබන්න.ඔබේ දෙපා සෘජුව තබාගෙන සෙමෙන් ඉහලට ඔසවන්න.දැන් ඔබේ ශරීරය V හැඩය ගන්නා ලෙසට තට්ටම් බිමට සිටින සේ එසවෙන්න. දෑත් දණහිස් පිටුපසින් අල්ලා ගන්න.හොඳින් ආශ්වාස ප්‍රාශ්වාස කරමින් ආරම්භක ස්ථානයට යන්න.කට්ටල තුන බැගින් මෙම අභ්‍යාසය 8 – 12 වතාවක් සිදු කරන්න.

Scissor legs

ශරීරය සෘජුව සිටින සේ බිම වැතිරෙන්න.ඔබේ දෑත් තට්ටම් වලට යට කරගන්න. දැන් ඔබේ දෙපා කතුරක ක්‍රියාකාරීත්වය මෙන් මාරුවෙන් මාරුවට ඉහලට ඔසවන්න.මෙය කට්ටල තුනක් 8 – 12 වාරයක් සිදු කරන්න 

Knee hugs 

බිම වාඩිවී ඔබේ දණහිස් නමා පපු ප්‍රදේශයට ලංකර ගන්න.මෙහිදී ඔබේ දෙපා බිම නොගෑවෙන්නට වග බලා ගන්න.ඉන්පසුව දෑත් වලින් දණහිස් ඔබේ ශරීරයට තද කරගෙන තප්පර කිහිපයකින් අත ඇර ඔබේ දෙපා අංශක 45 කෝණයකට දිග හරින්න.මෙය 8 – 12 වතාවක් කට්ටල තුනක් සිදු කරන්න

Standing side bend

සෘජුව සිටගෙන ඔබේ අත් දෙක හැකිතාක් ඉහලට ඔසවන්න.අත්ල දෙක එකිනෙකට අල්ලා ගන්න.ඒ ඉරියව්වෙන් දකුණු පසට සහ වම් පසට මාරුවෙන් මාරුවට නැමෙන්න.මෙය 8 – 12 වතාවක් කට්ටල තුනක් කරන්න

මේවාට අමතරව , 

  • අධික කැලරි සහිත ආහාර අවම කරන්න 
  • සැකසූ ආහාර , ක්ශණික ආහාර සහ තෙල් අධික ආහාර ගැනීම අවම කරන්න
  • ප්‍රධාන ආහාර වේල් මග නොහරින්න , එය ඔබ නිතර ආහාර ගැනීමට පෙළඹවීම වළක්වනවා
  • තන්තු බහුල ආහාර ඔබේ ආහාර වේලට එකතු කරන්න 

සීනි භාවිතය අවම කරන්න

කෘතිම බීම වර්ග වෙනුවට පළතුරු යුෂ , වතුර පානය කරන්න 

රස කැවිලි, බිස්කට් ආදිය වෙනුවට healthy snacks උත්සහ කරන්න

ග්‍රීන් ටී පානය කරන්න

උදෑසන කිරි තේ පානය කිරීම වෙනුවට ස්මූති වර්ග , පලතුරු යුෂ හෝ ඩිටොක්ස් ඩ්‍රින්ක්ස් පරිභෝජනය කරන්න

මේ උපක්‍රම සහ ඉහත සඳහන් කල ව්‍යායාම ක්‍රම අනුගමනය කිරීමෙන් ඔබට හැඩැති සිරුරක් ලබා ගැනීම තවදුරටත් අපහසු කාර්යයක් වන්නේ නැහැ.

Related Articles

Don't Miss


Latest Articles