මොකක්ද මේ ChatGPT කියන්නෙ ?

ChatGPT කියන්නෙ අද ලොව කළඹවන මාතෘ කාවක්. ඉතිං ChatGPT ගැන ඔබ දැනුවත් විය යුතුම ඉතා වැදගත් කරුණු කාරණා ටිකක් එක්කයි මේ ලිපිය අපි ඔබට ගෙන එන්නෙ. 

ChatGPT එහෙමත් නැත්නම් Chat Generative Pre-trained Transformer කියන්නෙ කෘතිම බුද්ධිය (Artificial Intelligence / AI) මඟින් මෙහෙයවන භාෂා සැකසුම් මෙවලමක්. 

මිනිසුන් භාවිත කරන භාෂා ශෛලයෙන් සංවාද කරන්න, ප්‍රශ්න වලට පිළිතුරු නිර්මාණය කිරීම, ඊමේල් ඇතුළු ලිපි ලේඛන සහ කේත(codes) රචනා කරන්නත් එයට හැකියාව තියෙනවා. 

වර්තමානයේ ඕනෑම කෙනෙක්ට ChatGPT නොමිලේ භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මුදල් ගෙවා මිලදී ගත හැකි පිටපතක්ද (paid version) ලබන වසරේ පෙබරවාරි මාසයේදී එළිදක්වන්න නියමිතව තිබෙනවා. 

ChatGPT හැදුවෙ කවුද ?

කෘතිම බුද්ධිය ආශ්‍රිත පර්‍යේෂණ පවත්වන සමාගමක් වන OpenAI සමාගම විසින් ChatGPT නිර්මාණය කරනු ලැබූ අතර 2022 නොවැම්බර් 30 වනදා එළිදක්වනු ලැබූවා. 

මීට පෙර OpenAI සමාගම DELLA – E 2 නම් ජනප්‍රිය කලා නිර්මාණ කිරීමේ හැකියාව සහ කටහඬ හඳුනාගැනීමේ හැකියාව ඇති කෘතිම බුද්ධිය මඟින් මෙහෙයවන මෙවලම නිෂ්පාදනය කළා. 

ChatGPT වෙත පිවිසෙන්නෙ කොහොමද ?

http://chat.openai.com/ කියන අන්තර්ජාල ලිපිනය හරහා ගොස් OpenAI ගිණුමක් විවෘත කර ඒ ඔස්සේ ChatGPT වෙත යොමුවීමේ හැකියාව ඔබට තිබෙනවා. 

ChatGPT වෙත යොමුවුනු පසු ප්‍රශ්න අසමින් ඔබේ සංවාදය ආරම්භ කරන්න පුළුවන්. ඔබට කැමති ඕනෑම ප්‍රශ්නයක් සහ ඕනෑම ප්‍රශ්න ගණනක් අසන්න ඔබට අවස්ථාව ලැබෙනවා. 

ඒ වගේම ඔබේ ඇපල් හෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ ChatGPT යෙදවුම (app) හරහාත් ChatGPT වෙත පිවිසෙන්න ඔබට පුළුවන්. 

මෙහිදී OpenAI සමාගම විසින් නිර්මාණය කරන ලද ChatGPT යෙදවුමම බාගත කරන්න ඔබ වඩා ප්‍රවේශම්කාරී වෙන්න ඕන මොකද, මේ වෙද්දිත් ChatGPT නමින් විවිධාකර යෙදවුම් රාශියක් නිර්මාණය වෙලා තිබීම නිසා ඔබේ දුරකථන දත්ත වල ඒවාගෙන් බලපෑමක් සිදුවිය හැකි නිසයි. 

ChatGPT වලින් කරන්න පුළුවන් මොනවද ?

රචනා (eassy) ලියන්න

යෙදුමක් (app) සාදන්න  

කේත code ලියන්න 

ඔබේ ජීව දත්ත පත්‍රය (resume) සාදන්න 

එක්සෙල් සූත්‍ර (excel formulas) ලියන්න 

සාරාංශගත කිරීම් (summarize) කරන්න 

වෙනත් ලිපි ලියන්න (cover letters/ formal letters)

ප්‍රස්ථාර සහ වගු (charts/ tables) සාදන්න ChatGPT වලට හැකියාව තියෙන නිසා ඒ සඳහා ඔබට සහයක් ලබාගන්න පුළුවන්. 

ChatGPT වැඩකරන්නෙ කොහොමද? 

OpenAI සමාගම විසින් ChatGPT සඳහාම නිර්මාණය කරන ලද Generative Pre-trained Transformer (GPT) නම් භාෂා ගොඩනැන්වීමේ තාක්ෂණය මේ සඳහා භාවිතා කරනවා. 

මේ කෘතිම බුද්ධි ආකෘතිය වෙබ් අඩවි, පොත් පත්, ප්‍රවෘත්ති, අන්තර්ජාලයෙන් ලැබෙන තොරතුර රාශියක් යොදාගෙන යාවත්කාලීන කරල තියෙනව වගේම භාවිත කරන්නත් පුහුණු කරලයි තියන්නෙ. 

Google ද ChatGPT ද වැඩිය හොඳ?

Google කියන්නෙ සෙව්ම් යන්ත්‍රයක් නමුත් ChatGPT කියන්නෙ අවසාන පරිශීලකයා සමඟ සංවාද ගොඩනගන්න නිර්මාණය කරන ලද යෙදවුමක්. ඒ නිසා අරමුණු දෙකක් සඳහා තමයි මේ නිර්මාණ දෙක බිහිවෙලා තියන්නෙ. 

ChatGPT වලට කලින් ඔබ සොයන ලද තොරතුරු ගබඩා කිරීමේ හැකියාවක් නෑ. ඒ නිසා යාවත්කාලීන වෙන අලුත් තොරතුරු ප්‍රවෘ ත්ති දැනගන්න ඕනනම් පුරුදු විදිහට Google යෙදවුම භාවිත කරන්නත් ඉහත අපි සඳහන් කරපු කටයුතු සඳහා ChatGPT භාවිතා කරන්නත් ඔබට පුළුවන්. 

ChatGPT හොඳද? නරකද?

අධ්‍යාපනය ලබන සිසුන් ChatGPT යොදාගෙන තමන්ගෙ ප්‍රශ්න පත්‍ර සහ ඇගයීම් වලට පිළිතුරු සපයන නිසා එය සිසුන්ට වංචාවන් කිරීමට සහය දෙන උපකරණයක් බවට බොහෝ දෙනෙක් චෝදනා කරනවා. 

මීට අමතරව රචනා, ලිපි, ප්‍රවෘ ත්ති, කතා, කේත ඉතාම සුළු කාලයක් තුළදී නිර්මාණය කරදෙන නිසා ඒ සේවාවන් සඳහා මින් ඉදිරියට මිනිසුන්ගේ අවශ්‍යතාවය නැතිවී බොහෝ රැකියා අර්බුද නිර්මාණය වේවි යැයිද බොහෝදෙනෙක් ඉඟි පළ කරනවා. 

මීට අමතර කෘතිම බුද්ධියක් මේ මට්ටමට දියුණු කිරීම මානවයාගෙ ඉදිරි පැවැත්මට සහ ආරක්ෂාවට බාධාවක් ලෙසත් පරිඝනක දත්ත වල රහස්‍යභාවයට හානියක් බවත් බොහෝදෙනෙක් චෝදනා කරනවා. 

මිනිස් මොළය තරම් තොරතුරු විශ්ලේෂණය කර නිගමන වලට එළඹීමේ හැකියාවක් තවමත් කිසිදු කෘ තිම බුද්ධියකට හිමිවී නැහැ. ඒ නිසා මේ යෙදවුම් මඟින් ලබාදෙන තොරතුරු 100% නිරවද්‍ය යැයි ප්‍රකාශ කරන්න අපිට බැහැ. ඒ නිසා අනිවාර්‍යයෙන් ඒ තොරතුරු ගැන නැවත පරීක්ෂා කර භාවිතයට ගන්න ඔබ මතක තබාගත යුතුමයි. 

කෘ තිම බුද්ධිය ටිකෙන් ටික මානව ක්‍රියාකාරකම් ආක්‍රමණය කරමින් ඇතිබව ChatGPT ගැන අදහස් දැක්වීමේදී බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනවා. 

ඔබට මොකද හිතෙන්නෙ ?

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles