දහඩිය බිබිලි සුව කරන ස්වභාවික අමුද්‍රව්‍ය ගැන ඔබ දන්නවද?

අධික ලෙස දහඩිය දැමීම නිසා සම මත කැසීම් ඇතිවීම සාමාන්‍ය දෙයක්.කැසීම නිසා වේදනාව, තුවාල පවා ඇතිවීමේ හැකියාව තියෙනවා.මේ දහඩිය දැමීම උෂ්ණාධික කාල වලදි පමණක්ම සිදු වන්නේ නෑ.අපගේ වැරදි ජිවන රටාව නිසාත් අධික ලෙස දහඩිය දැමීම සිදු වන්න පුළුවන්. කොහොම වුණත් මේ කැසීම් තත්වයන් , ආසාදන තත්වයන් වලට නිවසේදීම යොදාගන්නට පුළුවන් පිළියම් මොනවාද කියලා කතා කරන්න අපි හිතුවා.

අධික ලෙස දහඩිය දැමීම සිදු වන්නේ ඇයි ?

රස්නය සහිත දේශගුණය

තද ඇඳුම් ඇඳීම

තෙතමනය උරා නොගන්නා ඇඳුම් භාවිතය 

දිගු කාලීන ඇඳ විවේකය

දහඩිය නිසා සම මත ඇති විය හැකි තත්වයන් මොනවද ? 

දහඩිය බිබිලි

රතු ලප

රතු ගැටිති

දැවිල්ල

කැසීම නිසා තුවාල

ආසාදන තත්වයන්

මේ සඳහා නිවසේදීම යෙදිය හැකි පිළියම් මොනවද ?

Ice bag භාවිතා කිරීම

උෂ්ණාධික කුෂ්ඨ සමනය කිරීම සඳහා හොඳම ක්‍රමයක් වන්නේ සම සිසිල් කිරීමයි. මේ සඳහා අයිස් බෑග් එකක් හෝ සීතල වතුරෙන් පොඟවන ලද රෙදි කැබැල්ලක් උනත් භාවිතා කල හැකියි. ඔබේ සම සංවේදි සමක් නම් අයිස් බෑග් එකක් භාවිතා කරන්නට පෙර එය වටා කපු රෙදි කැබැල්ලකින් ආවරණය කරන්න.අයිස් බෑග් එක සම මත එක දිගට තබාගෙන නොසිට තෙත මාත්තු කරන ක්‍රමය භාවිතා කරන්නට වග බලාගන්න. 

විදුලි පංකා හෝ වායු සමීකරණ භාවිතා කරන්න

දිගු කාලීනව ඇඳ විවේකයේ සිටින කෙනෙකුට නම් විදුලි පංකාවක් හෝ වායු සමීකරණයක් අනිවාර්යයෙන්ම භාවිතා කල යුතුයි.නිශ්චලව සිටින ඕනෑම අයෙකුට ඔවුන්ගේ ශරීරයේ සියලුම කොටස් වලට සිසිල් වාතය ලබා ගැනීම සඳහා දිනපතා ඔවුන්ව චලනය කිරීමට වග බලා ගන්න. 

ලිහිල් කපු ඇඳුම් අඳින්න

මෙය අධික ලෙස දහඩිය දමන අයට විශේශ උනත් සාමාන්‍ය ලෙස දහඩිය දමන අය උනත් සැලකිල්ලක් දැක්විය යුතු කාරණාවක්. කපු නොවන රෙදි වලින් නිම කරන ලද ඇඳුම් භාවිතා කිරීම නිසා බොහෝ විට සම මත වෙනත් ආසාදන තත්ව හෝ කැසීම් ඇති වන්නට පුළුවන් .මේ නිසා නිතරම ඔබ ලිහිල් කපු ඇඳුම් ඇඳීමට වග බලා ගත යුතුයි.

කෝමාරිකා ආලේප කරන්න

කෝමාරිකා වල ඖෂධීය ගුණ රැසක් සහ සුව කිරීමේ ගුණ අඩංගු වනවා.ඒ වගේම සම සිසිල් කිරීමේ හැකියාවත් කෝමාරිකා සතුව පවතිනවා. මේ නිසා ස්නානය කිරීමෙන් අනතුරුව කෝමාරිකා ජෙල් ස්වල්පයක් ඔබේ සම මත ආලේප කලාට වරදක් නැහැ

කොහොඹ

සමේ කැසීම් නිසා ඇතිවන තුවාල වලට සහ ආසාදන තත්වයන් වලට ප්‍රතිකාර කිරීමෙ හැකියාව කොහොඹ වලට පවතිනවා.මේ සඳහා වියළා කුඩු කර ගත් කොහොඹ කොළ කුඩු ඔබ ස්නානය කරන වතුරට එකතු කරන්න වගේම , කොහොඹ කොටා තලපයක් ලෙස සකස් කර සම මත ආලේප කරන්නත් ඔබට පුළුවන් 

සඳුන්

පර්‍යේශන වලට අනුව වේදනාව නැසීමේ ගුණ වගේම සුව කිරීමේ ගුණයත් සඳුන් වල පවතිනවා.සඳුන් කුඩු ස්වල්පයක් වතුර සමඟ මිශ්‍ර කර තලපයක් ලෙස සකසා ආසාදන හෝ උෂ්ණය නිසා හටගත් කුශ්ට මත ආලේප කිරීම මගින් ඒවායේ ඇති වේදනාව සහ නිතර කැසීමේ තත්වය අවම වෙනවා.

මීට අමතරව , 

ආලේපන

දහඩිය දැමීම නිසා සම මත ඇතිවන කැසීම් , රතුවීම් , කුෂ්ට වැනි තත්වයන් වලට ප්‍රතිකාර කිරීම කැලමයින් දියර සහ පෙට්‍රෝලියම් ජෙලි භාවිතා කරන්න ඔබට පුළුවන්. මෙමගින් ප්‍රතිකාර කිරීම සහ ඒවා නැවත ඇතිවීම වළක්වනවා.

මෙවැනි උපක්‍රම වලට අමතරව ඉතා හොඳින් වතුර පානය කිරීම සහ ශරීරය සිසිල් කරන ගුණදායක පාන වර්ග ලබා ගැනීමත් ඔබට කරන්න පුළුවන් 

Related Articles

Don't Miss


Latest Articles