පැය දෙකෙන් ආප්ප හදමු

දැන් කඩේ අප්පවල කිසිම කිරි රසක් නැහැ නේ ද? ආප්ප කිරි රසට කන්න ආස ඔයාලට ඉක්මනින් ම රසට ආප්ප හදන්න පුලුවන් ආප්ප රෙසිපි එකක් අපි අරන් එන්න හිතුවෙ ඒකයි. මේ ද්‍රව්‍ය මේ ප්‍රමාණෙන් ම අරගන්න.එතකොට වරදින්නේ නෑ.

අවශ්‍ය ද්‍රව්‍ය

හාල් කෝප්ප 2ක්

සීනි ටිකක්

මද උණුසුම් වතුර ටිකක්

‍යීස්ට් තේ හැඳි 1.5 ක්

පොල් බෑයක ගා ගත් පොල් 

වතුර කෝප්ප 2 ( පොල් වතුරත් ගන්න පුලුවන්)

අවශ්‍ය පමණ ලුණු

හදන්නේ මෙහෙමයි

මද උණුසුම් වතුර, සීනි සහ යීස්ට් එක බඳුනකට දමා යීස්ට් ඇක්ටිව් කරගන්න 

දැන් එය පසෙක තබන්න.

හාල් හොඳින් සෝදාගන්න. 

දැන් පොල්, වතුර කෝප්පයක් හැර ඉතිරි සියල්ල ග්‍රයින්ඩර් එකට දමා ඉතා හොඳින් අඹරා ගන්න.

මේ මිශ්‍රණය උණුසුම් තැනක පැයක් පිපෙන්නට තියන්න.

පැය දෙකක් යන විට මේ මිශ්‍රණය හොඳින් පිපී තිබෙන බව ඔබට පෙනේවි. 

දැන් අවශ්‍ය තරම් පොල්කිරි එක් කර ආප්ප පිස ගන්න.

වැදගත් කරුණු –

ඔබට තාච්චිය ගැන සැකයක් ඇත්නම් ආප්ප පිපුණු පසු බිත්තරයක් එකතු කරන්න. 

තාච්චිය පදම් වූ එකක් නොවෙයි නම් ආප්ප හදන්නට පෙර තාච්චියේ තල තෙල් ටිකක් ගාන්න.

තාච්චිය හොඳින් රත් කර ආප්ප මිශ්‍රණය දමන්න. 

මිශ්‍රණය තාච්චියට දමා විනාඩි දෙකකින් හැර ආප්පය තැම්බී ඇත් දැයි බලන තුරු මූඩිය අරිමින් බලන්නට එපා.

ඔබට මේ ආප්ප මිශ්‍රණයට බිත්තර එක්කර බිත්තර ආප්ප, චීස් එක්කර චීස් ආප්ප ආදී ලෙසින් විවිධ අත් හදා බැලීම් කරන්නට පුලුවන්. 

Related Articles

Don't Miss


Latest Articles