Eye make up එකක් පහසුවෙන් ගෙදරදීම කරගන්නේ මෙහෙමයි

ඕනෑම තරුණියක් කැමතියි ලස්සනට ඉන්න.ලස්සනට අඳින්න පලඳින්න දන්න බොහෝ දෙනෙකුට තනියම මේකප් එකක් කර ගන්න ටිකක් අපහසුයි . විශේෂයෙන්ම eye makeup එකක් වගේ ඉතා සීරුවෙන් කළයුතු පියවරක් ලස්සන නිමාවක් එන විදියට කරන්න හැමෝටම බැහැ. ඒ නිසා තනියම ,හරි විදිහට පියවරෙන් පියවර eye makeup එකක් ගෙදරදීම කර ගන්නේ කොහොමද කියලා අපි බලමු. 

සෑම විටම primer එකකින් ආරම්භ කරන්න 

මේ පියවර eye makeup එකකට විතරක් නෙමෙයි මුළු මුහුණටම යොදන makeup එකකටත් පොදු පියවරක්. මෙයින් සම ආරක්ෂා වෙනවා වගේම , මේකප් එකට හොඳ නිමාවක් ගන්නත් , makeup එක බොහෝ වේලාවක් රඳවා ගන්නත් පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම eye makeup කරන්න කලින් ඒ සඳහා නිපදවූ primer එකක් භාවිතා කරන්න අමතක කරන්න එපා

Base colour එකකින් primer එක සෙට් කරගන්න 

මේ පියවර කරන්නේ සාමාන්‍යයෙන් සමහර primer ඇලෙන සුලු බවකින් යුක්ත නිසා වගේම primer එක හොඳින් සෙට් කර ගන්නත් අවශ්‍ය වෙන නිසයි. මෙය ඔබේ ඇස් පියන් වල සිට ඔබ eye makeup එක සිදු කරන ප්‍රදේශය පුරාම, ඇහිබැම තෙක් ඉතා මෘදුව ආලේප කළ යුතුයි. මේ පියවර සඳහා සුදුසු බ්‍රෂ් එකක් ඔබ සතුව නැත්නම් ඒ සඳහා ඔබේ ඇඟිලි තුඩු භාවිතා කරන්නත් ඔබට පුළුවන්

ගැළපෙන වර්ණ තෝරා ගන්න 

සාමාන්‍යයෙන් eye makeup එකක් සිදු කරන විට ඒ සඳහා බොහෝ විට තෝරා ගන්නේ අපගේ ඇඳුම් වලට ගැලපෙන ආකාරයේ වර්ණ යි. උදාහරණයක් ලෙස ඔබ දුඹුරු කළු මිශ්‍ර ඇඳුමක් අඳිනවා නම් ඔබට දුඹුරු වර්ණය විවිධ shades වලින් සහ gold colour එකකින් eye makeup එක කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ මතක තියා ගත යුතු කාරණාව තමයි මේ වර්ණ එකතු කර ගැනීමේදී ඔබ ඇසේ අභ්‍යන්තරයේ සිට ලා වර්ණ ආලේප කර බාහිරට එන විට තද වර්ණ ආලේප කළ කළයුතු වීමයි. නාසය දෙස සිට ලා දුඹුරු පැහැයත් , මැද ප්‍රදේශයට තද දුඹුරු පැහැයක් , ඉන් එහාට කළු සහ දුඹුරු මිශ්‍ර පැහැයකුත් භාවිතා කරන්න ඔබට පුළුවන්. මේ සියල්ල ඉතා සීරුවෙන් සහ මෘදු ලෙස , වර්ණ කලවම් නොවන ලෙස මිශ්‍ර කර ගැනීමත් අතිශයින්ම වැදගත් 

ඇහිබැම ඉස්මතු කරන්න 

බොහෝ දෙනකුට අමතක වෙන පියවරක් වුණත් eye makeup එකක ලස්සන තවදුරටත්  මතු කරලා දෙන පියවරක් ලෙස මෙය සැලකෙනවා. ඔබ අයි මේකප් එක අවසානයේ දී ඔබේ ඇහි බැමේ කොන ප්‍රදේශයට තරමක් දීප්තිමත් වර්ණයක් ආලේප කරන්න. ඉහත උදාහරණයට අනුව ඔබ දුඹුරු පැහැයට අදාළව මේකප් එක කරනවා නම් ඇහි බැමේ කොන ප්‍රදේශයට ඔබට gold colour එක භාවිතා කළ හැකියි. මෙයින් ඇහි බැමේ තියුණු බව කැපී පෙනෙනවා. 

අවසානය

ඔබේ අයි මේකප් එක අවසානයේ දී කළ යුතු තවත් වැදගත් පියවරක් ලෙස eye liner එක හදුන්වන්න පුලුවන්. මෙය ඔබ කැමති ආකාරයෙන් කරන්නට හැකියාව තියෙනවා. ඔබේ ඇස් දිගැටි කර පෙන්වීමට අවශ්‍ය නම් eyeliner එක තරමක් දිගට අඳින්නට වගේම ඔබේ ඇස් කුඩා කර පෙන්වන්නට අවශ්‍ය නම් eyeliner එක ඔබේ ඇස තරමටම අඳින්නත් ඔබට පුළුවන්. එය ඔබේ අවශ්‍යතාවය අනුව සහ ඔබේ මේකප් එකේ අවශ්‍යතාවය අනුව වෙනස් කරගත හැකියි. ඊට අමතරව ඔබට අවශ්‍ය නම් mascara ,kajal වැනි නිෂ්පාදන භාවිතා කර ඔබේ eye makeup එකට හොඳ නිමාවක් ලබා දෙන්නට පුළුවන්.

ඉතින් මේ සරල පියවර අනුගමනය කරලා ඔබට නිවසේදීම ඉතාම ලස්සනට eye makeup එකක් කර ගන්නට දැන් ඔබටත් පුළුවන් 

Related Articles

Don't Miss


Latest Articles