ඩොලර් 60000ක් ගෙවමින් ජෝජ් කුමරුත් විලියම්ගේ අඩි පාරේ

විලියම් කුමරුගේ පුතු ජෝජ් කුමරු විලියම් සහ හැරී කුමරුන් දෙදෙනාගේම පාසල වන Eton College සංචාරයක නියැලුණ බව පසුගියදා දැනගන්නට ලැබෙනවා. මේ සඳහා කේට් කුමරියත් එකතු වී ඇතැයි වාර්තා වෙනවා.

නව හැවිරිදි ජෝජ් කුමරු මේ සංචාරයෙන් උත්සාහ කරන්නේ තම පියාගේ අඩි පාරේ යාමට ද? නේවාසික සිසුන් 1350ක් පමණ අධ්‍යාපනය ලබන Eton College හි විලියම් සහ හැරී කුමරුන් අධ්‍යාපනය ලැබුවේ ද නේවාසිකවයි.

මේ වසරේ වසර 10 පිරෙන සිසුන් සඳහා ඔවුන්ට වයස 13- 18 කාලය දක්වා අධ්‍යාපනය ලැබීමට Eton Collegeහි අයදුම්පත් කැඳවීම පසුගිය මස 30 වන දා වන විට අවසන් කෙරුණා.

මෙම පාසලේ වාරයකට ඩොලර් 20 000ක මුදලක් අය කෙරෙන අතර ලියාපදිංචි ගාස්තුව ලෙස ඩොලර් 500ක් අය කෙරෙන බව සඳහන්.

ජෝජ් කුමරු දැනට ඉගෙන ගන්නේ Lambrook School හි යි. ඒ ඔහුගේ බාල සහෝදරිය වන චාලට් කුමරිය සහ බාල සහෝදරයා වන ලුවිස් කුමරු සමගයි. නමුත් සැප්තැම්බර් වල ඔවුන් වින්ඩ්සර් වලට පදිංචිය මාරු කළ පසු ඔවුන්ගේ පාසැල්ද මාරු කිරීමට වන බව සඳහන්.

1995දී විලියම් කුමරු Eton College වෙත යන විට කිසිම ජ්‍යෙෂ්ඨ රාජකීයයෙක් එහි ඇතුළත් ව සිටියේ නෑ. නමුත් ඩයනා කුමරියගේ සහෝදරයා සහ පියා යන දෙදෙනා ම මේ පාසලේ ආදි සිසුන්.

විලියම් කුමරු කුඩා කළ පාසල් යද්දී මහරැජින සති අන්තයේදී ඔහුව තමා අසලට ගෙන්වා දිවා ආහාරය ගත්තේ සතිය පුරාම ඔහු තනිව අධ්‍යාපනය ලැබීම හේතුවෙන්. නමුත් ජෝජ් කුමරුටනම් ඔවුන් සිය පවුලම විදුහල ආසන්නයට පැමිණීම නිසා ජෝජ් කුමරුට පහසුවක් වන බවත් සඳහන්.

Related Articles

Don't Miss


Latest Articles