වියදම් වැඩි මේ කාලෙ අඩු වියදමින් ස්වයං රැකියාවක් කරන හැටි

මේ කාලයේ හැම කෙනෙක්ම ආර්ථික මට්ටම අතින් හෙල්ලිලා ඉන්න බව රහසක් නෙවෙයි. මොනතරම් හොඳ රස්සාවක් කරත් හොඳ ඉපයීමක් තිබුණත් රටේ ආර්ථික තත්වය එක්ක තව මොකක්ම හරි ආදායම් මාර්ගයක් තියෙන එක හොඳ දෙයක්. ඒ නිසා අපි අද කතා කරමු වැඩි වියදමක් නැතුව කරගෙන යන්න පුලුවන් ස්වයං රැකියා ගැන. මේ ස්වයං රැකියා ආරම්භ කරන්න ඔබට ලොකු මුදලක් වැය වෙන්නේ නෑ. ඒක තමයි විශේෂත්වය.

ඇඳුම් මැසීම

ඔයාට ලස්සනට ඇඳුම් මහන්න පුලුවන් නම් ගෙදර මැෂින් එකකුත් තියනවානම් මේක හොඳම හොඳ බිස්නස් අයිඩියා එකක්. ඔයාට පුලුවන් එක වර්ගයක් තෝරා ගන්න. ගවුම් සහ කාන්තා විලාසිතා, දරුවන්ගේ ඇඳුම්, නිදන ඇඳුම් වගේ කැටගරි එකකින් ඔයා වැඩියෙන්ම දක්ෂ බව හිතෙන කැටගරි එක තෝරා ගන්න. ඉන්පස්සේ සාම්පල් එකක් දෙකක් මහලා ෆේස්බුක් පිටුවක් හදලා අප්ලෝඩ් කරන්න. ඕඩර්ස් ගලාගෙන එන්න පටන් ගනීවි.

පැළ තවාන්

මල් පැළ සහ පළතුරු පැල වැවීම ගැන ඔයාට කෘෂිකර්ම මධ්‍යස්ථානයෙන් නොමිලේම උපදෙස් ගන්න පුලුවන්. බීජ වර්ග සහ පොහොර ඉතාම අඩු මිලට ලබා ගන්නත් පුලුවන්. ඔබේ වත්තේ ඉඩකඩ තියනවානම් ගෙවතු වගාවකට වුණත් ඔබට යොමු වෙන්න පුලුවන්. එළවළු වර්ග වවලා විකිණීම කියන්නෙත් හොඳ ආදායම් මාර්ගයක්.

ආහාර වර්ග සැකසීම

කේක් සෑදීම වගේ දේවල් පටන් ගන්න ඔයාට ආර්ථික ශක්තියක් නැද්ද? ඒ ගැන වැඩිය හිතන්න එපා. අච්චාරු බිස්නස් එකක් වුණත් රසට සහ පිළිවෙලකට කරනවානම් ඔයාව දියුණු කරනවා නොඅනුමානයි. ලොකු වියදමක් දරන්න ඕනෑ නෑ. අඹ, අන්නාසි, වෙරළු, ඇඹරැල්ලා වගේ දේවල් ඔයාට ගෙවත්තෙන්ම හොයා ගන්න පුලුවන්. එහෙම නැත්නම් පොළට ගිහින් අඩු මිලට ගන්නත් පුලුවන්.

අත්කම් නිර්මාණ

Soft toys, කරාබු වගේ දේවල් හදන්න ඉගෙන ගන්න පන්තිවලට සහභාගී වෙන්න උවමනා නෑ. ඔයාට පුලුවන් youtube එකෙන් ඒ පිළිබඳ දැනුම ලබා ගන්න. ඊටපස්සේ පිටකොටුවේ කඩවීදිවල සංචාරය කරාම අවශ්‍ය කරන අමුද්‍රව්‍ය බොහොම අඩු මිලට ලබා ගන්න පුලුවන්. ඊටපස්සෙ ෆේස්බුක් පේජ් එකක් පටන් අරන් ඔයාට බිස්නස් එක සාර්ථකව කරගෙන යන්න පුලුවන්.

අන්තර්ජාල රැකියා අවස්ථා

මේ කියන්නේ දවස් දෙකෙන් රුපියල් ලක්ෂයක් හොයන ඊජිප්තු කතන්දර නෙවෙයි. Fiver වගේ වගකියයුතු වෙබ් අඩවි ගැන. ඔයා නිරත වෙන රැකියාවේම රැකියා අවස්ථා Freelancer කෙනෙක් හැටියට හොයා ගන්න මේ වෙබ් අඩවි ඔයාට උදව් වෙනවා. එහෙම නැත්නම් ග්‍රැෆික් ඩිසයිනින් වගේ දේකට ඔයා දක්ෂ නම් ඒ ඔස්සේ රැකියා අවස්ථා හොයා ගන්න පුලුවන්. ඒ වගේ Copy writing, Creative Writing වගේ දේවල් වලින්ද ඔයාය හොඳ මුදලක් උපයා ගන්න බැරිකමක් නෑ.

ස්වයං රැකියා අවස්ථා ඕනෑතරම් තියනවා. අපි මේ කිව්වේ “වැඩි වියදමක් නැතිව” ආරම්භ කරන්න පුලුවන් ස්වයං රැකියා ගැන. ඔයා දැනටමත් ඒ වගේ ව්‍යාපාරයක් කරනවානම් Smart Lady ෆේස්බුක් සමූහය එක්ක ඔයාගේ කතාව බෙදා ගන්න.

ඔයා ආරම්භ කරන්න යන ව්‍යාපාරයට අපෙන් සුබ පැතුම්!

Related Articles

Don't Miss


Latest Articles