දියවැඩියාව සහ වකුගඩු රෝග වැළඳීම පාලනය කරන වටු බිත්තර

බොහෝ දෙනා ආහාරයට ගන්න ඒ තරම් කැමැත්තක් නොදක්වන බිත්තර වර්ගයක් තමයි වටු බිත්තර කියන්නේ. නමුත් පෝෂණ ගුණයෙන් ඉතා ඉහල බිත්තර වර්ගයක් ලෙස වටු බිත්තර සැලකෙනවා.අද අපි ඔබට කියන්නේ වටු බිත්තර ආහාරයට ගැනීමෙන් ඔබට ලබාගන්න පුළුවන් සෞඛ්‍යමය වාසි ගැනයි

පෝෂ්‍ය පදාර්ථ රැසකින් පොහොසත් වේ

වටු බිත්තර, කුකුල් බිත්තර වලට වඩා තුන්හතර ගුණයක් පෝෂණ ගුණයෙන් ඉහළ බව සැලකෙනවා.කුකුල් බිත්තර වල ප්‍රෝටීන්  අඩංගු වන්නේ 11% ක් පමණක් වුණත් වටු බිත්තර වල ප්‍රෝටීන් 13% ක් අඩංගු වෙනවා.ඊට අමතරව කුකුල් බිත්තර වල අඩංගු විටමින් වර්ග වලට වඩා දෙගුණයක් පමණ වැඩිපුර විටමින් වර්ග ද , ඇමයිනෝ අම්ල , මේද අම්ල , යකඩ සහ සින්ක් වර්ග වලින්ද වටු බිත්තර පොහොසත් වෙනවා

දියවැඩියාව සහ වකුගඩු රෝග වැලඳීම පාලනය කරයි

අධ්‍යයනවලින් හෙළි වී ඇති ආකාරයට වටු බිත්තර ආහාරයට ගැනීම මගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම සහ ක්‍රියේටිනින් මට්ටම අඩු කරනවා.එය වකුගඩු ක්‍රියාකාරීත්වයට ද ධනාත්මක බලපෑමක් එල්ල කරයි. ඊට අමතරව වටු බිත්තර වල අඩු ග්ලයිසමික් දර්ශකයක් අඩංගු නිසා එමගින් රුධිරයට සීනි මුදා හරින්නේ ඉතා සෙමිනි.එය රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කිරීමට හේතු වනවා.

රක්තහීනතාවයේ අවධානම අඩු කරයි

යකඩ අපගේ රතු රුධිර සෛල වල වැදගත් ව්‍යුහාත්මක අංගයක් වන අතර එය අපගේ ශරීරයේ සියලුම සෛල වෙත ඔක්සිජන් රැගෙන යයි.වටු බිත්තර යනු යකඩ වලින් පොහොසත් ප්‍රභවයක් වන අතර ඔබේ ආහාර වේලට වටු බිත්තර එකතු කර ගැනීම මගින් යකඩ ඌනතාවය ,  රක්තහීනතාවය වැනි තත්ත්වයන් වලින් වැළකිය හැකි අතරම රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාවලිය ද දියුණු කරගත හැකිය

Detoxing සඳහා උපකාරී වේ

වටු බිත්තර වල බීටා කැරොටින් වැනි ප්‍රතිඔක්සිකාරක සහ විටමින් A, C සහ E අඩංගු වේ. ප්‍රතිඔක්සිකාරක ශරීරයේ ඇති හානිකර විෂ සමඟ සටන් කරන අතර ඒවා ඔබේ ශරීරයෙන් ඉවත් කිරීමට උපකාරී වේ.වටු බිත්තරවල ජල ප්‍රමාණය ද ඉහළ අතර එයද ශරීරයෙන් විෂ ඉවත් කිරීමට උපකාරී වේ.

පෙනීමේ ශක්තිය ආරක්ෂා කරයි

වටු බිත්තර විටමින් A වලින් පොහොසත් අතර  එමඟින් ඔබේ ඇස් පරිහානියෙන් ආරක්ෂා කළ හැකිය.එපමණක් නොව ඇස් වල සුද ඇතිවීම සහ ග්ලූකෝමා වැනි ඇති වීමේ අවදානම ද අඩු කරයි

ප්‍රතිශක්තිකරණය සහ පරිවෘත්තිය වැඩිදියුණු කරයි

වටු බිත්තර ප්‍රතිඔක්සිකාරක සහ විටමින් A වලින් පොහොසත් බව ඔබ දැනටමත් දන්නා කාරණයක්.මෙම පෝෂ්‍ය පදාර්ථ සෛල වර්ධනය සහ සෛල නියාමනය වැනි විවිධ සෛලිය ක්‍රියාවලට සම්බන්ධ බැවින් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩිදියුණු කරයි.ඊට අමතරව ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පවත්වාගැනීම සඳහා අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයක් වන ලියුසීන් ද වටු බිත්තර වල අඩංගු වේ

පිළිකා අවදානම අඩු කරයි

වටු බිත්තර වල අඩංගු ඉහල ප්‍රතිඔක්සිකාරක සාන්ද්‍රනය මගින් ඔබේ ශරීරයේ විෂ ඉවත් කරන අතර ඉහළ සාන්ද්‍රණයක ප්‍රතිඔක්සිකාරක තිබීම ආතතිය අඩු කිරීමට ද උපකාරී වේ.වටු බිත්තර වල කහ මදයේ ලෙසිටින් අඩංගු වන අතර ඒවා මගින් සෛල අලුත්වැඩියා කිරිම සහ සෛල වලට සිදුවන හානි වලට එරෙහිව සටන් කරයි.එපමනක් නොව වටු බිත්තර වල පිළිකා නාශක කාරකයක් වන ovomucoid අඩංගු වන අතර එමගින් ශරීරයේ පිළිකා වර්ධනය වීම වළක්වයි

සමේ නිරෝගී බව වැඩිදියුණු කරයි

වටු බිත්තර වල අඩංගු ප්‍රතිඔක්සිකාරක මගින්  සම හිරු කිරණින් ආරක්ෂා කිරීම සහ සම රැලි වැටීම් වලින් ආරක්ෂා කරයි.ඒ වගේම වියපත් වීමේ සළකුණු ඇති වීමද වළක්වයි. වටු බිත්තරවල ලයිසීන්, ඇමයිනෝ අම්ල අඩංගු වන අතර ලයිසීන් කොලජන් නිපදවීමට උපකාරී වේ. නිරෝගී සම සඳහා කොලජන් අත්‍යවශ්‍ය වන අතර වටු බිත්තර ආහාරයට ගැනීම නිරෝගී සමකට හේතු වනවා.ඊට අමතරව, වටු බිත්තර කුරුලෑ පාලනය කිරීමට සහ සමේ පැහැය වැඩි දියුණු කිරීමට උපකාරී වේ

නිරෝගී කෙස් කළඹක් ලබා දෙයි

වටු බිත්තර වල සින්ක්, යකඩ, සෙලේනියම්, ඇමයිනෝ අම්ල සහ විටමින් A, B, C සහ E අඩංගු වන අතර ඒවා නිරෝගී හිසකෙස් සහ හිස්කබල සඳහා ප්‍රයෝජනවත් වන අතර හිසකෙස් ගැලවී යාමද වළක්වයි.ඔබේ ආහාර වේලට වටු බිත්තර ඇතුළත් කිරීමට අමතරව, එය ඔබේ හිසකෙස් සඳහා ආලේප කිරීමද කළ හැකිය.

Related Articles

Don't Miss


Latest Articles