ආයු, බල, සැප, වර්ණ, නුවණ වඩවන ලෙස ආහාර ගන්නා අයුරු පවසන ආයුර්වේදය

මිනිස් ජීවිතය අද ඉතාමත්ම සංකීර්ණ බවට පත්වෙලා තියෙන්නේ. ඒ නිසාම මිනිස් ජිවිතයේ මූලික අවස්ථාවක් වන ආහාර මිනිසාගේ පැවැත්මට නැතුවම බැරි අත්‍යාවශ්‍ය සාධකයක් වුවත් ඒ සඳහා නිසි අවධානයක් යොමු කිරීමට කාල වේලාවක් සොයා ගැනීමට නොහැකි තරම් අද  ජීවිතය සංකීර්ණ වෙලා තිබෙනවා. එය විවිධ ලෙඩ රෝග ඇතුළු සෞඛ්‍ය සමාජීය ගැටළු රැසක් නිර්මාණය කර තිබෙනවා.

ආයු, වර්ණ, සැප, බල, නුවණ වැඩෙන ලෙසට ආහාර ගන්නා ආකාරය ආයුර්වේදයේ සඳහන් වනවා. එහෙත් එම වරප්‍රසාදයන්  ලැබෙන්නේ කෙටි ආහාර, පිටි සහිත ආහාර ආදිය ලබා ගැනීමෙන් නොවේ.

  • ආයුර්වේදයට  අනුව පංචවිධ සම්පත්තිය ලැබෙන්නේ සෞඛ්‍යමය ආහාර වේලක් ලබා ගැනීමෙන්. ආයුර්වේදයට අනුව එය රස හයකින් යුතු විය යුතුයි. එනම් මධුර, අම්ල, ලවණ, කටු, තිත්ත, කෂාය  වේ.
  • මෙය එක් ආහාර වේලක් තුළ අන්තර්ගත විය යුතුවීම විශේෂයක්.
  • එසේම පඨවි, ආප, තේජ, වායු, ආකාශ, යන පංච භෞතිකයෙන්ද සමත් විය යුතුයි.
  • මේ නිසාවෙන් අප සිරුර සෑදී ඇති වාත, පිත, කප යන අංග තුන සමතුළිත වන අතර ඒ නිසා නිරෝගී භාවය අත්පත් වේ.
  • උදේ ආහාරය ලබා ගත යුත්තේ අවදි වී පැය දෙකක පමණ කාලයකදීය. එනම් පෙරවරු 7ත් 8ත් අතරය.
  • එහි අන්තර්ගත විය යුත්තේ ඉතාමත්ම පෝෂ්‍යදායී ආහාර වේලකි. එහෙත් කුඩා ප්‍රමාණයකිනි.
  • උදෑසන ආහාරයට වඩාත් සුදුසු වන්නේ කොළ කැඳ සමග ඇට හෝ අල වර්ගයකි. බත් මෙන්ම කිරිබත් ද සුදුසුය.
  • දවල් ආහාරය ලබා ගත යුතුවන්නේ උදේ ආහාරය ලබා ගැනීමෙන් පැය හයකට පසුවයි. උදේ ආහාරයට වඩා වැඩි ප්‍රමාණයක් අඩංගු විය යුතුයි.
  • දවල් ආහාරය ලබා ගත යුත්තේ කුසෙන් බාගයක් පිරෙන ආකාරයටයි. ඉතිරි කොටසක් ජලයෙන්ද තව කොටසක් හිස්වද තිබිය යුතුයි.
  • එනිසා ගත් ආහාර හොඳින් දිරවීමට අවස්ථාවක් ලැබෙනවා. සිරුරේ ආම තත්ත්ව හෙවත් විෂ ඇති වීම වැළකේ.
  • නින්දට යාමට පැය දෙකකට පමණ පෙර රාත්‍රී ආහාරය ලබා ගත යුතුවනවා.
  • රාත්‍රී ආහාරය ගෙන නින්දට යාමට පෙර අවම වශයෙන් පියවර සියයක්වත් ඇවිදගෙන යා යුතු බව ආයුර්වේදයේ සඳහන් වනවා.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles