නින්ද යන්නෙ නැත්තම් Deep Sleep Music අහන්න!

නින්ද Deep Sleep එකක් වෙන තරමට මොනතරම් නම් සනීපද කියල හිතුණත් රටේම තියෙන ප්‍රශ්න, අද වෙච්ච දේවල්, හෙට වෙන්න තියෙන දේවල් ගැන කල්පනා කර කර නින්දට යන අපිට නම් Deep Sleep එකක් කියන්නෙ හීනයක් විතරයි.

ඔයා, මම විතරක් නෙවෙයි අපි ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි මේ සුවදායී නින්දක් නොලැබෙන එක.

මොනතරම් නින්ද අවශ්‍යයි කියලා දැනගෙන හිටියත් නින්ද එන්නෙ නැත්තම් මොකද කරන්නේ?

අන්න ඒ ගැන තමයි අපි අද ලිපියෙන් කතා කරන්නේ.

එක එක අයට නින්ද නොයන හේතු එක එක විදියයිනේ. සමහර වෙලාවට එහා පැත්තෙ නිදියන් ඉන්න මනුස්සයගෙ ගෙරවිල්ල, එහෙම නැත්තම් ඔලුව කලබල වීම, ඇඟට මහන්සි දැනීම වගේ ගොඩක් හේතු නිසා මේ නින්ද ඔයාගෙන් ඈතට ගිහිල්ල තියෙන්න පුලුවන්.

නින්ද නොයෑමටත් වඩා ලොකු ගැටලුවක් තමයි මගදි නින්ද කැඩිල ඇහැරෙන්න වෙන එක.

ඉතින් මගදි කැඩෙන්නෙ නැති Deep Sleep එකක් ලබාගන්න ඔයාට පහසුවෙන් කරන්න පුලුවන් දෙයක් තමයි නිදියන්න කලින් Deep Sleep Music වලට සවන් දීම.

මොනවද මේ Deep Sleep Music කියන්නේ?

Deep Sleep Music කියන්නේ සන්සුන් තාල සහ රිද්මයන් එකතු වුණ සංගීත කාණ්ඩයකට. මේ සංගීත කාණ්ඩය විශාල පරාසයක යෙදෙනවා.

ශ්‍රාවකයා ගැඹුරු විවේක තත්ත්වයකට පත් කිරීම සඳහා නිර්මාණය කර ඇති මෙම Deep Sleep Music ලොව පුරා නින්ද නොයන පුද්ගලයින්ගේ අවධානය ආකර්ෂණය කර තිබෙනවා.

සිතට සන්සුන් භාවය පිළිබඳ හැඟීමක් ඇති කිරීම සඳහා නිර්මාණය කරන ලද සන්සුන් නාද එකතුවක් තමයි මේ Deep Sleep Music කියන්නේ.

මේ සංගීතයේ තියෙන විශේෂත්වය වන්නේ සාමාන්‍ය නාද රටාවලින් එහාට ගිහින් සිතට සැනසුමක්, සංසුන් බවක් ගෙන එන්න පුලුවන් විදියට සකස් කරලා තිබීම.

Deep Sleep Music යනු සන්සුන් නාද වල අහඹු එකතුවක් පමණක් නෙවෙයි. ඒ වෙනුවට, එය මොළයේ ස්වභාවික නිද්‍රා රටාවන් සමඟ අනුනාද වීමට නිර්මාණය කර ඇති පරෙස්සමින් සකස් කරන ලද සංගීත කාණ්ඩයක්.

මෙම රටා සමඟ පෙළගැස්වීමෙන්, Deep Sleep Music ඔබව ගැඹුරු නින්දකට අරගෙන යන්නේ ඉතාම සුමටම.

මේ Deep Sleep Music පිටුපස තිබෙන Science එකත් ඉතාම විශේෂයි. එය Deep Sleep එකකට යාමට අපිට උදව් කරන ස්නායු විද්‍යාව, සංගීතය සහ මනෝ විද්‍යාව කියන කොටස් තුනේම එකතුවක්.

නිශ්චිත සංඛ්‍යාත, රිද්ම සහ tempos අපගේ මොළයේ තරංගවලට බලපාන ආකාරය සහ අවසානයේ අපගේ නිදාගැනීමේ හැකියාවට බලපාන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට පර්යේෂකයන් සැලකිය යුතු කාලයක් හා වෑයමක් දරලා තියෙනවා.

ගැඹුරු නින්දක් ගෙන ඒමට අමතරව ආතතිය අඩු කරන්න, කාංසාව සමනය කරන්න, නිර්මානශීලිත්වය වැඩි කරන්නත් යොදා ගන්න පුලුවන් බව තමයි කියවෙන්නේ.

Deep Sleep Music ගැන පර්‍යේෂකයන් කියන්නේ මොනවද?

මේ Deep Sleep Music ගැන පර්‍යේෂකයන් විවිධාකාරයේ අදහස් දක්වලා තියෙනවා.

බොහෝ අධ්‍යයන මගින් නින්දේ ගුණාත්මකභාවය , ආතතිය සහ කාංසාව කෙරෙහි Deep Sleep Music වලබලපෑම විමර්ශනය කරලා තියෙනවා . බොහෝ දුරට ධනාත්මක වන මේ සොයාගැනීම්වලින් පෙනී යන්නේ Deep Sleep Music සන්සුන් නින්ද ප්‍රවර්ධනය කිරීම සහ සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා ඵලදායී වෙන්න පුලුවන් බවයි.

Cochrane Database of Systematic Reviews හි ප්‍රකාශයට පත් කරන ලද 2015 සමාලෝචනයක් නිගමනය කළේ සංගීත ප්‍රතිකාර මගින් නින්දේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමට සහ නින්ද නොයාමෙන් පෙළෙන වැඩිහිටියන්ගේ නින්දට බාධා කිරීම් අවම කරන්න පුලුවන් බවයි.

Deep Sleep Music වැඩකරන්නේ කොහොමද?

අපි සංගීතයට සවන් දෙන විට, අපගේ මොළය ස්නායු මාර්ග සංකීර්ණ ජාලයක් හරහා ශබ්ද සකසනවා.

මෙම මාර්ග, විවේකය සහ නින්ද ප්‍රවර්ධනය කළ හැකි මොළයේ තරංග ක්‍රියාකාරකම් Modulate කරනවා.

Deep Sleep Music වල අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය සිත් ඇදගන්නාසුළු මෙන්ම සංකීර්ණ වන අතර යාන්ත්‍රණ කිහිපයක් ක්‍රියාත්මක වෙනවා.

 රිද්මයේ, වේගයේ සහ සංඛ්‍යාතයේ සිදු කරන වෙනස් කම් මගින්, Deep Sleep Music වලට මොළයේ ක්‍රියාකාරිත්වයට බලපෑම් කිරීමට, ලිහිල් කිරීමට පහසුකම් සැලසීමට සහ අවසානයේ නින්දේ ගුණාත්මක භාවය වැඩි කිරීමට හැකියාවක් තිබෙනවා.

ඒ ලිහිල් කිරීම නිසා තමයි Deep Sleep Music වලින් ඔබට දිගු, ගැඹුරු නින්දකට පිවිසෙන්න පුලුවන් වෙන්නේ.

Deep Sleep Music වල එක් ප්‍රධාන අංගයක් වන්නේ මොළයේ තරංග රටාවන්ට බලපෑම් කිරීමට ඇති හැකියාව.

Brainwaves යනු මොළය මගින් නිපදවන විද්‍යුත් සංඥා වන අතර ඒවායේ සංඛ්‍යාතය විවිධ මානසික තත්වයන් සමඟ සම්බන්ධ වේ.

 උදාහරණයක් විදියට ගත්තොත් ඇල්ෆා තරංග විවේකයට සම්බන්ධ වන අතර ඩෙල්ටා තරංග ගැඹුරු නින්ද සමඟ සම්බන්ධ වෙනවා. Deep Sleep Music බොහෝ විට සම්පාදනය කරන ලබන නිශ්චිත සංඛ්‍යාත, Tempos සහ රිද්ම භාවිතා කරමින් මෙම යෝග්‍ය තරංග නිෂ්පාදනය දිරිමත් කරන අතර එමඟින් විවේකය සහ නින්ද ප්‍රවර්ධනය කරනවා.

නින්ද නොයන අයට Deep Sleep Music උදව් වෙන්නේ කොහොමද?

බෙහෙත් වර්ග වලට යන්නෙ නැතුව Deep Sleep එකක් ලබාගන්න පුලුවන් පහසුම සහ Effective ම විදියක් තමයි Deep Sleep Music කියන්නේ.

ගොඩක් වෙලාවට අපිට නින්ද නොයන්න අපේ ඔලුව ඇතුලෙ තියන අවිවේකි බව, ප්‍රශ්න, කාංසිය ලොකුවට හේතුවක් වන නිසා Deep Sleep Music ඔස්සේ ඒ නොලැබෙන නින්ද ලබාගන්න ඔයාට ඉඩකඩ ලැබෙනවා.

නින්දට පෙර සන්සුන් සංගීතයට සවන් දීමෙන් නින්දේ ගුණාත්මක භාවය වැඩිදියුණු කළ හැකි අතර නින්දට යාමට ගතවන කාලය අඩු කර ගත හැකි බව පර්යේෂණ මගින් පෙන්නුම් කර දීලා තිබෙනවා.

Deep Sleep Music නින්ද නොයාමට දායක වන මූලික සාධක ඉලක්ක කරන බැවින්, එය නින්ද නොයාම සමඟ අරගල කරන අයට ලැබුන දේවාශිර්වාදයක් වගේ පිළියමක්.

හැබැයි ඉතින් Deep Sleep එකක් නොලැබෙන හැම කෙනාටම මේ Deep Sleep Music කියන ක්‍රමය ගැලපෙන්නෙ නැති වෙන්න පුලුවන්.

මොකද එක එක කෙනාගේ මනසේ තරංග රටාවන්, ස්වභාවයන් වෙනස් නිසා. ඒ වගේම සංගීතයට වුණත් එක එක අය දක්වන්නෙ විවිධාකාර රුචිකත්වයන් නේ.

කොහොම වුණත් මට මේක හරියන්නෙ නෑ කියල නිකන්ම අතෑරල දාන්නෙ නැතුව දවසක් දෙකක් හරි අපි පොඩි ට්‍රයි එකක් දීල බලමු නේද?

හරියනවද නැද්ද කියලා.

ඉතින් YouTube වලට ගිහින් Deep Sleep Music කියල සර්ච් කරහම ඔයාට මේ Deep Sleep Music Tracks පහසුවෙන්ම සොයාගන්න පුලුවන්.

අද රෑට Try කරලා බලල අපිට කියන්න මේ Deep Sleep Music ක්‍රමය ඔස්සේ ඔයාටත් සුව නින්දක් ලැබුණද කියලා.

Related Articles

Don't Miss


Latest Articles