Fairness cream ආලේප කරන්නේ පරිස්සමෙන්…

බොහෝ කාන්තාවන් වැඩි උනන්දුවක් දක්වන්නේ තමන්ගේ සම පැහැපත්කර ගනිමින් රුව ලස්සන රැක ගැනීමටයි. මේ නිසාම තමන්ගේ සමේ පැහැය වර්ධනයකර ගැනීමේ අරමුණින් විවිධ ආලේපන වර්ග, රසායනික ආලේපන වර්ග සහ රසායනික ප්‍රතිකර්ම භාවිතයට හුරු පුරුදු වී සිටිනවා. එවැනි ප්‍රතිකාර මඟින් සමට විය හැකි හානිය සුළුවෙන් තකන්න බැහැ. නමුත් බොහෝවිට මෙවැනි ප්‍රතිකර්මවලට යොමු වී සිටින්නේ නොදැනුවත්කම සහ ඔවුන්ගේ එකම අරමුණ සම සුදුකර ගැනීම වන නිසයි.

වෙළඳපළේ ඇති නිෂ්පාදන ෆෙයාර්නස්‌ ආලේපනයක් තෝරා ගැනීමේදී ඉතාමත් ප්‍රවේශම්කාරී විය යුතුය. එයට හේතුව සමට අහිතකර නිෂ්පාදන වෙළඳ පළේ පවතින නිසයි. බොහෝ  Fairness cream නිෂ්පාදන මගින් සිදුවන්නේ එහි අඩංගු විරංජනකාරක (Bleaching) සමේ මෙලනින් නිෂ්පාදනය කරනු ලබන මෙලැනොසයිට්‌ විනාශ කිරීමයි. එසේම මේවායේ සමහර විට සමට අහිතකර රසායනික ද්‍රව්‍ය (රසදිය වැනි) පැවතිය හැක. දැනට ලොව තුළ Bleaching අඩංගු ෆෙයාර්නස්‌ ආලේපන භාවිතා කිරීම තහනම් කර තිබෙනවා.

මෙවැනි ආලේපන මගින් ඔබේ සම ක්‌ෂනිකව පැහැපත් කළත් එයින් දීර්ඝ කාලීනව ඔබේ සමට හානිකර තත්ත්ව ඇති කරයි. බොහෝ විට පිළිකා තත්ත්වය ඇතිවිය හැක. නිෂ්පාදකයකුගේ විස්‌තරයක්  නැති කුඩා ඇසුරුම්වල ඉතා ඉහළ මිල ගණන් වලට දැනට වෙළඳපළේ ඇති ෆෙයානර්නස්‌ ක්‍රීම් භාවිතා කිරීම අනුමත් කළ නොහැක. රූපලාවන්‍ය ගැන හෝ රූපලාවන්‍ය නිෂ්පාදන ගැන අවබෝධයක්‌ නොමැති ලාභ අපේක්‌ෂාවෙන් පිටරට වලින් රැගෙන එන නිෂ්පාදන විවිධ වූ බාල ප්‍රමතියේ නිෂ්පාදන සමග මිශ්‍රකර ඉතා ඉහළ මිල ගණන් වලට අලෙවිකිරීමේ රැල්ලක්ද පවතියි.

ෆෙයාර්නස්‌ ආලේපන නිෂ්පාදන සඳහා මුළුලොවම පිළිගත් ඉතා ඉහළ ප්‍රමිතියේ විද්‍යානුකූල සහ සෞඛ්‍යාරක්‌ෂිත ආලේපනයක් ඔබට අවශ්‍ය නම් යොදාගත හැක. නමුත් සැබැවින්ම ඕනෑම අයකු කළ යුත්තේ තමන්ගේ තිබෙන වර්ණය හා තමන්ට තිබෙන සම ස්වාභාවික ද්‍රව්‍ය ඇසුරින් ප්‍රබෝධවත්කර පෝෂණයකර පැහැපත් බවක් ඇතිකර ගැනීමයි. මෙයන් වෙළඳපලේ ඇති සමට අහිතකර ආලේපන භාවිතයෙන් වැළකී සිටීමට ඔබටත් හැකියාවක්‌ ලැබෙනු ඇත.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles