විනාඩි 20ක් තුළ වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කරන සරල ව්‍යායාම කිහිපයක්

අද අපි කියලා දෙන්න යන්නේ නිවසේ සිට කළ හැකි තවත් Cardio Exercise කිහිපයක් පිළිබඳවයි. මේ හරහා ඔබේ සිරුරේ බර අඩු කරගනිමින් හැඩති සිරුරක් ඔබටත් ලබා ගන්න පුළුවන්.

Cardio Exercise කිරීමෙන් ලැබෙන වාසි

Cardio Exercise කිරීම තුළින් බොහෝ සෞඛ්‍යමය ප්‍රතිලාභ ඔබට අත්කරගත හැකි අතර ප්‍රධාන වාසි කිහිපයක් වශයෙන් පහත කරුණු දක්වන්න පුළුවන්.

  • හදවත ශක්තිමත් කිරීම
  • පෙනහළු ධාරිතාව වැඩි කිරීම
  • පරිවෘත්තීය ශක්තිය වැඩි කරයි
  • කැලරි දහන , බර අඩු කර ගැනීමට උපකාරී වේ
  • ආතතිය අඩු කිරීමට උපකාරී වේ
  • ශක්තිය වැඩි කරයි

ඒ අනුව විනාඩි 20ක් තුළ කළ හැකි ඔබේ ශරිරය් බර වේගයෙන් අඩු කරන Cardio Exercise කිහිපයක්

Jumping Jacks

පළමුව අත් දෙක දෙපසින් තබා ගෙන සෘජුව සිට ගැනීම

ඉන්පසුව දෙපා මදක් ඈත් කර උඩ පැනීම

එයට සමානව ඇත දෙක ඉහළට එසවීම හා පහත දැමීම කළ යුතුයි

Seal Jack

පළමුව සෘජුව සිටගන්න

ඉන්පසුව දෙපා මදක් ඈතින් තබා ගන්න

පසුව ඒ ඉරියව්වෙන්ම මදක් උඩ පනින්න

පාදවලට සමාන්තරව අත් දෙකද දෙපැත්තට රූපයේ පරිදි යොමු කරන්න

Arm Circle Jack

Seal Jack ව්‍යායාමය සිදු කළ ඉරියව්වෙන් පළමුව සිට ගන්න

ඔබේ ඉහළට පනිද්දී ඔබේ හිසට ඉහළින් ඔබේ දෑත් ඉහළට, පිටුපසට සහ දෙපැත්තට කරකවන්න.

තත්පර 20 ක් සඳහා මෙය දිගටම කරගෙන යන්න.

Plank Shoulder Tap

පළමුව හොඳින් බිම දිගා වන්න

පසුව අත් සහ පාද භාවිතයෙන් මදක් ඉහළට එසවෙන්න.

Downward Dog to Plank Reach

පළමුව මුණින් අතට බිම දිගා වන්න

පසුව කකුල් සහ අත් භාවිතා කරමින් මදක් ඉස්සෙන්න

පසුව රුපයේ පරිදි අත් මාරු කරමින් පාද වෙත යොමු කරන්න

තත්පර 30 ක් පැති මාරු කරමින් මෙම ව්‍යායාමය දිගටම කරගෙන යන්න

සැලකිලිමත් විය යුතු විශේෂ කරුණු

මෙම ව්‍යායාම සිදු කිරීමට පෙර ඇඟ ලිහිල් කිරීමේ ව්‍යායාම සිදු කරන්න

නියමිත කාලයට පමණක් කරන්න

මෙම ව්‍යායාම සිදු කරන ගමන් සමබර ආහාර වේලක් ගැනීම ,හොඳින් වතුර පානය කිරීම වැනි හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට අමතක නොකරන්න

ඒ අනුව දිනකට විනාඩි 20ක් පමණ මෙම ව්‍යායාම සිදු කර ඔබත් වෙනස අත් විඳින්න

Related Articles

Don't Miss


Latest Articles