පිරමීඩයේ අභිරහස සොයා ගිය පිරිස – THE PYRAMID

2014 වර්ෂයේ නිකුත්වුන ඇමරිකානු චිත්‍රපටියක් වන Pyramid යනු ත්‍රාසය භීතිය සහ කුතුහලය නොඅඩුව පවතින චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකිය.ආරම්භයේ පටන් ඊළඟ මොහොතේ සිදුවන්නේ සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව චිත්‍රපටය වෙත ප්‍රේක්ෂකයාව රඳවා තබා ගන්නා මෙය තරමක් අද්භූත චිත්‍රපටයක් ලෙස ද නම් කළ හැකිය 


ඊජිප්තුවේ ආචාර්ය හෝල්ඩන් සහ ඔහුගේ දියණිය ඇතුළු පුරා විද්‍යා කණ්ඩායමක් විසින් කාන්තාරයක් මතුපිට ඇති පැති තුනකින් සමන්විත පිරමීඩයක් පරික්ෂා කිරීම සඳහා යයි.ඒ සඳහා ප්‍රදේශවාසීන්ගේ විරෝධය පළ වන විට රජය විසින් ආචාර්‍ය හෝල්ඩන් ඇතුළු පිරිසට නැවත පැමිණෙන ලෙස නියෝග කරනවා.

එයින් පසු නොබැස,පිරමීඩය පරීක්ෂා කිරීමේ කුතුහලයෙන් පසුවන පිරිස  පිරමීඩයේ ඇතුලත පරික්ෂා කිරීම සඳහා කැමරාවක් සහිත උපකරණයක් ඒ තුළට යවනවා. පිරමීඩයේ පිටත සිට ආචාර්ය හෝල්ඩන් ඇතුළු පිරිස තිරය මත පෙනෙන පිරමීඩයේ අභ්‍යන්තරය දෙස කුතුහලයෙන් යුතුව බලා සිටිනවා.එකවරම කැමරාවට යම් කිසි සත්ත්වයෙක් පහර දෙන බැවින් සියල්ල නොපෙනී යනවා.පිරමීඩය තුළට යැවූ කැමරාව නාසා ආයතනයෙන් ලබාගත් ඉතා වටිනා එකක් බැවින් පිරමීඩය තුලට ගොස් කැමරාව සහිත උපකරණය සොයා ගැනීමට පිරිස තීරණය කරනවා.


ආචාර්ය හෝල්ඩන් ඇතුළු පිරිස නැවත ගෙන්වා ගැනීම සඳහා පැමිණෙන හමුදා නිලධාරියාගේ දැඩි විරෝධය මත  ආචාර්ය හෝල්ඩන් ඇතුළු පිරිස පිරමීඩයට ඇතුළු වෙනවා.පිරමීඩය තුළ තුළ දක්නට ලැබෙන කැටයම් සිතුවම් පිළිබඳව කුතුහලයෙන් ඔවුන් ඒ තුළ ගවේෂණයක යෙදෙනවා.කණ්ඩායමේ සිටින ෆිට්සි නැමැති සාමාජිකයා මුහුණ දීමට සිදුවන සියලු සිදුවීම් කැමරාව කාචයේ සටහන් කරගන්නවා.


ඉන්පසුව නොසිතූ පරිදි ඔවුන් සිටි මතුපිට පුපුරා ගොස් ඔවුන් තවත් පහළ තට්ටුවකට ඇද වැටෙනවා.පිටතට යාමට මගක් සොයමින් සිටින විට හදිසියේම ඉහළ බිත්තියක කොටසක් පිරිසෙන් එක් අයෙක් වන සාහීර්ගේ කකුල මතට ඇද වැටෙනවා.සාහිර්ව බේරාගැනීමට උත්සාහ කරන පිරිස ඔහුව එතැන තබා වෙනත් මගක් සොයමින් ඉදිරියට ගමන් කරද්දී සාහීර් උදව් ඉල්ලා විලාප තබන ශබ්දය ඇසෙනවා.ආචාර්ය හෝල්ඩන් සහ ඔහුගේ දියණිය සාහීර් සිටි ස්ථානයට නැවත දිව එන විට එතැන ඔහුව දක්නට ලැබෙන්නේ නැති අතර ඉහල පිහිටි කුහරයක් වෙත ඔහුව රැගෙන ගිය රුධිරය පැල්ලමක් පමණක් දක්නට ලැබෙනවා.


ඉතා බියට පත්වන ආචාර්ය හෝල්ඩන්, ඔහුගේ දියණිය සහ අනෙක් දෙදෙනා පිරමීඩයෙන් පිටවීමට මගක් සොයන අතර පිරමීඩයේ පිටත සිටි හමුදා නිලධාරියා ඔවුන්ව සොයා එනවා.නොසිතූ පරිදි පූසන්ට සමාන සතුන් රැළක් පැමිණ එම හමුදා නිලධාරියාව ගොදුරු කර ගන්නා අතර ආචාර්ය හෝල්ඩන් ඇතුළු පිරිස එතැනින් පලා යනවා.
ඓතිහාසික පිරමීඩයක් වන එම පිරමීඩයේ අවුරුදු සිය ගණනාවකට පෙර නිර්මාණය කළ උපක්‍රමශීලී උගුල් පවතින අතර ආචාර්ය හෝල්ඩන් ඇතුළු පිරිස නොසිතූ විරූ අත්දැකීම් වලට මුහුණ දෙනවා.කණ්ඩායමේ සිටි එක් තරුණියක් එම උගුලකට හසුවන අතර විශේශයකින් පැවත එන සතුන් රැළගේද ප්‍රහාරයට ගොදුරුව මිය යනවා.
කෙසේ හෝ පිරමීඩය පතුලට පැමිණෙන පිරිස එහිදී පෙර පැමිණි ගවේශකයෙකු ගේ මළ සිරුර සොයා ගන්නවා.එම සිරුරෙහි හදවත තිබෙන ස්ථානයේ විශාල සිදුරක් තිබෙනු දකින ඔවුන් ඒ ගැන පරික්ෂා කරනවා.සියවස් ගණනාවකට පෙර ,මරණයෙන් පසු ජීවිතයකට ඇතුළු වීමෙහි වටිනාකම කිරා මැන බලමින් මිනිසුන්ගේ හදවත් අනුභව කරන අද්භූත සත්වයෙකු පිළිබඳ පුරාවෘත්තයක් කෙරෙහි අවධානය යොමු වෙනවා.


පිරමීඩයේ පහළම තට්ටුවේ සිට ආචාර්ය හෝල්ඩන් ඇතුළු පිරිස එම අද්භූත සත්වයා පිළිබඳව තර්ක විතර්ක ඉදිරිපත් කරමින් සිටින විට එකවරම ආචාර්‍ය හෝල්ඩන්ගේ පසුපසින් පැමිණෙන කිසිවෙකු ඔහුගේ හදවත ගලවා ගන්නවා.පුරාවෘත්ත වල සඳහන් වෙන අද්භූත සත්ත්වයා සැබෑවක් බව ආචාර්ය හෝල්ඩන්ගේ දියණිය සහ කණ්ඩායමේ අනෙක් සාමාජිකයා වටහා ගන්නවා.

අද්භූත සත්ත්වයා පිටව ගිය පසු නැවත පිරමීඩයේ පතුලට පැමිණෙන ආචාර්ය හෝල්ඩන් ගේ දියණිය සහ ෆිට්සි නැමති අනෙක් සාමාජිකයා එහි බිත්තිවල බිත්ති වල දකින සිතුවම් වලට අනුව පිරමීඩයක් පිටවන මග සොයාගන්නවා .නමුත් අනපේක්ෂිත පරිදි පෙර කී අද්භූත සත්වයා නැවතත් එම ස්ථානයට පැමිණෙනවා.
ඉන්පසුව සිදු වන්නේ කුමක්ද? 
ගවේෂණ කණ්ඩායමේ අවසාන සාමාජිකයන් දෙදෙනාට පිරමීඩයෙන් පිටවීමට හැකි වේවිද ? 


ග්‍රෙගරි ලෙවසියර්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටයේ තිර පිටපත ලියා ඇත්තේ ඩැනියෙල් මීර්සන්ඩ් සහ නික් සයිමන් විසින්.
ඩොලර් මිලියන 16.9 ක ආදායමක් ලගා කර දෙමින් මෙම චිත්‍රපටය නිකුත් වී ඇත්තේ 2014 වර්ශයේ දෙසැම්බර් මස පස් වන දිනයි .
අද්භූත සිදුවීම් වලට සහ පුරාවෘත්තයන් පිළිබඳව උනන්දු වන රසිකයන් බොහෝ දෙනා අතර කතා බහට ලක්වුන Pyramid චිත්‍රපටය අදටත් බොහෝ දෙනාගේ කතා බහට ලක්වන සිත් වලින් නොමැකෙන සිනමා නිර්මාණයක් වී හමාරය

Related Articles

Don't Miss


Latest Articles