කිරි තේ පානයේ අහිතකර බලපෑම්

මේ වන විට ලෝකයේ ජනප්‍රියම පාන වර්ගයක් ලෙස කිරි තේ සැලකෙනවා. කාර්‍යබහුල ජීවන රටාවක් ගත කරන බොහෝ දෙනා මේ තේ පානය සඳහා හුරු වී සිටිනවා.කෙසේ වෙතත් තේ පානය කිරීම ශරීරයට එතරම් හොඳ ප්‍රතිඵල ගෙන දෙන්නේ නෑ.එය ඔබේ සෞඛ්‍යයට බොහෝ ඍණාත්මක බලපෑම් ඇති කර දිය හැකියි.

මොනවද ඒ ? 

• නින්ද නොයාම 

අධික ලෙස තේ පානය කිරීම ඔබේ නින්දට බාධා කිරීමට ඉඩකඩ තියෙනවා.තේවල අඩංගු කැෆේන් ඔබේ නිද්‍රා චක්‍රයට බාධා ඇති කරන අතර කැෆේන් නින්දේ රටාවට බලපාන මෙලටොනින් හෝමෝනයට බාධා කරනවා.තේ පානය කිරීමෙන් විනාඩි පහළොවක් ඇතුළත එහි අඩංගු වන කැෆේන් ඔබේ රුධිරයට ඇතුළු වී ඔබේ ශක්ති මට්ටම වැඩි කරනවා.එය ඔබේ නින්දට බාධා ඇති කරන නිසා රාත්‍රී කාලයේ දී තේ පානය කිරීමෙන් වළකින ලෙසයි පෝෂණවේදීන් පෙන්වා දෙන්නේ.

• අඩු පෝශක අවශෝෂණය 

ශරීරයේ කැෆේන් ප්‍රමාණය වැඩිවීම ඔබේ ආහාර ජීරණ ක්‍රියාවලියට බාධා ඇති කරන අතර  පෝෂණය අවශෝෂණය කර ගැනීම අඩු  කරනවා. එමගින් පසුකාලීනව ඔබේ සෞඛ්‍ය තත්වය කෙරෙහි විවිධාකාරයෙන් දැඩි බලපෑම් එල්ල විය හැකි නිසා කිරි තේ පානය සීමා කිරීම හෝ හැකිතාක් අවම කිරීම සිදු කෙරෙහි ඔබ අවධානය යොමු කළ යුතුයි.

• නොසන්සුන් බව වැඩිවීම

බොහෝ දෙනා විවේක වෙලාව රසවිඳීමට , ආතතියෙන් මිදීමට අවශ්‍ය වේලාවට තේ පානය කිරීමට පුරුදු වී සිටිනවා.නමුත් මෙම පුරුද්ද ඇත්ත වශයෙන්ම ඔබ මුහුණ දෙන ආතතිය සහ නොසන්සුන් බව උග්‍ර අතට හරවනවා.අධික කැෆේන් පරිභෝජනය නොසන්සුනතාවයට හේතු විය හැකි අතර එවැනි තත්ත්වයන් සමනය කරගැනීමට අවශ්‍ය නම් සාමාන්‍ය තේ වෙනුවට chamomile තේ වැනි පානයකට හුරුවීම ඔබට කළ හැකි යි.

• බඩ පිපීම

නිතර කිරි තේ පානය කිරීම මගින් බඩ පිපුම වැනි තත්ත්වයන් ඇතිවනවා.එය සිදුවන්නේ තේවල අඩංගු කැෆේන් මගිනි.ඊට අමතරව ගැස්ට්‍රයිටිස් වැනි තත්වයන් ඇති වීම ද විය හැකියි.තේ වල අඩංගු ටැනින් නැමති සංඝටකය මගින් ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාවලියට බාධා ඇති කරන අතර ඔයා බඩේ කැක්කුම වැනි තත්ත්වයක් දක්වා ද උග්‍ර වීමේ හැකියාව පවතිනවා.

• කුරුලෑ ආසාදන ඇති වීම

කිරි තේ මගින් ඉතා ඉක්මනින් ඇති වන අතුරු ප්‍රතිඵලයක් ලෙස කුරුලෑ ඇතිවීම හඳුන්වන්න පුළුවන්.අධික තේ පානය ශරීරයේ උෂ්ණාධික බව වැඩි කරන අතර ඒ මඟින් ශරීරයෙ රසායනවල අසමතුලිතතාවයන් ඇති කරමින් කුරුලෑ ඇතිවීම සිදුවෙනවා. මෙවැනි කුරුලෑ මුහුණ , සහ පපුව ප්‍රදේශයන් වල හට ගැනීම සිදුවනවා. එම නිසා එවැනි තත්ත්වයන් පාලනය කර ගැනීමට කිරි තේ පානය හැකිතාක් අවම කල යුතුයි.

• මල බද්ධය

තේ වල කැෆේන් තියෝෆිලයින් නම් තවත් රසායනයක් අඩංගු වනවා. ශරීරයේ විෂහරණය කිරීමට, ඔබේ මනස සහ මාංශ පේශි සන්සුන් කිරීමට සහ රුධිර ප්‍රවාහය වැඩි දියුණු කිරීමට තියෝෆිලයින් ඉතා සෞඛ්‍ය සම්පන්න වනවා.එහෙත්, ඔබ වැඩිපුර තේ පානය කරන විට, මෙම රසායනිකය ඔබේ ශරීරය වියලීම සහ එය විජලනය කිරීම නිසා දැඩි මලබද්ධයක් ඇති කිරීමේ හැකියාව පවතිනවා.

• රුධිර පීඩන අසමතුලිතතාවය ඇති කරයි

අධික ලෙස තේ පානය කිරීමේ බරපතලම අතුරු ආබාධයක් වන්නේ එය රුධිර පීඩනයේ අසමතුලිතතාවයක් ඇති කළ හැකි වීමයි.අධික ලෙස තේ පානය කිරීම හෘද ස්පන්දන වේගය වැඩි කළ හැකි අතර එය අධි රුධිර පීඩනයට එක් හේතුවක් විය හැකියි.නමුත් එය ඉතා හානිකර තත්වයන් කරාද වර්ධනය විය හැකියි.

ඔබ ඔබේ පහසුව වෙනුවෙන් කිරි තේ පානය කිරීමට හුරු වී සිටියත් එය නොසිතන ආකාර වලින් ඔබේ සෞඛ්‍ය කෙරෙහි අහිතකර ලෙස බලපෑම් එල්ල කරනවා. මේ ලිපියෙන් අපි ඔබට ගෙන ආවේ එවැනි ප්‍රධාන බලපෑම් කිහිපයක් ගැනයි. 

Related Articles

Don't Miss


Latest Articles