ඔබත් කේන්තිය හංගන කෙනෙක් ද?

කේන්තියකින් ඉන්නේ කියලා නොපෙන්වන නොපිළිගන්නා අයට විනාශකාරී හැඟීම් තියෙන්න පුලුවන්. ඉතින් දැන් අනික් කෙනාට මෙහෙම කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න ක්‍රමයක් හිතාගන්නත් බෑ. කරන කිසිම දෙයක් මේ අයට හොඳත් නෑ.

මෙන්න මෙහෙම අය ඔබත් දන්නවා ද? නැත්නම් ඔබ ඒ වගේද?

Passive aggressive කියලා මේ තත්ත්වය හඳුන්වනවා.

තමන් Passive Aggressive ද කියලා තේරුම් ගන්න හොඳම ක්‍රමයක් තමයි වෙනත් කෙනෙක් විදියට තමන්ව සලකලා තමන් ඇතුළේ ඒ කියන Passive Aggressive හැසිරීම් තියෙනවද කියලා හිතලා බලන එක. තමන්ගේ හැසිරීම් රටා ගැන දිනපතා ලියන්න පුරුදු වුනොත්, ඒත් තමන් Passive Aggressive ද කියලා අඳුනගන්න පුලුවන් වෙයි.

තමන් Passive Aggressive වෙන තැන් අඳුනගත්තට පස්සේ අපිට පුලුවන් ඒ ඒ හැසිරීම් වලට හේතු වුණු කරුණු කාරණා මොනවද කියලා හොයලා බලන්න.

තමන්ටම Passive Aggressive හැසිරීම් නැති කරගන්න පුලුවන් තමන් Passive Aggressive කියලා දැනුණු අවස්ථාවක් තේරුම් ගැනීමෙන්.

  • කාත් එක්කද ඒ දේවල් දැනෙන්නේ.
  • එයත් එක්ක තමන්ගේ සම්බන්ධතාවය
  • ඇත්තටම වැ‍රැද්දක් වුනා නම් ඒ කාගෙන්ද
  • ඒ කෙනා තමන්ව පාලනය කරන්න උත්සාහ කලාද
  • කොහේදිද කොයි වෙලාවේද වුණේ
  • සිදුවීමට ඔබ දක්වපු ප්‍රතිචාර මොනවද
  • අන්තිමට සිද්ධ වුනේ මොකක්ද

කියලා තේරුම් ගැනීමෙන්.

Passive Aggressive එළියට ආවේ නැති, ඇතුළේ බුර බුරා නැගෙන ගින්නක් වගේ තියෙන කේන්තියක්. කෙලින්ම කේන්තිය විදියට එලියට එන්නේ නැතිවෙන්න විවිධ හේතු තියෙන්න පුලුවන්. සමහර වෙලාවට කේන්ති ගැනීම වැරදියි කියන හැඟීම. එහෙම නැතිනම් අනිත් කෙනා අපිව පාලනය කරන නිසා කේන්ති ගන්න අවස්ථාවක් නැතිවීම.

අන්න ඒ නිසා තමන්ට යම් දේකට කේන්ති ගිහින් තියෙන බව පිළිගැනීමත්, කේන්ති ගන්න තමන්ට අයිතියක් තියෙන බව පිළිගැනීමත් ඔබට බාරයි.. සමහර වෙලාවට අපිට කේන්ති ගිහින් තිබුණට ඇත්තටම අපි දන්නෙ නෑ මොකක් නිසාද අපි කේන්ති අරන් ඉන්නේ කියලා. එතකොට කරන්න තියෙන හොඳම දේ තමයි හේතු මොනවද කියලා කල්පනා කරන එක.

Passive Aggressive හැසිරීම් ඇතිවෙන්නේ අපිට කෙනෙක් එක්ක තියෙන කේන්තියක් පිටදාගන්න බැරි වුණු වෙලාවට. ඒ නිසා කෙනෙක් තමන් අකමැති දෙයක් කරනවා නම් ඒ ගැන කෙලින් කතා කරන්න.

තමන් Passive Aggressive හැසිරීමක් දක්වනවා කියලා තේරුම් යනකොට වහාම තේරුම් ගන්න මේ තත්වය නැවැත්විය යුතුයි කියලා. තමන්ම හිතන්න මේකට හේතුව, හේතුව නැති කිරීම සහ හේතුව නැතිකරගන්න ආකාරය. අන්න එතකොට මේ තත්ත්වය ලේසියෙන්ම නැති කර ගන්න ඔබට පුලුවන් .

හැබැයි ඔබට ඔබව පාලනය කර ගන්න අපහසු බව දැනෙනවා නම් වහාම මානසික ප්‍රතිකාර වලට යොමු වෙන්න.

Related Articles

Don't Miss


Latest Articles